“මම මීට පසුවත් මුනිවත නොරකිමි”-Günter Grass
නොබෙල් ත්‍යාග ලාබි ජර්මානු කතුවරයෙකුගේ නොබෙල් ත්‍යාගය නැවත ගන්නා ලෙස(අස් කරගන්න ලෙස) ඊශ්‍රාලය නොබේල් ත්‍යාග පිරිනමණ ඇකඩමියෙන් ඉල්ලීමක් කර තිබේ. මෙයට හේතුවී ඇත්තේ ගුන්ඩර් ග්‍රාස් (Günter Grass) නැම්ති එම කතුවරයාගේ කවියක් ය.
2012 අප්‍රේල් 4 වෙනි දිනයේ ජර්මනියේ “සුඩේට්චේ”(Süddeutsche Zeitung) පුවත් පතට “අනිවාර්යෙන් කිව යුතු කාරණා”(“What Must Be Said”) යන මාතෘකාවෙන් ඔහු විසින් ලියන ලද කවියෙන් ඔහු “ඊශ්‍රායලයේ ලෝක සාමයට තර්ජනයක්, ඊශ්‍රායෙලයේ න්‍යෂ්ටික අවි ගැන බටහිර රටවල් බොළඳ අයුරින් හැසිරෙන බවද”පවසා තිබේ.
ඔහුගේ කවියෙන් ස්වල්පයක් සරල පරිවර්තනයක් කර විට මෙසේය:
ඇයි මම මේ දේ දැන් පවසන්නේ??
ඊශ්‍රායලය සතුව තියන න්‍යෂ්ටික අවිත් ලෝක සාමයට තර්ජනයක්ද??
හෙටට පවසන්න කල් දමා එය පමා නොවිය යුතු නිසා මම අදම පවසමි.
කරමින් සිටින අපරාධයන් වලට ව්යාප්තිකාරක අප විය හැක.
එම නිසයි අප කියා සිටින්නේ එම අපරාධයන් වැලක්විය නොහැකියයි.
මම මීට පසුවත් මුනිවත නොරකිමි.
බටහිර රටවල්වල බොළඳකම නිසා මා වෙභෙසයට පත්වී ඇත.
මෑතකදී ජර්මනිය විසින් ඊශ්‍රායලයට සබ්මැරීන යාත්‍රා ලබා දීම මෙම කවියට හේතු විය හැකියැයි මාධ්‍යය වාර්තාවන් පවසයි.
තවත් සති කීපයකින් ජර්මානු පළාත් ජන්ද විමසීම් තිබෙන නිසා ග්රාස්ගේ මෙම මත පලකිරීම ගැන දේශපාලනඥයන් දැඩි අප්‍රසාදය පල කර තිබේ.ග්රාස්ට දී දිබෙන නොබෙල් ත්‍යාගය නැවත ලබා ගත යුතු බව පවසා “එබිරේය” බාශා කතෘවරුන් පිරිසකින් සමත්විත ඊශ්රායිල් සංවිධානයක් විසින් කර තිබු ඉල්ලීම නොබෙල් ත්‍යාග පිරිණමන ඇකඩමිය ප්‍රතිෂේප කර තිබේ.
Leave a Reply