Skip to content
April 13, 2012 / මාධ්‍යවේදියා

හිජාබ් පැලද තරග කිරීමට අනුමැතිය

ජාත්‍යන්තර පාපන්දු තරගාවලියන් වලදී හිජාබ් පැලද තරග කිරීම සදහා තිබූ තහනම් නියෝගය ඉවත් කරගන තිබේ.ගිය මාසයේ ජාත්‍යන්තර පාපන්දුව සම්මේලනයේ නියොජිතයන් අට දෙනෙකුගෙන් සමත්විත කණ්ඩායමක් විසින් කාන්තාවන් හිජාබ් පැලද ක්‍රිඩා කිරීම සදහා වූ මූලික අනුමැතිය දී තිබේ.

පාපන්දු ක්‍රීඩිකාවන්ට වෝල්ක්‍රො(Velcro) වර්ගයේ හිජාබ් පැලදීමටයි අවසර දී තිබෙන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නියොජිතයෙක් වු ජෝර්දාන් කුමාරයා “අලි බින් අල්-හුසයින්” පවසා තිබේ.කෙසේ නමුත් හිජාබ් සදහා වූ මූලික අනුමැතිය මුස්ලිම් පාපන්දු ක්‍රීඩිකාවන්ට තරගා වලියන්වල්ට සහබාගි වීමට විශිෂ්ට අවකාශයක් වී තිබේ.පාපන්දු ක්‍රිඩාවන් වලදී හිජාබ් සදහා වූ අවසන් තීරණය ලබන ජූලි මාසයේ ජාත්‍යන්තර පාපන්දුව සම්මේලනය විසින් නිකුත් කිරීම්ට නියමිතයි.
පාපන්දු ක්‍රිඩාවන් වලදා හිජාබ් පැලද ක්‍රිඩා කිරීම සදහා වූ තහනම් නියෝගය 2007 අවුරුද්දේ ෆිෆා සංවිදානයය විසින් බලාත්මක කෙරුනි.

වෝල්ක්‍රො(Velcro) වර්ගයේ හිජාබ් පැලද සිටින ක්‍රීඩිකාවක් ඉරාන ක්‍රීඩිකාවන්
මුස්ලිම් පාපන්දු ක්‍රීඩිකාවන්

මේ වසරේ ලන්ඩයේ පැවත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියේ හිජාබ් හා අනෙකුත් ආගමික මුහුන/ඔලුවවැසීම තහනම් කරන්න කටයුතු කරන බව 2010 අවුරුද්දේ ෆිෆා සංවිදානය පවසා තිබුනි.
මෙම නිසා ගිය වසරේ 2012 ලන්ඩන් ඔලිම්පික් පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ඇති කන්ඩායම් තෝරාගැනීම සදහා වූ තරග වටයේදි දෙවන තරග වටයේ ඉරාන ක්‍රීඩිකාවන් ජොර්දානය සමග තරග කරේ නැත.පාපන්දු ක්‍රිඩාවෙ හිජාබ් සදහා වූ තහනම ඉවත් කර ගන්න ලෙස එක්සත් ජාතීන්ගෙ සංවිධානයෙන් ෆිෆා සංවිදානයට මාර්තු 1 දින ආරධානාවක් ද කර තිබේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: