දිවයිනේ මාර්ග සංවර්ධනය සඳහා සවූදි රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක්
ශ්‍රී ලංකාවෙහි මාර්ග සංවර්ධනය සඳහා සවූදි අරේබියානු රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක්(~රුපියල් කෝටි 765 ) ලබාදී තිබේ.
සවූදි අරේබියාවෙහි මුදල් අමාත්‍යවරයා හා සංවර්ධන කටයුතු සඳහාවූ සවූදි අරමුදලයෙහි අධ්‍යක්ෂකවරයා වන ආචාර්ය ඉබ්රාහිම් අල් අසාබින් මහතාගේ ශ්‍රී ලංකානු සංචාරයේදී මෙම මුදල් තොගය ලබාදී තිබේ.
නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින සවූදි අරේබියාවෙහි මුදල් අමාත්‍යවරයා අද දින අඟහරුවාද අරලියගහ මන්දිරයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතාවද හමුවී සාකච්ඡා කළේය. මෙහිදි මෙම මුදල් ආධාරය සඳහා දෙරට අතර අවබෝධතා ගිව්සුමකටද අත්සන් තබනලදි. මෙයට සවූදි අරේබියාවෙහි මුදල් අමාත්‍යවරයා හා ශ්‍රේෂ්ට අමාත්‍ය සරත් අමුනුගම මහතාද අත්සන් තැබුවෝය.
මෙම අවස්ථාවට අමාත්‍ය රිෂාද් බදියුදීන්, නියෝජ්‍ය අමාත්‍ය නිර්මල් කොත්තලාවල, ශ්‍රී ලංකාව සඳහාවූ සවූදි අරේබියානු තානාපති, භාණ්ඩාගාර ලේකම් පි . ජයසුන්දර ඇතුළු බොහෝ පිරිසක් සහභාගිවී සිටියෝය.
Leave a Reply