බදුල්ලදී එළුවන් සොරකම් කර මරාදැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්තඩංගුවට
සිංහල ජාතිකයන් කිහිප දෙනෙකු විසින් මුස්ලිම් ජනතාවගේ එළුවන් සොරකම් කර කපාකොටා මරාදමයි
බදුල්ල ප්‍රදේශයේදී මුස්ලිම් ජනතාවට එරෙහිව දිගටම ප්රචණ්ඩ ක්‍රියාවන් සිඳුවෙමින් තිබේ. මෙවැනි තත්වයක ඊයේ දින 25-11-2012 බදුලුපිටිය නැමති ස්ථානයේදි මුස්ලිම් ව්‍යාපාරිකයකුට අයත් එළුවන් හය දෙනෙකුව සොරකම්කරගෙන ගොස් නෙළුම්ගම හංදියේදී කපා කොටා මරාදමා තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්තඩංගුවට පත්වූ තිදෙනා අතර එක් අයකු මාළු ව්යාපාරියකුද තවත් කෙනෙකු ලංගම සේවයකුද අනෙකා ත්රීරෝථ රථ රියදුරෙකුදවේ.
පසුගිය සිකුරාදා දින මුස්ලිම් ජාතිකයකුට අයත් වෙළඳසැලකදී බෞද්ධ සලකුණු සහිත අත් මේස තිබුණු චෝදනා මත මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකුව අත්තඩංගුවට ගෙන පසුගිය සිකුරාදා දින ඇප මත නිදහස්කර තිබුණි. එලෙස අත්තඩංගුවට ගත් දෙදෙනාව නිදහස් නොකරන්නයි ඉල්ලා බොදු බල සේනා නැමති සංවිධානයකින් විරෝධතාවයක්ද පවත්වා තිබුණි.එම අවස්ථාවේදී මුස්ලිම් ජාතිකයෙකුට අයත් ත්‍රි රෝද රථයකටද බරපතල හානි සිදු කර ඇත .
මේ අතර සිංහල හා මුස්ලිම් ජනතාව අතර ප්රචණ්ඩත්වයක් ඇතිවන පරිදි ක්‍රියාකළ එම සංවිධානය අද දින 26-11-2012 බදුල්ල පොලීසිය ඉදිරිපිට සිය දෙනෙකු පමණ රැස්වී එළුවන් සොරකම් කළ චෝදනාමත අත්තඩංගුවට පත්වූවන්ව නිදහස් කරන්නයි ඉල්ලා විරෝධතාවක නිරතවී තිබේ.
බදුල්ල නගරයේදී දිගින් දිගටම ජාතීන් අතර ප්රචණ්ඩත්වයන් ඇතිවන පරිදි ක්‍රියාවන් බහුලවී තිබේ. මේ සම්බන්ධයෙන් අදාල බළධාරීන් තම අවධානය යොමුකළ යුතුය.
Leave a Reply