මහත්වරුනේ, දැන් මම අන්තවාදියෙකු යැයි කියාපල්ලා!
රෝහිත මුණසිංහ සහෝදරයාගේ “මහත්වරුනේ, මට ජාතිවාදියෙකුයෑයි කියාපල්ලා !” යන ලිපියට පිළිතුරක්:
සුළු ජාතික ප්‍රශ්ණ පිළිබදව මහා ඉහළින් කතාබහ කරන රජයක් වර්ථමාන ශ්‍රී ලංකාව පාලනය කරන අතර සුළු ජාතිය මහා ජාතියේ ජාතික හෙනය කර ගනිමින් කෑමොර දෙන්නෝද දැන් දැන් මේ පින් බිමේ අති බහුලය. රෝහිත මුණසිංහද මේ මහා ජාතික හෙනයට විරුද්ධව නැගී සිටින දේශප්‍රේමියෙකු බව අගවමින් ඉදහිට හිස එළියට පොවමින් කෑ මොරදෙන අවස්ථා කිහිපයක් අපි දැක ඇත්තෙමු. මේද එවන්වූ රෝහිත මුණසිංහ සහෝදරයාගේ දේශප්‍රේමය සීමා මායිම් බිද ඉලිප්පී ආ අවස්ථාවක් වන්නට ඇත.
කෙසේ වුවද ඔහු පළමුවෙන් සුළු ජාතීන්ට තම ඇගිල්ල දික්කර පවසා සිටින්නේ උපන් මව් රටට එරෙහි වන බවය. පිට රටවලට තමන්ට මව් රටින් වන කෙණෙහිලි කම් ගැන ගතු කියන බවය. ඇතැම් විට රෝහිත සහෝදරයා පසුගිය කාලයේ ඔහුගේ මව් රටේ නොසිටින්නට ඇත. ආසන්නතම සිදුවීම ලෙස ලෝකයේ ඇතැම් මහා රටවල් එක්ව අපේ රටේ ප්‍රධාන නායකයින් දඩුකදේ ගහන්නට සැරසුනු ජිනීවා සමුළුව අවස්ථාවේ මෙරටේ මහා ජාතිය සමග හරි හරියට වීදි බැස උපන් රට වෙනුවෙන් හඩ නැගූ මුස්ලිමුන් ඔහු නොදකින්නට ඇත. නැත්නම් යන්තම් ඇහැ ගැටෙද්දී අනිත් මිනිසුන්ගේ ඔළුගෙඩි වලට තමන් පටවන වෛරය පිළිබද කතාන්තර බොරු බව සිහිවී අහක බලා ගන්නට ඇත.
දෙවනුව මුණසිංහ සහෝදරයා සත්‍යයක් පවසයි. එනම් මුස්ලිමුන්ට ඔවුන්ටම අනන්‍යය වූ න්‍යාය පත්‍රයක් ඇති බවය. සැබෑය. මුසල්මානුවන් කිසි දිනක එම න්‍යාය පත්‍රයට අනුව මිස පිට පැන නැත. එහෙත් එම න්‍යාය පත්‍රය කිසි දිනක අදෘශ්‍යමාන නොවන්නේය. එය විනිවිද දැකිය හැකිය. එහෙත් එයට විවෘත මනසක් අවැසිය. කෙතරම් න්‍යාය පත්‍ර තිබුනද මුසල්මානුවන් තම මව්බිමට එරෙහිව පිටට ගතු කීවේ කවදා කොතැනකදීද යන්න පැහැදිලිව පවසා තිබුනා නම් වඩා හොදය. එහෙත් එසේ පවසන්නට සිද්ධීන් මහා ජාතියේ ඉතිහාසයට මුසල්මානුවන් කිසිදා එක්කර නැත.
තෙවනුව මහා ජාතියේ තේජස රකින බුද්ධ ධර්මය මහා ජාතියේ පිනට ලද්දක් බව පවසන මුණසිංහ සහෝදරයා සිංහලයන් යනු සිංහල අධ්‍යාත්මයට ගැඹුරු ආදරයක් නැති තුප්පහි ජාතියක් යැයි කියන්නේය. නොරටින් මෙරටට පැමිණෙන ඕනෑම ජරාවක් තමා මත පටවා ගැනීම, ජාතික අනන්යයතාවයන් ඔවුන් විසින්ම වනසා දමන ජාතියක් බව කියයි. එසේ නම් අනුන්ගේ ඇහේ ඇත්තේ කුමක්දැයි හොයන අතරේ තමන්ගේ ඇහේ ඇනී ඇත්තේ කුමක්දැයි යන්නද යසට හදුනා ගෙන ඇත. ඔහු මේ අවස්ථාවේද සැබෑව පවසා ඇත. මන්ද මෑතදී අප ඇසූ වැලිකඩ සිරගෙදර සිදුවීමේදී මෙයට කදිම උදාහරණ එළියට පැන්නේය. එදා සිදුවීමේදී මියගිය මැරයන්, කුඩු ජාවාරම් කරුවන් හා ස්ත්‍රී දූෂකයින් අතර තිරිසන් ලෙස හංවඩු ගැසූ මුහම්මද් ලා ගැන කතාවක් අපට නොඇසීමය. මේවා කෙසේ වුවද බුදු දහම ඉතා යහපත් දහමක් බව අපිද දනිමු.
සිංහල යුවතියකට හා මුස්ලිම්වරයෙකුගේ බිරිද වූ සිංහල කතකට තම මුස්ලිම් පෙම්වතා බුද්ධාගමට හරවා ගැනීම හෝ තම මුස්ලිම් සැමියා බෞද්ධාගමිකයෙකු කිරීමට නොහැකි වීමට කාරණය ඉස්ලාමයෙන් තම අනුගාමිකයන්ගේ සිත් තුළ ඇති කරන ආගමික විශ්වාසයේ තරම වන්නට ඇත. කෙසේ වුවද මුස්ලිම්වරුන්ගේ ව්‍යාපාර මෙන්ම ජන කොට්ඨාශයක් ලෙස ඔවුන්ගේ වර්ධනයත් මේ රටේ බහුතර ජනයාට නොව ඇතැම් නාමික දේශප්රේමීනට වදයක් බව ද පිළිගත යුතුය.
අවසානයේ මුණසිංහ සහෝදරයා මුස්ලිම් කාන්තා ඇදුම පිළිබද කතිකාව අරඹා ඇත. කලකට පෙර මොට්ටැක්කිලියෙන් හිස වසා ඉද හිට පාර තොටේ ඇවිද ගිය මුස්ලිම් කත අද මුළු සිරුරම වසාගෙන නිතර සමාජයේ ගැවසෙන බවද පවසා ඇත. දහම පිළිබද අධ්‍යයනය හේතුවෙන් ඇතිවන ස්ථිර විශ්වාසය විනා මෙකී ඇදුමට කිසිවෙකුට බලපෑම් කල නොහැක.
අනෙක් අතට ඕනෑම තක්කඩියෙකුට මෙකී ඇදුම හැද ගොස් තම තක්කඩිකම් කල හැකි බවද ඔහු පවසා ඇත. ප්‍රභූ ආරක්ෂාවටද මෙය බලපාන බවද ඔහු නැවත නැවත පවසා ඇත. ඒ පිළිබදව අසන්නට ඇත්තේ මෙපමණකි. එන්න එන්නම තක්කඩීන් හොරුන් මගඩින් තම තක්කඩිකම් නිදහසේ කරන්නේ මුස්ලිම් කාන්තා ඇදුම නිසාද? මහ මද්දහනේ දහස් ගණන් ගැවසෙන නගරයේ ඒ සියළු දෙනාගේ ඇස් පනා පිට මිනිසුන් මරා දමනා මිනී මරුවා පැමිණෙන්නේ හිසේ සිට පාදාන්තය තෙක් කලු ඇදුමක් පොරවාගෙනද? නැත ඔහු දැන් චිත්‍රපටයක මෙන් දෑසම හෝ එක ඇසක් වසාගෙනවත් පැමිණෙන්නේ නැත. දරු ගැබක් උසුලාගෙන සිටින මවක් විනාශ කරන්නට දූෂකයා පැමිණෙන්නේ කලු ඇදුම ඇග ලා ගත් මුස්ලිම් කතක් විලසින්ද නැතිනම් මේ සමාජයේ ගෞරවණීය ඇදුමකින් සැරසීද? මේ මුස්ලිම් කාන්තා ඇදුම මහ ජාතියට බලපෑම් කරන අයුරුද?
අවසානයේ ඔහු කියන්නේ “නියෙන් කපන්නට හැකි දේ පොරවෙන් කපා දැමීමට තබා ගත යුතු නොවන” බවය. සැබෑය. අපටද පෙරලා කියන්නට ඇත්තේ එයමය. මව්බිම නසන තක්කඩිකම් හොර මැර කම් වලත්තකම් වනසන්නට කල යුත්තේ මුස්ලිම් කාන්තාවගේ රෙදි ගැලවීම නොව නිදැල්ලේ සරණ අමනයින් නීතියේ රැහැනින් බැද මේ තක්කඩිකම් වලට අවසානයක් ලබා දීමය. ජාතියේ අනන්යයතාව රකින්නට නම් කල යුත්තේ ආගමික ඇදහීම් පසෙකලා අනුන්ගේ කුණු කන්දල් ඇවිස්සීම නොව “වැවයි දාගැබයි ගමයි පන්සලයි” උදෘතය සිහි කොට වැරදුනු තැන් හදා ගැනීමය. පිට රටින් පටවන නැහැදිච්චකම් බදා වැළද ගැනීම අතහැර සිංහල රටේ මුසල්මානුවන් පවා ඉස්සර සිංලුන්ගෙන් දුටු සිංහල කම යළි ඉස්මතු කර මේ රට මගෙ රට මා ඉපදුනු සිරි ලක බව ලෝකයට සිහිකර දීමය. මුස්ලිම් ගැහැණියගේ රෙදි ගලවා ඇය අඩ නිරුවතින් දැකීමට සිහින බැලීමට ප්‍රථම ඇන්දාද නොඇන්දා සේ මහ මග සරන හැහැණියට අමතක සිංහල ගැහැණිය පිළිබද කියා දීමය. නැත්නම් නුදුරේදීම දියණිවරුන්ගේ , කාන්තාවන්ගේ මෙන් “කාන්තාවන් ඇදුම් අදින දිනය” යනුවෙන්ද වසරේ දිනයක් නම් කිරීමට සිදුවනු නොඅනුමානය.
මුණසිංහ සහෝදරයෝ … සියළු සේනා එක්ව සිංහල ජාතිය මෙකී ව්‍යසනයන්ගෙන් ගොඩ ගැනීමට කටයුතු නොකර අනුන්ගේ කුණු සොයමින් කබර ගමනින් ඇවිදින තාක් උපදින උපදින සෑම පරපුරකටම සිදුවන්නේ ඔබ පැවසූ අයුරින්ම වස කා කැලයට රිංගීමට හෝ මුහුදට පැනීමටය.
By:U H
කනගාටුවෙන් වුව කිව යුත්තේ මෙවැනි පුද්ගලයන්ට ඇත්තේ ජාතිවාදය නමැති ඉතා පහත් මානසික අබාධයකි . මොවුන්ට තමන් කරන්නේ , කියන්නේ කුමක්දැය් නොවැටහේ. එයට හේතුව ඉහත කී රෝගයෙන් පෙලෙන නිසය් . නිකමෙක් වගේ ඉන්න මේවගේ අයට, ප්‍රසිද්ද වෙන්න මොකක් හරි කියන මෙයාලට කියන්නට ඇත්තේ, මෙරටේ මුස්ලිමුන්ගේ ඇත්තේ රට වෙනුවෙන් දිවි පිදු වීර ඉතිහාසයකි. එසේ නොමැතිව පාවාදීමේ ඉතිහාසයක් නොවේ. හොඳම උදාහරණය කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ පෘතුගීසීන් සමග වූ සටන ගත හැකිය්. එහිදී කවුරුන් කවුරුන්ව පාවා දුන්නාද කියා සොයා බැලුවොත් වැටහේවි. රාජසිංහ රජුගේ කාලයේත් ඔහුව පාවාදුන්නු සෙනෙවියන්ගෙන්, තම දිවි පුද කර ආරක්ෂාව සලසුවේද මුස්ලිමුන්ය. එනිසය් රජුට විස්වාසවන්ත යැය් සැලකූ මුස්ලිමුන්ව තම ආසන්නයේ පදිංචි කරවනු ලැබුවේ. අකුරණ, උයන්වත්ත, දෙවනගල, මෙවැනි ස්ථාන කීපයකි. නියපොත්තෙන් කඩන්න ඇති දේ පොරොවෙන් කපන්න වෙනවා ඔබලාගේ මවුවරු, දූවරු, සොහොයුරියෝ, තව නොබෝකලකින් බටහිර රටවල වගේ මහමග ප්‍රසිද්දියේ පවුල් කන්න වුනාම. බටහිර ඉඳුල් හිස මත්තේ තබාගෙන බුදින, අනුන්ගේ කකුලෙන් අදින ස්වකීය විනිවිද බාවයක් නොමැති මේ මහත්තය වගේ අයට , අපට කියන්නට ඇත්තේ තමන්ට නියාය පත්‍රයක් නැතිනම් හදාගන්න කියාය් .ඒක තව ජාතියකට කෙනෙහිලිකම් කරන පත්‍රයක් නොවිය යුතුය් . එනිසා අප මේවගේ අයගෙන් ඉල්ලා සිටින්නේ කරුණු කාරණා සොයා නොබලා අන්තවාදී විදිහට අදහස් ප්‍රකාශ කර ජනතාව උසිගන්වීමෙන් වැළකී සිටින්න කියාය් .