තාලිබාන්වරුන්ට විරුද්ධව ආයුධ සන්නද්ධ කණ්ඩායමක්
නැගෙනහිර ආෆ්ගානිස්ටානයේ තලිබාන් වරුන්ට විරුද්ධව ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ආරම්භ වී ඇතිබව ව්දෙස් මාධ්‍යයන් අනාවරණය කරයි. ආෆ්ගන් ජනතාවගේ ආරක්ෂාව පිණිස “දේශීය පිබිදීමේ සන්ග්විධානය” යන නමින් නැගෙනහිර ආෆ්ගානයේ ගම්මාන 4 ක සාමාන්‍ය වැසියන් මෙසේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී ඇත.ආෆ්ගාන් රජයත් තලිබාන් සන්ග්විධානයත් තමන්ගේ යහපතට විරුද්දව ක්‍රියාකිරීම නිසා තමන්ට මෙවන් තීරණයක් ගැනීමට සිදුවී ඇති බව එම ගම්මාන වැසියන් පවසා තිබේ.
ආෆ්ගානිස්ටානයේ සාමාන්‍ය වැසියෙන්ට විරුද්ධව එල්ලවන ප්‍රහාර මේ වසරේ 36% ප්‍රතිශතයකින් අඩුවී ඇත.ගතවුණු මාස 7 තුල සාමාන්‍ය වැසියන් ඝාතනයට ලක්වීම සැලකිය යුතු තරමින් අඩුවී ඇත.
කෙසේනමුත් තලිබාන්වරුන් රජයේ හමුදාවට එරහිව කරන ප්රහාරවලදී සාමන්‍ය වැසියන් ඝාතනයට ලක්වීම හා ප්‍රහාරයට ලක්වීම නිසා මේ සංග්විධානය පිහිටුවාගැනීම සිදුවූ බව ඔවුන් පැවසුවත් ඇෆ්ගානිස්ටානය තවත් අස්ථාවර කිරීම සදහා ඇමෙරිකා ප්රමුඛ නේටෝ රටවල් විසින් මෙම ආයුධ සන්නද්ධ කණ්ඩායම අරඹා ඇති බව විල්ලේශයකයන් චෝදනා එල්ලකරයි.
Leave a Reply