ලංකාවට ෂරියා නීතියට සමාන නීතියක් අවශ්‍යයි.- විමල් වීරවංශ
අද ශ්‍රී ලංකාව තුල දවසින් දවස අපරාදකරුවන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතියි. ඒ නිසා අපරාදකරුවන්ට ලබාදෙන දඩුවම් සහ නීතිරීති වල යම්කිසි වෙනසක් ඇතිකිරීමට රජය සහ නීති අමාත්‍යංශය කටයුතුකළ යුතු බවට නිවාස ඉදිකිරීමේ අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර ඇත.
ළමා අපචාර , කාන්තා දූෂණය සහ මත්කුඩු ජාවාරම් වැනි වැරදිවලට අරාබි රටවලට සමාන නීතියක් ශ්‍රී ලංකාව තුලත් ක්‍රියා කලයුතු බවට ද ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.. ඔහු එසේ සදහන් කලේ ග්‍රෑන්ඩ්පාස් හිදී අලුතෙන් ඉදිකළ සමාජ සේවා ගොඩනැගිල්ල විවුර්ත කිරීමේ උත්සවය අමතමිනි .
අද ශ්‍රී ලංකාව තුල සාමාන්‍යයෙන් දවසකට ළමා අපචාර 6 ක් සිදුවෙන බවට අපිට පත්තරවලින් දැකගත හැකිය. පත්තරවල දැකගත නොහැකි ළමා අපචාරද තිබිය හැකිය. මෙවැනි අපරාදකරුවන් සිර ගෙදරට යවමින් පලක් වී නැත. ඔවුන් ඔවුන්ගේ ගෙවල් වලට සමාන පහසුකම් ද සිර ගෙදරතුල භුක්ති විදී. ඔවුන්ට අවශ්‍ය සැම දෙයක්ම සිර ගෙදරතුල සිටම ලබා ගත හැකිය. ඒ නිසා එවැනි අපරාදකරුවන් හිර ගෙදර යවමින් පලක් සිදු නොවන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
source:-lankamuslim.org
Leave a Reply