Skip to content
April 16, 2012 / මාධ්‍යවේදියා

ගාල්ල දෙමළ ජනතාව වෙත ප‍්‍රහාරයක්-නිවාස 7ක් ගිනිබත්වේ..

ගාල්ල ඇල්පිටිය දිලිතුර වතුකරේ වෙසෙන දෙමළ ජනතාවන් වෙත බහුතර ජාතිකයන් විසින් පහරදී ඔවුන්ගේ නිවාසවලට ගිනි තබා වටිනා භාණ්ඩයන්ද කොල්ලකා ගොස් ඇතයි ශ‍්‍රී ලංකා අද දෙරණ දෙමළ පුවත් අන්තර්ජාලය ප‍්‍රකාශකර තිබේ.

ඇල්පිටිය දිලිතුර ප‍්‍රදේහයේ ජීවත්වන හමුදා සෙබළෙකු නිවාඩුව ගතකිරීම සඳහා තම ගමට පැමිණි විගස එහි සිටින දෙමළ ජනතාවන්ව හමුවී තමන්ට මහත්මයා හෝ සෑර් යැයි පැවැසිය යුතුයැයි තර්ජනයකර තිබේ. නමුත් ලක්වැසියන්වූ ප‍්‍රදේහයේ දෙමළ ජනතාවන් එම සෙබළාට යටත්වී යෑමට ප‍්‍රතික්ෂේපකර තිබේ. එමෙන් එම දෙමළ ජනතාව කෙරෙහි සෙබළාට දැඩි වෛරයක් ඇතිවී තිබේ.

මෙවැනි තත්වයක පසුගිය 11වැනි දින අලුත් අවුරුදු නිවාඩුවට පැමිණි එම සෙබළා(නමින් රුවන් කුමාර) වතුකරයට ගොස් එහි සිටි දෙමළ තරුණයකුගෙන් තමන්ව සෑර් යැයි අමතන ලෙසට බලකර තිබේ නමුත් එම තරුණයා එසේ පැවැසීමට අකමැත්ත පලකිරීමෙන් ලබන අලුත් අවුරුදු සමයේදී ඔබලාව සලකන්නමි යැයි එම සෙබළා පවසා එයින් ඉවත්ව ගොස් තිබේ.

ඔහු පැවැසූ පරිදි ඊයේ 14වැනි දින පෙරවරුවේ 10ට පමණ දිලිදුර වතුකරයට පැමිණි එම සෙබළා තමන්ට සෑර් නොකියපු තරුණයාට ඔහුගේ නිවසතුලදීම දැඩි ලෙස පහරදී තිබේ. එවිටි එහි පැමිණි තවත් දෙමළ තරුණයක් කුමකටද පහරදෙන්නේදැයි විමසා තිබේ. එම අවස්ථාවේදී එහි පැමිණි තවත් සිංහල තරුණයක් 30 දෙනෙකු පමණ එක්වී එම තරුණයන් දෙදෙනාටම තඩිබා එහි පිහිටි නිවාස 7ට ගිනිතත් කර ඇත.

එපමණක් නොව පාපැදි – යතුරු පැදි – ත‍්‍රීරෝද රථවලටද ගිනි තබා නිවස්වල තිබුණු රන් ආභරණ – මුදල් ඇතුළු රන් ආභරණද කොල්ලකා තිබේ. මෙම ප‍්‍රහාරය නිසා රුපියල් ලක්‍ෂ 90ක් පමණ අලාභ හානි සිදුවී ඇතයි හිංසාවට පත්වූ දෙමළ වැසියන් පවසා තිබේ.සිද්ධිය සමිබන්‍ධයෙන් වහාම ඇල්පිටිය පොලිසියට දැනුමිදී ඇති අතර පොලිසියද සිද්ධිය ස්ථානය පැමිණ තිබෙි. පොලිසිය පැමිණ සිටින අවස්ථාවේදීද නිවාසවලට ගිනි තැබූ බවට ඇසින් දුටු සාක්‍ෂියන් පවසා තිබෙි.

එම ස්ථානයට පැමිණි පොලීසිය තත්වය පාලනය කිරීමට දැඩි වෙහෙසක් දැරූ අතර සිද්ධියට සමිබන්‍ධයැයි සැකපිට දෙමළ තරුණයන් දෙදෙනෙකු අත්තඩංගුවට ගෙන තිබෙි. තවත් දෙමළ තරුණයන් කිහිප දෙනෙකුව පොලීසිය විසින් සොයමින් සිටියි.

චන්ද‍්‍රකුමාර් හා සමින්දකුමාර් නැමැති තරුණයන් දෙදෙනා මෙහිදි අත්තඩංගුවට පත්වී තිබේ. ඇල්පිටිය -දිලිතුර වතුකරෙහි දෙමළ පවුල් 520කට අයත් දෙමළ ජනතාවන් 3400 දෙනෙකු ජීවත්වෙමින් සිටිති. අධ්‍යාපන පැතින් උසස් මටිටමක් නොමැති නමුත් තේ වතුවල වැඩකරමින් හොදින් මුදල් උපයා ගෞරවනීය ජීවිතයක් ගතකරමින් සිටිති.

යුද්ධය අවසන්වී රටතුල ජාතිකයන් අතර සමඟියක් ඇති කිරීමට වෙහෙස දරන අතරවාරයේ මෙලෙස සුළු ජාතිකයන් වෙත ප‍්‍රහාර එල්ලකිරීමෙන් යළි ජාතිභේදයක් ඇතිවිය හැකිබවට සමාජවේදීන් පවසා තිබේ.
thanks :ada derana -tamil

One Comment

Leave a Comment
  1. තම්බියා. / Apr 16 2012 5:29 am

    අනුන්ගේ කුණු හෝදගන්න කලින් සිංහල මිනිස්සු තමන්ගේ කුණුටික හෝදගන්නවනම් වඩා හොඳයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: