Skip to content
December 26, 2011 / මාධ්‍යවේදියා

බලපිටියේ සිද්ධිය ගැන අදාළ පුද්ගලයන්ගෙන් අතිගරු ජනාධිපතිතුමාට 2011-11-05 දින යවන ලද ලියුම

මොහමඩ් ශිහාබ්ඩීන් මොහමඩ් සරූක්
ජා.හැ අංකය 571160650V
අංක. 176/8
සිංහල මුස්ලිම් මිත්ර8 මාවත
බලපිටිය.
ව්යාටපාරික ස්ථානය: ශාලිකා මිල්ක් බාර්
162 ඒ ගාලු පාර
බලපිටිය.
2011-11-05

 

අතිගරු ජනාධිපතිතුමා,
ශ්රීර ලංකා ප්රපජාතන්ත්ර වාදී ජනරජය,
අතිගරු ජනාධිපතිතුමණි. 
 බලපිටියේ ඇතිවූ සත්‍ය සිද්ධියයි මේ.

ඉහත නම් සඳහන් මාගේ කිරිහල ආරම්භ කර දැනට පුරා වසර 05ක් ගතවූ අතර හත්වතාවක් (07) ක් හොරුන් එම වෙළඳ සැල කඩා බඩු රැගෙන ගොස් ඇත.මා අවස්ථා 3ක් අහුංගල්ල පොලිස් ස්ඨානයේ පැමිණිලි කර ඇත.පසුගිය ඔක්තෝබර් 27 වන බෘහස්පතින්දා අළුයම මා ආගම අදහන අවස්ථාවේදී මාගේ නිවසට දුරකථන ඇමතුමකින් අළුයම 4.20 ට පමණ කිරිහල අසලට ඉක්මණින් පැමිණෙන ලෙස අයෙකු පැවසුවා.ඒ අනුව මා ගියා එවිට එහි සිටි අය පැවසුවා හොරුන් සිව්දෙනෙකු පැමිණ කඩය කැඩීමට උත්සහ දැරූ බවත් ඔවුන් එම අයව එලවා හැරිය බවත්.
ඔක්තෝබර් 28 වන සිකුරාදා අළුයම 4.20 ට පමණ මුස්ලිම් පල්ලියට යන අවස්ථාවේදී සිංහල මුස්ලිම් මිත්රබ මාවතේ ගාලු පාර පෙනෙන සීමාවේ සුදු ඇදුම් ඇදගත් පුද්ගලයින් දෙදෙනෙකු සිටියා.මා වේගය වැඩිකර ගාලු පාර දෙසට යනවිට මාගේ කිරිහල අසලට තවත් දෙදනෙකු එහා මෙහා ගමන් කරමින් සිටියා.එවිට මා ගාළු පාර දෙසට දිව්වා. ඒ සමගම සිව් දෙනෙකු ඉතා වේගයෙන් කොළඹ පැත්තට දිව්වා.
එදින රාත්‍රී මා මගුල් ගේකට සහභාගිවීම සඳහා අම්පාරට ගියා.අම්පාරේ සිට ඔක්තෝබර් 29 සෙනසුරාදා දින උදේ කිරිහල හිමිකාරියගෙන් එදින රාත්රී් තත්වය විමසුවා.ඇය පැවසුවා අළුයම 3.00ට පමණ හොරුන් 06 දෙනෙකු පැමිණි බවත් කිරිහලේ ඉබ්බා කැඩීමට උත්සාහ දැරූ අතර එහි ශබ්දය ඇසූ විගසම “මෙන්න හොරු “කියා කෑ ගැසුවා.ඔවුන් කිරිහළේ වීදුරු ජනේලයට ගලක් ගසා දිව් බවත් කීවා. මා ඇයට කිවා අහුංගල්ල පොලීසියට ගොස් ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙස. ඒ අනුව ඇය පොලීසියට ගියත් පැමිණිලි ලියන මහතා සැකකරුවකු නැති නිසා පැමිණිලි දැමීම අනවශ්යල බව.ඒ අනුව ඇය ආපසු පැමිණියා.
ඔක්තෝබර් 29 රාත්රීු මා අම්පාරේ සිට නැවත බලපිටිය බලා පැමිණියා.එදින රාත්රීඇ 11.50ට පමණ කිරිහලේ ගොඩනැගිල්ලේ හිමිකාරියට මා දුරකථනයෙන් අවධිව සිටින ලෙස කීවා.
ඔක්තෝබර් 30 දින අළුයම 02.00ට පමණ මා අම්බලන්තොට සිට දුරකථනයෙන් කිරිහලේ ගොඩනැගිලි හිමිකාරියට අවධියෙන් සිටින ලෙස කීව. මා පැයක් පමණ අම්බලන්තොට නැවතී සිට අළුයම 03.00ට පමණ නැවතත් දුරකථන ඇමතුමකින් ගොඩනැගිල්ල හිමිකාරිය සමග කතා කලා. එවිට ඇය පැවසුවා,කඩය කැඩීමට හොරුන් සිව්දෙනෙකු කිරිහල අසලත් අයෙකු සිංහල මුස්ලිම් මිත්රො මාවත ගාළු පාරෙන් හමුවන ස්තානයෙත් ,අනෙක් අය තාසිම් ශාලාවේ ගේට්ටුව අ සල සිටි බවත් දුටු බවත් ,කිරිහල අසල සිටි දෙදෙනාගෙන් එක් අයෙකු දොරේ ඉබ්බාට යකඩයකින් ගැසුවාත් සමගම ගෙය හිමිකාරියගේ ස්වාමිපුරුෂයා හොරු කඩේ කඩනවාත් කියා කෑගසා ඇත.
ඔක්ටෝබර් 29දින රාත්රීස 11.00ට පමණ මාගේ නිවස අසල මාගේ සහෝදරියගේ නිවසේ වීදුරුවට කිසියම් අයෙකු ගල් ගසා වීදුරුවෙන් සුලු ප්රමදේශයක් බිඳීඇත.එනිසා මාගේ පුතාත් මාගේ මස්සිනාත් එදින මාගේ කිරිහලට සොරුන් පැමිණීමට ඉද ඇතැය් සිතා කිරිහලට යාබද මුස්ලිම් මහා විද්යාතලයේ ඉඩමේ ප්රගදේශයක රැඳී සිටියා.කිරිහලේ ස්වාමි පුරුශයා හොරු කියා කෑගසන විට සිව්දෙනෙකු කොළඹදෙසට දිවීමට උත්සාහ කරනවාත් සමගම මාගේ පුතාත් මාගේ මස්සිනාත් ගාළු පාරට දුව ඇත. ඒ අනුව එක් අයෙකු මාගේ බෑනාපදිංචිව සිටින නිවසට යන පාර ඔස්සේ ඔහුගේ ඉඩමට දුව ඇත. ඔහු පසුපස දිවීමට ප්රේමාණවත් විදුලි ආලෝකය නඇති නිසා බෑනට විදුලි ලාම්පු ක්රි යාත්මක කරන ලෙස කියා කෑගසා ඇත
ඒසමග ඔවුන්ගේ වත්ත පරීක්ෂා කලත් කිසිවෙකු අල්ලා ගනීමට නොහෙකිව බෑනා සමග කුරුඳු පොලු දෙකක් හා ටෝචෙකක් රැගෙන මුස්ලිම් දේවස්ථානය අසලින් ගාළු පාර දෙසට යනවිට දේවස්ථානයේ ඉදිරියේ පාරෙන් අනෙක් පෙත්තේ ජංගම පොලිස් නිලධාරීන් දෙදෙන්නෙකු සිට ඇත. ඔවුන්ට විස්තර කිව් අතර ඔවුන් එක් අයෙකු පමණක් බලපිටිය බස් නැවතුම්පොල දෙසට දිව් බවට පවසා ඇත. අනතුරුව මොවුන් තිදෙනා කඩය දෙසට පැමිණෙන විට ආනන්ද මහතාට හිමි ලොකු නිවසේ ආලින්දයේ වාඩිවී සිටි කාන්තාවක්
ඒ අසල තිබූ අළුත් නිවසක් තැනීමට අත්තිවාරම් දමා ඇති පැත්ත දෙසට අත යොමුකර ඇත. එම ස්ථානයේ දෙනට වසර කීපයකට පෙරමුස්ලිම් හෝටලය පවත්වා ගෙන ගිය අතර එහි පිටුපස බිත්තිය පමණම් ඇතඉ අතර ඒ අසල පරණ බිඳුණු බෝතල්, වීදුරු කටු කොන්ක්රීඅට් කෑලිවලින් පිරී ඇත.මුස්ලිම් හෝටලයේ අවසාන බිත්තියේ ඉහල දෙදෙනෙකු සිටි බව මාගේ පුතා ඇතුළු තිදෙනා දැක ඇත.ඒ අනුව ඔවුන් පොලු දෙකකින් ඔවුන්ට පහර දී ඇත.
ඒ අනුව ඔවුන් දෙදෙනා බෝතල් කටු හාවීදුරු කෑලි මතට වැටීඇත. ඒ අනුව මාගෙ පුතා ඇතුළු අනෙක් දෙදෙනා ජංගම පොලිස් නිලධාරීන්ට කතාකර මොවුන්ව භාරදී ඇත.ඒ අවස්ථාවේදී වීදුරු වලට බෝතල් කටුවලට කැපී ලේ ගොස් ඇත. අහුංගල්ල පොලිස් ස්ථානයේ ජීප් රථයද එම ස්ථානයට පැමිණ ඇත.මේ දෙදෙනාම මාගේ පුතා ඇතුළු අනෙක් දෙදෙනා ජීප් රථයට ඇතුල්කර ජංගම පොලිස් මහතුන්ට විස්තර පැහැදිලිකර ඇත.
මෙම සිදුවීම සිදුවූ ස්ථානයත් පොලිස් ජංගම නිල්ධාරීන් දෙදෙනා සිටි ස්ථානයත් අතර දුර ප්රරමාණය මීටර් 80ක් පමණ ඇත. පසුව මාගේ පුතා පොලීසියට පැමිණිලි කිරීමට ගියත් ස්ථාන භාර පොලිස් නිලධාරිතුමා විසින් ඔක්තෝබර් 30 දින උදේ 11.00ට පැමිණෙන ලෙස පවසා ඇත. අම්පාර සිට පැමිණි මා සහ මාගේ භාර්යාවද අහුංගල්ල පොලීසියට ඒ විගස ගියා.මගෙන් කට උත්තර පොලිස් නිලධාරි මහතෙකු විසින් සටහන් කරගත්තා.
එදිනම රාත්රීී 11.30ට පමණ මා සහ මාගේ පොඩි පුතා නිදා සිටි ස්ථානය දෙසට වහලේ උළු කැටයක් ගලවා පෙට්ර ල් වත්කලා. ඒ සමග පුතා ගෙදරින්පැනීමට උත්සාහ කලා. ඒ සමගම එම ප්රඋදේශය ගිණි ගත්තා.ඔක්තෝබර් 31 දින මගේ නිවසට පැමිණි SOCCO ඒකකයේ පොලිස් නිලධාරි මහතුන් විසින් කවුරුන් හෝ පිටස්තර පුද්ගලයෙකු විසින් නිගමනය කලා.ගෙදරට ඇතිවූ ගින්න අසල්වාසීන් විසින් නිවා දමා අලාභය අවම කලා.
මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස ඉතා යටහත්ව මා ඉල්ලා සිටිමි.
මෙයට -විශ්වාසී

[මොහමඩ් සරූක්]

බලපිටියේ සිද්ධියෙන් පසු හිස ඔසවන බෞ_ද අන්තවාදය………ලගදීම
බලපිටියේ සිද්ධියෙන් මුස්ලිම්වරුන්ට “දෙනිස්වඩෙ” ……….ලගදීම

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: