Skip to content
August 2, 2012 / මාධ්‍යවේදියා

රාජගිරියේ දාරුල් ඊමාන් මස්ජිදයයට දිගින් දිගටම තර්ජන…දවස් තුනක් තිස්සේ වසා දමා ඇත.

19-07-2012 දින රාත්‍රියේ භික්ෂුන් පිරිසක් විසින් රාජගිරිය හි පිහිටි මස්ජිදුල් දාරුල් ඊමාන් නැමැති දේවස්ථානයට පැමිණ එය වසා දැමිය යුතු බව තර්ජනය කර තිබුණි.එයට හේතුවී තිබුණේ එම ප්‍රදේශයේම පදිංචි සිංහල ජාතික දේශපාලංඥයෙක් විසින් සංවිධානය කෙරුණු “ඉෆ්තාර්” වැඩ සටහනකට සහබාගි වීම සදහා එදින සාමාන්‍ය දිනවලට වඩා පල්ලියේ සෙනග පිරී තිබු අතර පල්ලිය වෙනදාට වඩා විදුලි බුබුලු වලින්ද අලංකාර කර තිබීමයි.එම වෙලාවේ මුස්ලිම් වරුන් විසින් රාමදාන් මාසයේ මුස්ලිම් වරුන් පල්ලියට ඇදී ඒමට හේතුව හා ..එදා දවසේ මස්ජිදය උත්සව ආකාරයක් ගත් හේතුවද පැහැදිලි කර දීමෙන් පසුව එම භික්ෂුන් වහන්සේලා පිරිස නිහඬව විසිර ගොස් ඇත.

පසුව මස්ජිඩ් භාරකාර මණ්ඩලය එම ප්‍රදේශයේ විහාරාධිපති වෙත දැනුවත් කර තිබේ එවිට විහාරාධිපති මෙයට විසදුමක් දෙනතුරු දවසක්  මෙම මස්ජිදය තාවකාලිකව වසන ලෙසත් පවසා ඇත .එම විහාරාධිපති මුස්ලිම් වරුන් සමග සුහදව   අන්යෝන්‍ය  වශයෙන් සිටින නිසාත් දේවස්ථානයේ ආරක්ෂාව ගැනත් සිතා  භාරකාර මණ්ඩලය විහාරාධිපතිගේ කීම අසා මෙම මස්ජිදය තාවකාලිකව වසා ඇත .
පසුව ඊලග දවසේ විහාරාධිපති ව හමුවූ විට මෙම ප්‍රශ්නය දුරදිග ගිහින් ඇති නිසා තමාට කිසිවක් කල නොහැකි බව පවසා ඇත .දවස් තුනකට පසු වද මෙම මස්ජිදය වසා තිබෙන බව ජම්මියතුල් උලාමා සංගමය දැනුවත් කර ඇත .

මෙම දේවස්ථානය නිත්‍යානුකුලව ලියාපදිංචි කල එකක් බවත් ,මෙම මස්ජිදය නැවත
විවෘත කිරීම සදහා සියලු නීත්‍යනුකූල අන්දමෙන්  කටයුතු  සිදුකරන බවත් ,මෙම ක්‍රියාව හෙළා   දකින බවත් සමස්ත ලංකා ජම්මියතුල් උලමා සංගමය පවසයි.
Source:virakesari(02/08/2012),www.jaffnamuslim.com,www.lankamuslim.org
July 31, 2012 / මාධ්‍යවේදියා

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අබූ ෆුවාඩ් අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු, ක්‍රිකට් කළමණාකරුවෙකු හා ක්‍රිකට් පරිපාලකයෙකු වූ අබූ ෆුවාඩ් මහතා ජුලි 28 වෙනි දින කොළඹදී අභාවප්ප්‍රාප්ත විය. අභාවප්ප්‍රාත්ත වන විට 75 වන වියේ පසු වූ ඒ මහතා කොළඹ වෙස්ලි විද්‍යාලයේ අදී ශිෂ්‍යයෙකි.

ඔහු කාලයක් තිස්සේ වකුගුඩු රෝගයෙන් පීඩා විද තිබේ.
1960 හා 1970 දශකයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ෆුවාඩ් මහතා පළමු ටෙස්ට් ජයග්‍රහණය(1985) වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරවරයා ද විය.

July 31, 2012 / මාධ්‍යවේදියා

තවත් කුරුමානමක් වැරදුනාවත්ද ???

පසුගිය ඉරු දින සවස රාජගිරිය ක්‍රීඩා මාවතේ පිහිටි මස්ජිදයක් බෞද්ධ වීවරදාරීන් විරිසක් විසින් වටලා එහි පැවත් වූ ආගමික වතාවන් වලට විරෝධය පා තිබේ. එම ප්‍රදේශයේම පදිංචි සිංහල ජාතික දේශපාලංඥයෙක් විසින් සංවිධානය කෙරුණු “ඉෆ්තාර්” වැඩ සටහනකට සහබාගි වීම සදහා එදින සාමාන්‍ය දිනවලට වඩා පල්ලියේ සෙනග පිරී තිබු අතර පල්ලිය වෙනදාට වඩා විදුලි බුබුලු වලින්ද අලංකාර කර තිබේ.මේ හේතුකොට ගෙන අනවශ්‍ය භීතිකාවක් ඇතිකරගත් විවරදාරීන් පිරිස මස්ජිදය වටලා තිබේ.

පසුව මුස්ලිම් වරුන් විසින් රාමදාන් මාසයේ මුස්ලිම් වරුන් පල්ලියට ඇදී ඒමට හේතුව හා ..එදා දවසේ මස්ජිදය උත්සව ආකාරයක් ගත් හේතුවද පැහැදිලි කර දීමෙන් පසුව එම පිරිස නිහඬව විසිර ගොස් ඇත.

July 31, 2012 / මාධ්‍යවේදියා

මුස්ලිම් විරෝධී වෙබ් අඩවිවලට විරුද්ධව ක්‍රියාමාර්ග-ලගදීම

කාලයක් තිස්සේ සිට සැලසුම් සහගතව පවතාගෙන යනු ලබන සිංහල භාෂා ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි හා බ්ලොග් අඩවි මගින් බෞද්ධ හා මුස්ලිම් ජනතාව අතර ද්වේශය වපුරමින් සිටින බව නවමනි කතෘ අතිගරු ජනාධීපති තුමනව දැනුවත් කර තිබේ .දවස් කීපයකට පෙර මහරගම අරාබි විදුහලේ පැවැත්වීමට නියමිතව තිබු නායකත්ව පුහුණු වැඩමුළුවේ ප්‍රචාරක පත්‍රිකාව විකෟති කර ජිහාඩ් පුහුණු වැඩසටහනක් බව පෙන්වීමට ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි තුලින් කටයුතු කර ඇති බවත්, එවැනි ක්‍රියා මගින් ලංකාවේ සාමය නැතිවි යා හැකි බවත් ජනාධිපතිතුමගේ අවධානයට යොමු කරන ලදී .
මෙයට පිළිතුරු දුන් ජනාධිපති “මෙවැනි ව්‍යාජ වෙබ් අඩවීන් හා බ්ලොග් අඩවීන් තහනම් කරන බවත් එමගින් සමහරුන් තමාව එකදිපති පාලකයෙක් ලෙස ප්‍රචාරය කල හැකි බවත්” පවසා තිබේ  .
අරලියගහ මැදුරේදි පහුගිය සදුදා පුවත් පත් කතෘ වරුන් සමග පැවැත්වූ සාකච්චාවේදී මේ බව පැවසිය.

Source:jaffnamuslim.com

July 29, 2012 / මාධ්‍යවේදියා

ශ්‍රී ලංකාවෙහි මුස්ලිම් මද්රසා පාසල්වල ත්‍රස්වාදී ක්‍රියාකාරකම් නැහැ – ගොඨබය රාජපක්‍ෂ



දිවයිනතුල පිහිටි මුස්ලිම් අරාබි මද්රසා පාසල් කිසිවක ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් කිසිවක් නොමැතයි ආරක්‍ෂක ලේකම් ගොඨබය රාජපක්‍ෂ මහතා පවසා තිබේ. මෑතකදී ආරක්‍ෂක ලේනම් ගෝඨබය රාජපක්‍ෂ මහතා හමුවී සමස්ත ලංකා ජම්යතුල් උලමා නියෝජිතයන් සාකචිඡා කර තිබේ. එහිදි ජම්යතුල් උලමාවෙහි නායක රිස්වි මූෆ්ති මහතා විසින් අසනලද ප්‍රශ්ණයකට පිළිතුරැ දෙමින් ආරක්‍ෂක ලේකම්වරයා මේ බව පවසා තිබේ.


රිස්වි මූෆ්ති මහතා විසින් දිවයිනයෙහි පිහිටි මුස්ලිම් අරාබි පාසල් කිරෙහි ත්‍රස්තවාදී මඩ ගැසීමට ඇතමුන් තැත්කිරීම සම්බන්‍ධයෙන් අසනලද ප්‍රශ්ණයකට පිළිතුරැදුන් ආරක්‍ෂක ලේකම් ගොඨබය රාජපක්‍ෂ මහතා දිවයිනතුල පිහිටි මුස්ලිම් අරාබි මද්රසා පාසල් කිසිවක ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් කිසිවක් නොමැතයි පවසා තිබේ.

මේ සම්බන්‍ධයෙන් අදහස් ප්‍රකාශකළ ශ්‍රී ලංකා පොලිස්පති ඉලන්ගකෝන් මහතාද මෙම තොරතුර තහවුරැ කරනපරිදි දිවයිනතුල මුස්ලිම් අරාබි මද්රසා පාසල් කිසිවක ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් කිසිවක් නොමැතයිද පවසා තිබේ.

source:-http://lankamuslim.org/2012/07/28/%E0%AE%87%E0%AE%B2%E0%AE%99%E0%AF%8D%E0%AE%95%E0%AF%88-%E0%AE%85%E0%AE%B0%E0%AE%AA%E0%AF%81-%E0%AE%AE%E0%AE%A4%E0%AF%8D%E0%AE%B0%E0%AE%B8%E0%AE%BE%E0%AE%95%E0%AF%8D%E0%AE%95%E0%AE%B3%E0%AE%BF%E0%AE%B2/

July 26, 2012 / මාධ්‍යවේදියා

කුරුණෑගල දෙදුරුඔය-ගම දේවස්ථානයේ නවතම තොරතුරු



කුරුණෑගල වෙල්ලාව පොලිස් බලප්‍රදේශයේ ඇති දැදුරුඔය ගම නම් ප්‍රදේශයේ ඇති දේවස්ථානය(මස්ජිදුල් අක්රම් ) නැවත විවුර්තකර ආගමික වතාවන් සිදුවෙන  බව මුස්ලිම් කවුන්සිල් නායක අමින් මහතා ප්‍රකාශ කරයි .


එම ප්‍රදේශයේ 24-07-2012 දින රාත්‍රියේ නොසන්සුන් තාවයක් ඇති වූ බවත් දැනට එහි පොලිස් ආරක්ෂාව තර කර ඇති බවත් වාර්තා වේ .


ඉහත දේවස්ථානය වැසුනු අවස්ථාවේම ජම්මියතුල් උලමා සංගමය,මුස්ලිම් දේශපාලකයන්  හා මුස්ලිම් කවුසිලය එක්ව එම සිද්දිය පොලිස් පති තුමාගේ අවදානයට යොමු කොට එහි ආරක්ෂාව තර කොට නැවත ආගමික වතාවත් සිදු කිරීමට පියවර ගත්හ .

පහුගිය දවසක උලමා සංගමය ,මුස්ලිම් කවුන්සිලය ,ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මැති තුමා  සමග සාකච්චා කල බවත් එහිදී මුස්ලිම් ජනතාවට යම්  ප්‍රශ්නයක් ඇති වුනොත් තමාව අමතන ලෙසත් පැවසිය ,එලෙසෙම මෙම දේවස්ථානයේ ආරක්ෂාව පිළිබද ප්‍රශ්නය නිරාකරණය කල හැකිවිය

එළබෙන දවස වල මෙවැනි ප්‍රශ්න ඇති කිරීමට සමහරක් අය මාන බලන බැවින් එවෙනි දෙයක් සිදු වුනොත් මුස්ලිම් අය ඉවසීමෙන් කටයුතු කොට වගකිවයුත්තන් දැනුවත් කොට එහි ඇති වූ ප්‍රශ්නය පහසුවෙන් නිරාකරණය කල හැකි බව අමින් මහතා පවසයි.

July 25, 2012 / මාධ්‍යවේදියා

කුරුණෑගල දේවස්ථානයකට කලහකාරීන් පිරිසක් විසින් මැර ප්‍රහාරයක්



කුරුණෑගල දැදුරු ඔයගම අල් අක්රම් දේවස්ථානය ඉදිරියට භික්ෂුන් ප්‍රමුක 150 කට අධික පිරිසක් කලහකාරී ලෙස හැසිරුණ අවස්ථාවක් ඊයේ රාත්‍රියේ (24-07-2012) වාර්තාවේ ,මෙම පැමිණි පිරිස දේවස්ථානයේ සිටි  මුස්ලිම් වරුන් අපහසු තාවයට පත්වෙන පරිදි හැසිරී ඇත .මේ සමගම පොලිස් අධිකාරි (IP) ලන්සක්කාර මහතා  පැමිණ භික්ෂුන් ප්‍රමුක කලහකාරී  පිරිස ඉවත් කර  ඇත .මෙම දේවස්ථානය රජයේ ලියාපදිංචි කර ඇති දේවස්ථානයකි .

මේ පිළිබද වැඩි විස්තර ලැබුණු විගස …
July 17, 2012 / මාධ්‍යවේදියා

මුස්ලිම්වරුනි අසත්‍ය තොරතුරැ පැතිරවීමෙන් වලිකින්න ..

ගතවුණු සතිකීපය තුල බුරුමයේ රෝගින්යා ප්‍රාන්තයේ වෙසන මුස්ලිම් වරුන්ව කෘර ලෙස මරා දෙමීමේ සිද්ධීන් දිගින් දිගට ජාත්‍යන්තර මාධ්‍යයන් වල පලවී තිබුණි.මුහුණු පොතේ ද එම සිදුවීම සම්බන්ධ දැනුවත් කිරීම් වැඩි වශයෙන් දැකගත හැකි විය. බුරුමයේ මුස්ලිම් වරුන්ට විරුද්ධව ජන සංහාරයක් ඒකරාශි වෙමින් පවතින බව හා මුස්ලීම්වරුන් අවුරුදු ගණනක් තිස්සේ ඉතා දුක් කම්කටලු ජීවිතයක් ගතකරන බවත් ලෝකයම පිළිගන්නා කරුණකි.නමුත් සිද්ධිය එසේ පවතිද්දීද ලංකාවේ සිංහල මාධ්‍යයන් ඊට ප්‍රතිවිරුද්ධ හා ඉතා නින්දාසහගත බොරු ප්‍රචාරයක් ගෙනගියේය.එය “බුරුමයේ මුස්ලිම් වරුන් බෞද්ධයන්ව මරා දමන බවත්,බෞද්ධයන් බංගලාදේශයට පලා යමින් සිටින බවත්” ය.
මුස්ලිම් වරුන්ද සැබෑ තත්වය නොදැන මුහුණ පොතේ ,ඊමේල් හා බ්ලොග් හරාහා වෙනස් ආකාරයේ සාවද්‍ය ප්‍රචාරයක් නොදැනුවත් කමින් ගෙනයමින් සිටියි.තායිලන්තයේ මුස්ලිම් වරුන්ට තායිලන්ත හමුදාවෙන් පහර දෙන පින්තූර හා ටිබෙටයේ භූමිකම්පාවෙන් විපතට පත්වූවන් භූමිධාන කිරීමේ පින්තූර යෙදොගෙන බුරුමයේ මුස්ලිම් වරුන්ට බෞද්ධයන් එල්ල කරපු ප්‍රහාරයක් ලෙස හුවා දක්වා නොදැනුවත්කමින් පතුරුවා හැරීමයි.
එසේ පතුරුවා හරින ලද පින්තූර පෙළක් පහත දැක්වේ.

තවත් පින්තූර සමඟ නිවැරදි ප්‍රවෘත්තිය බලන්න click කරන්න.(Proof Link)

මෙය චීන ජනාධිපතිගේ ඉන්දියා සංචාරයට විරෝධය පාමින් ටිබෙට් ජාතික උද්ඝෝෂණ කරුවෙක් තමන්වම ගිනි තියාගැනීමින් විරෝධය පල කළ අවස්ථාවක්.නිවැරදි ප්‍රවෘත්තිය බලන්න click කරන්න.(Proof Link)
මෙය තායිලන්ත හමුදාව රාජ්‍ය විරෝධී මුස්ලිම් උද්ඝෝෂණ කරුවන්ට සළකණ ආකාරය.
1.click කරන්න.(Proof Link)
2.click කරන්න.(Proof Link)
2009 වසරේ මියන්මාර් හමුදා ප්‍රහාරයන්ගෙන් දිවි ගලවාගත් මියන්මාර් මුස්ලිම් වරුන් ඉන්දුනීසියාවට සංක්‍රමණය වූ අවස්ථාවක් .click කරන්න.(Proof Link)
1997 වසරේ මියන්මාර් Bago නගරයෙහි පිහිට ඇති මුස්ලිම් පල්ලියක් බික්ෂුන් සමුහයක් විසින් ප්‍රහාර එල්ල කර අත්පත්කරගත් ආකාරයයි .
1.click කරන්න.(Proof Link) 2.click කරන්න.(Proof Link)
2012/07/25  දීනයේ කාශ්මීරයේ මුස්ලිම් ආගමික නායකයෙක්ගේ සොහනක් ගිනිබත්වන ආකරයයි.click කරන්න.(Proof Link)

මියන්මාරයේ/බුරුමයේ මුස්ලිම් වරුන්ට එල්ලවූ ප්‍රහරය නිසා ඔවුන් බංගලාදේශයට පලායන අවස්ථා සනිටුහන් කරන හා පිළිගන්න හැකි පින්තූර පෙළක් අපි රැස්කරගන්නා ලදී.

මීට අමතර
තවත් පින්තූර පෙළක් මුහුණු පොතෙන්…..බලන්න click කරන්න.

මෙතරම් ඇත්ත තත්වය පිළිගන්න හැකි පින්තූර තිබෙද්දී සම්බන්ධයක් නොමැති තායිලන්තයේ හා ටිබෙටයේ පින්තූර බෙදාහැරීම නිසා බුරුමයේ ඇත්ත තත්වය බොරුවක් කරීමට සමත්ව ඇත.මේලෙසම ඇෆ්ගනිස්ථාන්,සිරියා,බොස්නිය,පැලස්තීනය,ඉරාක් වැනි රටවල් වල මුස්ලිම් වරුන් මුහණ දෙන,මුහණදුන් ජන සංහාරයන් වල පින්තූර සමග බොරු පින්තූරද එකතුකිරීමෙන් එහි සිදිවූ ඇත්ත තත්වය වසන් කිරීමට ද කුමන්ත්‍රණ කරුවන්ට හැකිවිය.
Will continue…….
Bookmark this article & Come again.

July 16, 2012 / මාධ්‍යවේදියා

ලෝකේ ලාබාලතම නගරාධිපති බටහිර ඉවුරෙන්

ලෝකේ ලාබාලතම නගරාධිපති කියන නම ගාසා තීරයේ වයස අවුරුදු 15ක් වූ “බෂෙර් ඔත්මන්” ශිෂ්‍යාව අත්කරගෙන ඇත.එය වයඹ “බටහිර ඉවුරෙ” ටුල්කාරම් යන නගරයේ අල්ලර් යන නගර සබාවට මාස දෙකකට තාවකාලික නගරාධිපති ලෙස කටයුතු කිරීමට නියමතයි.අධිකරණ කරැනු හැර අනික් සෑම කටයුත්තකටම නීත්‍යානුකූල බලතල ලබා දී ඇත.එය නීත්‍යානුකූලව තේරීපත්වූ නගරාධිපති වූ “සුෆියාන් ශදිඩ්” ගේ අධීක්ෂණය යටතේ ක්‍රියා කිරීමට නියමිතයි.

තරුණ තරුණියන්ව දිරිගේන්වීමේ ගාසා තීරයේ හමාස් රජයේ වැඩසටහන්වල  එක අංගයක් ලෙස තරුණ තරුණියන්ගේ නායකත්ව හා කළමනාකාරිත්ව නිපුණතාවන වැඩි දියුණු කිරීමේ අරමුණින් බෂෙර් ඔත්මන් මේ මාසදෙකක කාල සීමාව සදහා නගරාධිපති ලෙස පත්කර තිබේ.බෂෙර් ට මේ කාලසීමාවේ ග්‍රීෂ්ම ඍතු පාසල් නිවාඩු කාලයයි.

“තාරුණ්‍යයට මූල්‍ය අනුග්‍රහය දෙනවාට වඩා අනුබල දෙන්න පුළුවන් හොද ක්‍රරමද ඕනෑතරම් තිබේ.පළමුව,අපි ඔවුන්ට ඔවුන්ගේ ක්‍රමයට හා අධිෂ්ඨානය අනුව ක්‍රියාකිරීමට තිබෙන බාදකයන් අකුලා දැමිය යුතුයි. අපිට එය කරන්න පුළුවන්” යනුවෙන් නගරාධිපති වූ “සුෆියාන් ශදිඩ්” පවසා ඇත.

July 15, 2012 / මාධ්‍යවේදියා

අල්කෛදාවෙන් මස්ජිද්වලට ප්‍රහාර


බටහිර අප්‍රිරිකානු රටක් වන මාලි ටිම්බුක්කට් නගරයේ පිහිටා තිබු “යුනෙස්කෝ” ලෝක උරුමයක් ලෙස නම දිනු ටිම්බුක්කට් මස්ජිදය “අන්සාර්දීන්” නම්වූ අල්කෛදා සංවිධානයේ සාමාජිකයන් විසින් විනාශකර ඇත.15 වෙනි සියවසේදී ඉදිකරන ලද මෙම මස්ජිදය හා තවත් මස්ජිඩද් කිහිපයකුත් එම අන්තවාදීන් විසින් විනාශ කර ඇත.පසු ගිය සතිවල ‍‍ෛඑතිහාසික වටිනාකම් වලින් යුත් ස්ථාන වලට හා ඉස්ලාමිය ආගමික නායකන්ගේ සොහන් වලටද ප්‍රහාර එල්ල කර ඇත.මේ අතර අවුරුදු 1325 දී ඉදිකර්ණා ලද තවත් යුනෙස්කෝ ලෝක උරුමයක් වන “සිදීයහ්යා” මස්ජිදයද එම කණ්ඩායම විසින් විනාශ කර තිබේ.

‍ෛඑතිහාසිඅක වටිනාකම් වලින් යුත් මස්ජිදයන් විනාශ කිරීම යුධ අපරාධයක් බව ජගත් අපරාධ අධිකරණයේ නීතිඥයෙකු වන “පට්ටුහ් පෙන්සුඩා” පවසා තිබේ. ‍ෛඑතිහාසික වටිනාකම්වලින් යුත් මේවත් ලෝක උරුමයන්වලට ප්‍රහාර එල්ල කිරීම අප්‍රිකාවේ මුස්ලිම් වරුන්ගේ පැවැත්මේ සාක්ෂීන් විනාශ කිරීමක් ලෙස විශ්ලේෂකයන් පවසයි.
thanks:muslim ulakam

%d bloggers like this: