කැලිෆෝනියානු ආයතනක් විසින් නිපැදවූ නව පාවහනක බුදු රජාණන් වහන්සේගේ රෑපය
කැලිෆෝනියානු ආයතනක් විසින් නිපැදවූ නව පාවහන් මාදිලියක බුදු රජාණන් වහන්සේගේ ප්රතිරෑපය ඇතුලත්කර තිබේ. මෙයට බුදු දහම පිළිපැදින තිබෙත් හා බූතාන බෞද්ධ ජාතිකයන් තම දැඩි විරෝධතාවය පලකර තිබේ.
ඇමෙරිකා කැලිෆෝනියාවෙහි පිහිටි අයිකන් ෂූස් නැමති ආයතනය විසින් මෙලෙස බුදු රජාණන් වහන්සේක ප්රතිරෑපය සමඟ නව පාවහන් මාදිලියක් ඉදිරිපත්කර තිබේ. මෙයට බුදු දහම පිළිපැදින ජනතාවගෙන් දැඩි විරෝධතාවය එල්ලවී තිබෙන අතර එම ආයතනයෙහි ෆේස්බුක් පිටුවෙහිද හෙලාදැක්මේ පුවත් පලවෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් පූසුං සෙරිං නැමති තිබෙත් ජාතිකයා ෆෙස්බුක්හි පවසා සිටියේ. බුදු දහමට අනුව බුදු රජාණන් වහන්සේගේ ප්රතිරෑපයටද ගෞරවය කරන්නෙමු. එම බුදු රජාණන් වහන්සේගේ ප්රතිරෑපය පාහනක දමා තිබීම බුදු දහම පිළිපැදින ජනතාවට අවමන්කරන ක්රියාවකි. එමෙන් මෙලෙස ඔබලා විසින් ඉදිරිපත්කරන ලද පාවහන් වහාම ආපසු ලබාගන්නයි ඉල්ලා තිබේ.
නමුත් මේ සම්බන්ධයෙන් එම ආයතනය විසින් කිසිම ප්රතිචාරයක් නොදක්වා සිටියි. මීට පෙරද ඇමෙරිකානු ආයතනයක් බීර වර්ගයකට හින්දු දෙවියකු වන කාලි දෙවියාගේ නම සඳහන් කරතිබීමෙන් දැඩි අර්බුදකාරි තත්වයක් ඇතිවීම විශේෂත්වයකි.
Leave a Reply