Skip to content
August 2, 2012 / මාධ්‍යවේදියා

රාජගිරියේ දාරුල් ඊමාන් මස්ජිදයයට දිගින් දිගටම තර්ජන…දවස් තුනක් තිස්සේ වසා දමා ඇත.

19-07-2012 දින රාත්‍රියේ භික්ෂුන් පිරිසක් විසින් රාජගිරිය හි පිහිටි මස්ජිදුල් දාරුල් ඊමාන් නැමැති දේවස්ථානයට පැමිණ එය වසා දැමිය යුතු බව තර්ජනය කර තිබුණි.එයට හේතුවී තිබුණේ එම ප්‍රදේශයේම පදිංචි සිංහල ජාතික දේශපාලංඥයෙක් විසින් සංවිධානය කෙරුණු “ඉෆ්තාර්” වැඩ සටහනකට සහබාගි වීම සදහා එදින සාමාන්‍ය දිනවලට වඩා පල්ලියේ සෙනග පිරී තිබු අතර පල්ලිය වෙනදාට වඩා විදුලි බුබුලු වලින්ද අලංකාර කර තිබීමයි.එම වෙලාවේ මුස්ලිම් වරුන් විසින් රාමදාන් මාසයේ මුස්ලිම් වරුන් පල්ලියට ඇදී ඒමට හේතුව හා ..එදා දවසේ මස්ජිදය උත්සව ආකාරයක් ගත් හේතුවද පැහැදිලි කර දීමෙන් පසුව එම භික්ෂුන් වහන්සේලා පිරිස නිහඬව විසිර ගොස් ඇත.

පසුව මස්ජිඩ් භාරකාර මණ්ඩලය එම ප්‍රදේශයේ විහාරාධිපති වෙත දැනුවත් කර තිබේ එවිට විහාරාධිපති මෙයට විසදුමක් දෙනතුරු දවසක්  මෙම මස්ජිදය තාවකාලිකව වසන ලෙසත් පවසා ඇත .එම විහාරාධිපති මුස්ලිම් වරුන් සමග සුහදව   අන්යෝන්‍ය  වශයෙන් සිටින නිසාත් දේවස්ථානයේ ආරක්ෂාව ගැනත් සිතා  භාරකාර මණ්ඩලය විහාරාධිපතිගේ කීම අසා මෙම මස්ජිදය තාවකාලිකව වසා ඇත .
පසුව ඊලග දවසේ විහාරාධිපති ව හමුවූ විට මෙම ප්‍රශ්නය දුරදිග ගිහින් ඇති නිසා තමාට කිසිවක් කල නොහැකි බව පවසා ඇත .දවස් තුනකට පසු වද මෙම මස්ජිදය වසා තිබෙන බව ජම්මියතුල් උලාමා සංගමය දැනුවත් කර ඇත .

මෙම දේවස්ථානය නිත්‍යානුකුලව ලියාපදිංචි කල එකක් බවත් ,මෙම මස්ජිදය නැවත
විවෘත කිරීම සදහා සියලු නීත්‍යනුකූල අන්දමෙන්  කටයුතු  සිදුකරන බවත් ,මෙම ක්‍රියාව හෙළා   දකින බවත් සමස්ත ලංකා ජම්මියතුල් උලමා සංගමය පවසයි.
Source:virakesari(02/08/2012),www.jaffnamuslim.com,www.lankamuslim.org

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: