Skip to content
July 26, 2012 / මාධ්‍යවේදියා

කුරුණෑගල දෙදුරුඔය-ගම දේවස්ථානයේ නවතම තොරතුරු



කුරුණෑගල වෙල්ලාව පොලිස් බලප්‍රදේශයේ ඇති දැදුරුඔය ගම නම් ප්‍රදේශයේ ඇති දේවස්ථානය(මස්ජිදුල් අක්රම් ) නැවත විවුර්තකර ආගමික වතාවන් සිදුවෙන  බව මුස්ලිම් කවුන්සිල් නායක අමින් මහතා ප්‍රකාශ කරයි .


එම ප්‍රදේශයේ 24-07-2012 දින රාත්‍රියේ නොසන්සුන් තාවයක් ඇති වූ බවත් දැනට එහි පොලිස් ආරක්ෂාව තර කර ඇති බවත් වාර්තා වේ .


ඉහත දේවස්ථානය වැසුනු අවස්ථාවේම ජම්මියතුල් උලමා සංගමය,මුස්ලිම් දේශපාලකයන්  හා මුස්ලිම් කවුසිලය එක්ව එම සිද්දිය පොලිස් පති තුමාගේ අවදානයට යොමු කොට එහි ආරක්ෂාව තර කොට නැවත ආගමික වතාවත් සිදු කිරීමට පියවර ගත්හ .

පහුගිය දවසක උලමා සංගමය ,මුස්ලිම් කවුන්සිලය ,ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මැති තුමා  සමග සාකච්චා කල බවත් එහිදී මුස්ලිම් ජනතාවට යම්  ප්‍රශ්නයක් ඇති වුනොත් තමාව අමතන ලෙසත් පැවසිය ,එලෙසෙම මෙම දේවස්ථානයේ ආරක්ෂාව පිළිබද ප්‍රශ්නය නිරාකරණය කල හැකිවිය

එළබෙන දවස වල මෙවැනි ප්‍රශ්න ඇති කිරීමට සමහරක් අය මාන බලන බැවින් එවෙනි දෙයක් සිදු වුනොත් මුස්ලිම් අය ඉවසීමෙන් කටයුතු කොට වගකිවයුත්තන් දැනුවත් කොට එහි ඇති වූ ප්‍රශ්නය පහසුවෙන් නිරාකරණය කල හැකි බව අමින් මහතා පවසයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: