Skip to content
June 20, 2012 / මාධ්‍යවේදියා

ජාතිවාදීන්ට ටොක්කක් අනිමුද?

අපෙන් නිවුස් වෙබ් අඩවියේ කටයුතු තවමත් සම්පූර්ණයෙන්අවසන් නොවුනත්, දිගු කලක් නොගෙන එය ආරම්භ කිරීමට අපි තීරණය කළෙමු.
මේ පින්තූරය බලන්න කෝ..


ජාතිවාදී අදහස් දරන ශ්‍රී ලංකාව තුළ ජාතිවාදයක් ඇති කිරීමට දගලන පිරිසක් විසින් මේ පින්තූරය පළකර තිබූ අතර,ඔවුන්ගේ තර්කය මෝඩ තර්කය වුයේ මේ පකිස්තාන් කොඩිය ඔසවාගෙන සිටින පිරිස ලාංකිකයන් බවයි.කුමන ආකාරයෙන් ඔවුන්ව ලාංකික මුස්ලිම්වරුන් යැයි පැවසුවද යන්න සැක සහිතය.දිගින් දිගට දිගන් දිගට අපහාසයට පත්කරමින් සිටින මේ ජාතිවාදීන් තවමත් බොරු කීම අත්හැර නැත.
එම නිසා “අපෙන් නිවුස්” අපි මෙකී ජාතිවාදීන්ට ටොකු ඇන මේ පිලිබදව පෙහැදිලි කරන්න සිතුවෙමි.
මේ පින්තූර ටික,ඇල්බමය බලන්න

ඇල්බමය බලන්න
මේ පින්තූර පෙලෙන්,ඇල්බමයෙන්   අපි පෙන්වන්නේ ලාංකීය මුස්ලිම්වරුන් තමන්ගේ රටේ “ජාතික ධජය” සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තමන්ගේ සහය ක්‍රීඩා පිටියේ සිටම පලකරන ආකාරයයි.මේ පින්තූර ඇල්බමය ලංකාවේ විශාලම ක්‍රිකට් රසිකයන්ගේ ඇල්බමය ලෙස ඉදිරියේදී දකින්නට ලැබෙවී.
ඔබ ලාංකික බෞද්දයෙක් නම් එසේ නැත්තම් සිංහල ජාතිකයෙක්නම් ඔබෙන් අප ඉල්ලන්නට තිබෙන්නේ මෙවන් ජාතිවාදීන්ට හසු නොවන්න යනුවෙනි. ඔබ එසේ ඔවුන්ගේ ගැටයන්ට හසුවුවොත් රටට උන් අත්කරන්න සැරසෙන මහා විනාශයේ කොටසකරුවෙක් ලෙස ඔබත් එක්වෙන්න ඉඩ තිබේවි.
ඔබ මේ රටේ විනාසය කරා ගෙනියන්න උදව් කරනවාද නෙද්ද යන තීරණය කරන්න.

ඔබ ලාංකික මුස්ලිම් වරයෙක් නම් ඔබ ලංකාවේ ක්‍රිකට කණ්ඩායමට සහය දක්වන පින්තූර අපිට එවන්න. එසේ නැත්තම් http://www.flickr.com/ එකේ ලියාපදිංචි වී “We Are Sri Lankan Muslim,We Support Sri Lankan Cricket Team ” නම් කණ්ඩායමට එක්වී ඔබේ පින්තූරයත් එම කණ්ඩායමට දමන්න.
ඔබ සියලු දෙනා මේ පින්තූර පෙළ හා මේම ලිපිය හැකි තරම් බෙදාහරින්න.

Related Article:

ඒකත් නෝ බෝල්

3 Comments

Leave a Comment
  1. Dilan / Jul 25 2012 2:47 pm

    ශ්‍රී ලංකාවේ ජීවත්වන බොහෝ මුස්ලිම්වරු පකිස්ථානය ක්‍රිකට් ක්‍රීඩාකරන විට එයට සහය දැක්වීම අත්දැකීමෙන් දැක ඇත. එසේ කරන්නේ ඔවුන් මුස්ලිම් නිසාබව සහ මුස්ලිම්වරුන්ගේ රට පකිස්ථානය බව මතයක් අප අතර පවතී. කෙසේ වුවත් ශ්‍රී ලංකාව නැතිනම් තමන් උපන් රට හා පකිස්තානය හෝ වෙන රටක් තරඟ වදිද්දී උපන්රටට විරුද්ධව ප්‍රතිවාදී පිලට සහය දැක්වීම ද්‍රේශද්‍රෝහී ක්‍රියාවකි.
    මා ලංකාවේ වාණිජ අගනගරයේ ජීවත්වන බැවින් සියලුම ජාතීන් ආශ්‍රයකිරීමට ලැබේ. කවුරුන් කෙසේ කීවත් අප සමාජයේ බොහෝ මුස්ලිම්වරු පකිස්තානයට සහයෝගය දක්වති. මෙය නවීන පරපුරෙන් මදක් ඈතට ගොස් ඇති බවක් පෙනේ. මගේ මුස්ලිම් මිතුරන් කිහිපදෙනකුගේම පවුලේ උදවිය පකිස්තානයට සහයෝගය දක්වන අතර මිතුරා හා මම ශ්‍රී ලංකාව වෙනුවෙන් හුරේ දමා ඇති අවස්ථා එමටය. මෙය දෙයසින් දැකගැනීමට අර්. ප්‍රේමදාස ක්‍රීඩා0ගනයේ ශ්‍රී ලංකා – පකිස්තාන තරගයක් නැරබීම ඉතාමත් ප්‍රමාණවත් වේ. එදවසට අවට ශ්‍රී ලංකානු මුස්ලිම් ජනතාවෙන් කොටසක් පකිස්තානයට සහයෝගය දක්වන අයුරු ඔබට දැක ගත හැකිය. කෙසේ වෙතත් බොහෝ තරුණ මුස්ලිම්වරු මෑතකාලයේ ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම සතුටට කරුණකි.

Trackbacks

  1. ඒකත් නෝ බෝල් « අපෙන් news
  2. ඒකත් නෝ බෝල් | අපෙන් news

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: