Skip to content
June 20, 2012 / මාධ්‍යවේදියා

ඒකත් නෝ බෝල්


පොසොන් මස 18 වන සදුදා රාත්‍රි සුන්දරත්වය ශ්‍රී ලාංකීය අපේ වාසනාවකට මහා වරුසාවට සේදී නොගියේය. හැන්දෑව එතරම් දඹ රන් පැහැ නොවුනාට එය ප්‍රේමදාස ජාත්‍යාන්තර ක්‍රීඩාංගන පරිශ්‍රය පුරා දැල්වී තිබූ පහන් එළියෙන් අපූරුවට ආලෝකමත්ව තිබිණ. තරුණ මහළු හෝ සිංහල දමිළ මුස්ලිම් භේදයක් දකින්න‍ට නොවූ ක්‍රීඩාගාර තුළ කාගෙ කාගේත් දෑතේ ලෙළදුන් මව් බිමේ ධජයට සිරිලක් දූ පුතුන්ගේ මුවග රැව්දුන් ජය ඝෝෂා අපූරුවට සංයෝජනය විය. මෙය අපට යළිත් සිහි කළේ ලෝක කුසලාන අවසන් මහා තරගයක අසිරියයි.
වර්ෂාවේ බාධාවන් මධ්‍යයේ පැවැති මෙම තරගාවලිය පුරා අපූර්ව උද්යෝගයක් වූ බැව් සැබැය. තරගාවලිය පුරාවට ප්‍රෙක්ෂකාගාර අතුරු සිදුරු නොමැතිව පුරවමින් තම මව් භූමියේදීම පකිස්තානයට එරෙහිව ජය කැන්දන්නට මහේල ප්‍රමුඛ ලාංකීය සේනාවට ප්‍රේක්ෂකයන් හිමි කර දුන්නේ පුදුමාකාරවූ සහයෝගයකි.
තරගය පවතින සෑම තත්පරයකම ප්‍රේක්ෂක හදවත් ගැහුනේ එකම රටාවකටය. අප කණ්ඩායම පිටියේ පන්දු රකින විටත් මාලිංග හෝ කුලසේකර පන්දු යවන්නට දිව යන විටත් හද ගැස්ම වේගවත් වූයේත්…තිසර පෙරේරා කඩුලු ත්‍රිත්වය ලබද්දී උඩ පැන පැන සතුටු වූයේත් එකම රටාවකටය. ඉදහි‍ට උඩ පන්දුවක් , දුවද්දී දැවීමක් අපෙන් ගිලිහෙද්දී අනේ අපොයි කිවේද එකම ලතාවකටය. අපේ විරුවන් පිතිකරණයේ නිරත විට බූම් බූම් විත් එකම පන්දුවාරයේ එක ලග පන්දු දෙකින් කඩුළු දෙකක් ලබා ගනිද්දී මෙන්ම තරග අවසානයන් අවිනිශ්චිත විට තරමක් නිහඩව අපේ උන්ට ජය පැතුවේත් එකටමය… සියල්ල අවසානයේ තරගයෙන් තරගයත් තරගාවලියේ සමස්ථ ජයත් ශ්‍රී ලාංකීය නාමය ඉදිරියේ ලියැවෙන විට ආඩම්බර සතුටක් සිතට ගැලුවේත් ඒකාකාරීවය.
එහෙත් මෙකී කරුණු කාරණා අතර තම තුචිච පුහු මාන්නයද විසකුරු සිතුවිලි අපේක්ෂාවන්ද කර පින්නාගෙන මෙම පාකිස්තානුවන්ගේ ශ්‍රී ලංකා සංචාරය අතර තුර ක්‍රීඩා ගාරයේ සිට හෝ ඉන් මෙපිට සිට තම අවශ්‍යතා ඉටු කර ගැන්මට මාන බලන්නෝ සිටි බව එක්දින තරගාවලිය නිමා වද්දී පසක් කර තිබුණි. මෙවන් අඩු මානසිකත්වයෙන් යුතුවූවන් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ නොවුනද කිවයුත්ත කිව යුතු යැයි සිතුනෙන් මෙම සටහන තබමි.
ශ්‍රී ලාංකීය හදවත් ජාතිවාදී ප්‍රචන්ඩත්වයකින් පුරවමින් නිදහස් මේ බිම යලිත් ලෙයින් නහවන්නට සැරසෙන්නෝ මෙම සංචාරයද එයට නිමිත්තක් කර ගෙන අහවරය. ලාංකීය මුස්ලිම්වරුන් එක්දින තරගවලදී පාකිස්තාන් කණ්ඩායම දිරි ගැන්වූ බව ජාතිවාදී මන්ද මානසිකයින් පවසා සිටී. මෙකී මානසික රෝගීනට පැවසිය යුතුව ඇත්තේ ලෝකයේ කොතැන දිවි ගෙවූවද පෞද්ගලික රුචිකත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් බවය. එහෙත් මෙසේ වූවානම් ඒ මේ සිරි ලක මව් රට කරගත් සමස්ථ මුස්ලිම් ප්‍රජාවම නොවන බවද කිව යුතුය. කිසිවිටෙකත් අඩු ප්ර්තිශතය බහුතර මතයට සාපේක්ෂව පෙරට එන්නේ නැත. මේ ලංකාද්වීපයේ මුස්ලිම්වරුන්ට මේ සිරිලක ගැන ඇත්තේ පෙරේත කමක් නොව උපන් රට පිළිබදව ඇති ජාත්‍යාලයක් පමණි. මෙම ජාතිවාදීන්ගේ ක්රිතයාවන් හා කතාවන්ට සමස්ථ සහෝදර ප්‍රළජාවම පළි නොවන බවද අපි දනිමු. මන්ද යත් ජාතිය පිළිබද ඇති මෙේ මන්ද මානසිකයන්ගේ කැක්කුම කුමක්ද යන්න මේ වන විට අප හොදින් හදුනන බැවිණි.
අවසානයේ මෙසේ ලියන්නට අමතක නොකරමි..

එදා අවසන් තරගයේදී ප්රේනමදාස තණ නිල්ල දෙවනත් කරමින් පකිස්තානුවන්ට ක්රිැකට් ක්රීයඩාව නැවතත් ඉගෙගන ගත යුතුව ඇතැයි සිහිකරමින් පිතිකරණයේ නියමු මෙහෙවර ඉටු කල ඇන්ජලෝ මැතිව්ස්ට ඔවුන්ගේ ආගමික ඇදහීම හේතුවෙන් කට කැඩුනු කතා කීවේ මුස්ලිමුන්ද නැත්නම් අද මුස්ලිමුන්ට මෙසේ කියනා ජාතිවාදීන්ද…? තරගය දිනවූ හෙයින් ඔහුට වීරත්වය දෙන මේ ගුණමකු පිරිස නොවේද…?

මුස්ලිමුන් මෙසේ කන පතේ පහරන්නේ නැත. අප සැමදා මේ මාතෘ භූමියට දිවි දෙවෙනි කොට ආදරය කරමු.ඒ වාසියට හෝ ජයක් ලබනා විට පමණක් නොව. සැබැවින්ම දැන් ඉතින් අපට කියන්නට ඇත්තේ දැන් ඔය කියනා ජාතිවදය නම් හෙළුවේ පෙන්වන්නට තවත් කිසිවක් ඉතිරිව නැත. හැකිනම් හෙළුව වසාගෙන ඔබ කියන්නාසේම දේශ මාමක වන්න. එවිට හිරිකිතයකින් නොව ආසාවෙන් බලන්නට යමක් තිබේවි. නැත්නම් ඉතින් හැමදාම වන්නේ නෝ බෝල් යැයි සංඥා කරන්නට වීමය. මක් නිසාද යත් නෝ බොල් සංඥා කිරීමෙන් ප්‍රතිවාදියාට මිස ඔහුට බෝලය දමන්නාට හෝ කණ්ඩායමට යහපතක් නොවන බැවිණි.

එහෙනම් ඉතින් ටෙස්ට් තරගාවලියෙදිවත් නෝ බෝල් නොදා ඉන්න වග බලාගමු.

Related Article:

ජාතිවාදීන්ට ටොක්කක් අනිමුද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: