Skip to content
June 1, 2012 / මාධ්‍යවේදියා

ලංකාවට සංග්‍රාමිකව පැමිණියේ සිංහලවරැන්ය දෙමළ ජාතිකයන් නොවේ-අමාත්‍ය ශ්‍රීදරන්!!

(මෙම ප්‍රවෘත්තිය දමිල මාධ්‍යයන් හරහා දැඩි ලෙස මතබේද වලට ලක්වී ඇති කරුණක් වීමත් එමෙන්ම සිංහල මාධ්‍යයන් පළ නොවූ නිසාත් අප විසින් මෙය පළකිරීමට සිතුවෙමු .)

අන්තවාදී අදහස් ප්‍රකාශකරමින් රටතුල ජාතික ප්‍රශ්ණය විසඳීම නවතාදැමීමේ අයහපත් බලවේගයක් මෙන් මෙම බෞද්ධ හිමිවරැන් පෙනී සිටින බවට හෙතම චෝදනාකර තිබේ.

ශ්‍රී ලංකාවෙහි ඉතිහාසයේදි සංග්‍රාමිකයන් ලෙස පැමිණියේ සිංහලවරැන්ය දෙමළ ජාතිකයන් නොවන බව බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා නිසිලෙස වටහාගත යුතුයැයි දෙමළ ජාතික සන්ධානයෙහි පාර්ලිමෙන්තු මන්ත්‍රී ශ්‍රී දරන් මහතා පැවැසිය.

අන්තවාදී අදහස් ප්‍රකාශකරමින් රටතුල ජාතික ප්‍රශ්ණය විසඳීම නවතාදැමීමේ අයහපත් බලවේගයක් මෙන් මෙම බෞද්ධ හිමිවරැන් පෙනී සිටින බවට හෙතම චෝදනාකර තිබේ.
මේදනාන්ද හිමි වහන්සේ විසින් උතුරැ නැගෙනහිර ප්‍රදේශයන් දෙමළ ජාතිකයන්ට අයත් ප්‍රදේශයන් නොවන බවට ප්‍රකාශකර තිබීම සමිබන්‍ධයෙන් උදයන් අන්තර්ජාලයට අදහස් ප්‍රකාශකරමින් ශ්‍රී දරන් මහතා මේ බව පවසා තිබේ.
ශ්‍රී ලංකානු ඉතිහාසයේ සිංහල බෞද්ධ හිමිවරැන්ගේ ක්‍රියාකලාපය ශ්‍රී ලංකාව මුළුමනින්ම සිංහල රටක් යැයි පෙන්වීමේ ආකාරයෙන් තිබේ. ඔවුන් කිසිදිනක ශ්‍රී ලංකාව දෙමළ ජනතාවගේ භූමියක් යැයි නොපිළිගනිති. එවැනි තත්වයක මෑතකදී මේදානාන්ද හිමිවරයාගේ අදහස්ද දැකිය හැක.
උතුරැ නැගෙනහිර දෙමළ ජනතාවගේ මවිබිමය. මෙය අන්තවාදී බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා කිසිකලක පිළිගත්තේද නොමැත. ඔවුන් සත්‍ය ඉතිහාසය නොදැනිමින් සිටිති. ශ්‍රී ලංකානු දෙමළ ජනතාවට යැයි ආවේනිකවූ ඉතිහාසයක් තිබේ. අතීතයේදී යක්‍ෂ නාග වැනි ගෝත්‍රකයන් ජීවත්වූ බවට සාක්‍ෂි තිබේ. ඔවුන් දෙමළ ජාතිකයන්ය. නමුත් සිංහල ජාතිකයන්ගේ පූර්වජනක මුතුන්මිත්වන විජයන් කණ්ඩායම අහමිබෙන් මෙහි පැමිණ පදිංචිවූවන්ය. සංග්‍රාමික ජාතිකයන්වන්නේ ඔවුන්ය.
මෑතකදී පවා පොලන්නරැව – ගාල්ල – අනුරාධපුරය වැනි ප්‍රදේශවලින් සිවන් කෝවිල්වල නටඹුන් සොයාගෙන තිබේ. මෙය සියල්ල ඈත අතීතයේ සිට ලංකාවේ සියළු ප්‍රදේශවලම දෙමළ ජාතිකයන් ජීවත්වී තිබීමට හේතු සාධකය. බෞද්ධ හිමිවරැන් මෙය වසන්කිරීමට තැත්කරමින් සිටිති.
මෑතක සිට ඇතමි බෞද්ධ හිමිවරැන් විසින් දෙමළ ජනතාවගේ ප්‍රදේශවල සැලසුමිකර බෞද්ධ විහාරස්ථාන ඉදිකරමින් සිටිති. සිංහල ජනතාවන් අතර දෙමළ ජනතාවන් ගැන අන්තවාදී අදහස් ප්‍රකාශකර දිවයිනතුල ජාතික ප්‍රශ්ණ විසඳීම කඩාකප්පල් කිරීමේ දූෂ්ඨ බලවේගයක් ලෙස ඇතමි භික‍්ෂුන් වහන්සේලා පෙනී සිටිති.
……………………….<<>>……………… ඔවුන් කාලයෙන් කාලයට මෙවැනි අදහස් ප්‍රකාශකරමින් සිටින බවට ශ්‍රී දරන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.
*GTN පුවත් සේවය*

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: