හිජාබ්,අබාය අදින්නන් හට විරෝධය නොපාන්න.
කොළඹ සිංහල පාසල්හි මුස්ලිම් ළමුන්ගේ මව්වරුන් හට හිජාබ් පැළද පාසැල් භූමියට ඇතුල්වීම සම්බන්ධයෙන් විරෝධය පෑමේ සිද්ධීන් මීට පෙරද අප පළ කළෙමු. කෙසේ නමුත් අප විසින් පල නොකරන ලද හා වෙනත් සිංහල මාධ්‍යන් විසින්ද පල නොකළ පුවත් කීපයක්ද මෙම කාල සීමාව තුල වාර්තා වී තිබේ.(නැවත් කියවීම සදහා:)
සිංහල පාසල්හි ඉගෙන ගන්නා මුස්ලිම් ශිෂ්‍යාවන්ගේ දිගු කලිසම මීට පෙර මෙන්ම ඇදගෙන එන්නටත්, විද්‍යාලයන්හී පැවැත්වෙන උත්සවයන්හීදී සහ ගුරු දෙගුරු රැස්වීම්වල්දීත් මුස්ලිම් මව්වරුන් හට හිජාබ් සහ අබායා ඇද විද්‍යාලයට පිවිසීමට විරෝධය නොපාන ලෙසට දැනුවත් කරමින් බස්නාහිර පළාත් සභා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍ර ලේඛන යවා තිබුණි.
මීට පෙර බස්නාහිර පළාත් සභා අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක රැස්වීමේදි ” මුස්ලිම් ශිෂ්‍යාවන්ගේ දිගු කලිසම බලහත්කාරයෙන් ගැලවීම පිළිබදව සහ අබාය ඇද පැමිණි මව්වරුන්හට විද්‍යාල භූමිය තුලට පිවිසීමට ඉඩ ලබ නොදීම පිළිබදව” දැනුවත් කෙරුවාත් සමගම බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඒ පිළිබදව නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත.
මේ අතර මෙම ප්‍රශ්ණයේදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉතාමත් අගය කළයුතු මැදිහත්වීමක් සිදුකර ඇත.
Leave a Reply