Skip to content
April 19, 2012 / මාධ්‍යවේදියා

ගාල්ල බන්‍ධනාගාරයේදී පහරකෑමට ලක්වූ සිරකරුවන්ව මඩකලපුවට මාරුකරන්නයි ඉල්ලීමක්…

ගාල්ල බන්‍ධනාගාරයේදී රදවා සිටින මඩකළපුව ප‍්‍රදේශයෙහි දෙමළ සිරකරුවෙකුට සිංහල සිරකරුවන් කිහිප දෙනෙකු විසින් පහරදීමෙන් අනතුරුව එම දෙමළ සිරකරුවාව මඩකළපුව බන්‍ධනාගාරයට මාරුකර යවන්නයි දෙමළ ජාතික සන්ධානයෙහි පාර්ලිමෙන්තු මන්ත‍්‍රී අරියනේන්දිරන් මහතා ඉල්ලා තිබේ.
එම සිරකරුවා වෙත පහරදී ඇති බවත් ඔහුව වහාම මඩකළපුව බන්‍ධනාගාරයට මාරුකර යැවිය යුතුයැයි ඔහුගේ ඥාතීන් විසින් තම අවධානයට ඉදිරිපත්කර ඇතයි මන්ත‍්‍රීවරයා පවසා තිබේ.
මඩකලපුව චෙන්කලඩි ප‍්‍රදේශයේ විසූ 31 හැවිරිදි සුබාස්කරන් නැමැති පුද්ගලයා පසුගිය 2009 වසරේදී ගාල්ල වරායේදී සිදුවූ බෝමිබ පිපිරීබේ සිද්ධිය සමිබන්‍ධයෙන් සැකපිට අත්තඩංගුවට ගෙන ගාල්ල බන්‍ධනාගාරයෙහි රදවා තබාතිබේ..

ඔහු සමිබන්‍ධ නඩු විභාගයන් ගාල්ල අධිකරණයේදී පැවැත්වෙමින් තිබේ. මෙවැනි තත්වයක පසුගිය 14-15වැනි දිනවල එහි සිටින සිංහල සිරකරුවන් කිහිප දෙනෙකු ඔහු වෙත පහරදී තිබේ. ඔහු පහරකෑමට ලක්වීම සමිබන්‍ධයෙන් තමන්වෙත පැමිණිලිකර ඇති බවත් ඔහුව මඩකළපුව බන්‍ධනාගාරයට මාරුකරන්නයි ඉල්ලා තිබේ.

මේ සමිබන්‍ධයෙන් බන්‍ධනාගාර කොමසාරිස්වරයාට අමතා ඔහුව මඩකළපුව බන්‍ධනාගාරයට මාරුකර යවන්නයි ඉල්ලා සිටි අතර හෙතෙම මේ සමිබන්‍ධයෙන් වහාම පරික්‍ෂාකර අවශ්‍ය පියවරක් ගන්නා බවත් ඔහු පවසා තිබේ.
Source:Ada derana-tamil,other tamil news sites.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: