Skip to content
April 12, 2012 / මාධ්‍යවේදියා

දිවයිනේ පාසල්වල ආගමික අයිතිවාසිකම්ද උල්ලංගනය වෙයි!!

බස්නාහිර පළාත් සභා අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශක රැස්වීම මහඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මහඇමති කාර්යාලයේදී ගිය සතියේ පැවත්වුනී. මේ අවස්තාවේදී මාලිගාවත්ත “බාරෝන් ජයතිලක” හා දෙමටගොඩ “අනුරුද්ධ බාලිකා” වීද්‍යාලයන්හි පැවත්වුනු ශිෂ්‍ය දින උත්සවයේදී සහ මව්පිය ගුරු සංගම් රැස්වීමේදී මුස්ලිම් ශිෂ්‍යාවන්ගේ දිගු කලිසම බලහත්හාරයෙන් ගැලවීමපිලිබඳව සහ අබායා ඇද පැමිණි මව්වරුන්ට වීද්‍යාලය තුලට පිවිසීමට ඉඩ ලබා නොදීම පිළිබඳව වීශේෂ අවදානය යොමුවී ඇති බවදැනගන්නට ලැබේ.මේ පිළිබඳව වූ වැඩී විස්තර පළාත් සභා මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතා මහ ඇමතිගේ අවදානයට යොමු කලේ මෙසේය. බාරෝන් ජයතිලක වීද්‍යාලයේ ශිෂ්‍ය නායක දිනයේදී මුස්ලිම් ශිෂ්‍යාවන්ට වේදිකාවට යාම‍ට අවශ්‍යනම් දිගු කලිසම ගලවා යන ලෙස අවවාද කර ඇති බවත්, මෙය පිළිකුල් සහගත සහ ලැජ්ජා වියයුතු ක්‍රියාවක් බවත් ඔහු පවසා තිබේ. තවද අනුරුද්ධ බාලිකා විද්‍යාලයේදී පැවති රැස්වීමකට අබායා ඇද පැමිණි මුස්ලිම් මව්වරුන්ට රැස්වීමට පිවිසීමට අවසර ලබා නොදුන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. කොළඹ පාසල් වල මෙවැනි ක්‍රියා බහුලව සිදුවන බැවින් කිසිවිටක මෙවැනි ක්‍රියා සිදුනොවීමට වගබලා ගන්නා ලෙසත් ඔහු දැඩිලෙස අවධාරණය කර ඇත.ඊට පිළිතුරු දුන් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා මේ සිදුවීම් විදුහල්පතිතුමා නොදැනුවත්ව සිදුවී ඇති බැවින් මින් ඉදිරියට මෙවැන්නක් සිදුනොවීමට වග බලා ගන්නා බව පවසා ඇත.මේ අවස්තාවේදී නැගී සිටි පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මැතිතුමා මෙවැනි ක්‍රියා සිදුකරන්නේ හෙළ උරුමයට සම්බන්ද වූ අය විසින් බවත් මේ සිදුවීම ඔවුන්ගේ ප්‍රධාන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් ජිනීවා යාමට තරම් බලවත් බවත් පවසා තිබේ. එයට පිළිතුරු දුන් මුජිබුර් රහ්මාන් මන්ත්‍රී තුමා සභාවේ අවදානය ලබා ගනිමින් පවසා සිටියේ අනාගතයේදී මෙයට විසදුමක් ලැබුනොත් ජිනීවා යාම අනවශ්‍ය බවයි.

පාසල් විදුහල්පතිවරුන් රැස්කර මෙවැනි ක්‍රියා අනාගතයේදී සිදුනොවීමට විදුහල්පතිවරුන්ට මහ ඇමතිතුමා අවවාද කල යුතු බව මෙහිදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම පවසා ඇත.

6 Comments

Leave a Comment
  1. aravinda / Apr 13 2012 1:46 am

    ape newei owa karanne unma thamai

  2. sameera / Apr 13 2012 5:00 pm

    yes aravinda ,mewage jarawa weda karanne me wesa ballo,unta onee rate samagiya winaasa karanna,,,

  3. Suraj / Apr 20 2012 2:55 am

    Sahoderaya, Wachana hasuruweemata danne nethnam bavitha nokaranna. Anunta garu karanna purudu wenna.

  4. Sams / Mar 5 2013 8:00 pm

    ඔය හිජාබ් පර්දාවලට අන්තවාදී සුළු පිරිසක් පමණයි විරුද්ධ නියම විදියට බුදු දහම අනුගමනය කරන අය කවදාවත් විරුද්ධ නැහ

Trackbacks

  1. හිජාබ්,අබාය අදින්නන් හට විරෝධය නොපාන්න. « අපෙන් news
  2. හිජාබ්,අබාය අදින්නන් හට විරෝධය නොපාන්න. | අපෙන් news

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: