Skip to content
April 5, 2012 / මාධ්‍යවේදියා

මුස්ලිම් සහොදරත්ව සංවිධානය ජනාධිපති වරණ සටනට!!!

ඊජිප්තු ජනාධිපති වරණයට සහබාගිවන තමන්ගේ අපේක්ෂකයාව මුස්ලිම් සහොදරත්ව සංවිධානය විසින් නම් කර තිබේ.ජනාධිපති වරණයට සහබාගි නොවනවා කිවූ පෙර තීරණය වෙනස් කරමින් මේ නම් කිරීම කර තිබේ.
මෙ අනුව ලබන මෑයි මාසයේ 23,24 දින වල පැවැත්වීමට නියමිත ජනාධිපති වරණයට මුස්ලිම් සහෝදරත්ව සංවිඩානය නියොජන කරමින් එම සංවිධානයේ උප සභාපති “කයිරත් අල් ශාදිර්” තරංග කරන්නට නියමිතය. ඊජිප්තු ජනතා විප්ලවය සුනු විසුණු කරන්නට උත්සාහයන් දියත්ව පවතින නිසා එයට විරුද්ධව මෙම තීරණ‍යට පැමිණි බව එම සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයෙක් වෙන මහ්මූද හුසයින් පවසා තිබේ.එලෙසම අවසාන මොහොතේදී ජනාධිපති වරණයට නාම යෝජනා බාරදීම නිසා ඡන්ද සටන තවත් වැඩි කර තිබේ.
මුස්ලිම් සහෝදරත්ව සංවිධානය මීට පෙර පාර්ලිමේන්තු මැතිවරණයේදී බහුතර ආසන දිනාගත් අතර, නව ව්‍යවස්ථාව ස්ථාපිත කිරීමේ කණ්ඩායමේද බහුතර සාමාජිකත්වය දිනාගෙන ඇත. එම නිසා මුස්ලිම් සහෝදරත්ව සංවිධානයේ අපේක්ෂක “කයිරත් අල් ශාදිර්” අනිත් අපේක්ෂකයන්ට අභියෝගයක් වෙවි යැයි අපේක්ෂා කෙරේ.

කෙසේ නමුත් ඊජිප්තු ජනාධිපති වරණයේ පෙරමුණගෙන සිටින අපේක්ෂකයා ලෙස හුස්නි මුබාරක් රජයේ විදේශ කටයුතු ඇමතිව සිටී අරාබි ලීගයේ හිටපු මහලේකම් ඔමර් මූසා බව ජාත්‍යන්තර මාධ්‍යයන් සදහන් කරයි.ඒ අතර දැඩි මතධාරි ඉස්ලාමිය පක්ෂයක් ලෙස නම උසුලන නූර් පක්ෂයත් මෙම ජනාධිපති වරණන සටනට ඉදිරිපත් වී ඇත.හුස්නි මුබාරක් රජයේ උප ජනාධිපති ලෙස කටයුතු කරපු ඔමර් සුලෛමාන් පාලක හමුදා කවුන්සිලයේ සහයෝගයද ඇතිව ජනාධිපති සටනට සම්බන්ධ වනු ඇතැයිද අපේක්ෂා කර තිබුනද අද දිනයේ ඔහු නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ තමන් ජනාධිපති වරණ සටනින් ඉවත් වෙන බවයි.

මුස්ලිම් සහොදරත්ව සංවිධානයේ දේශපාලන පක්ෂය වෙන “නීතිය හ සාධාරණත්වය සදහාවු පක්ෂය” හා පාලක හමුදා කවුන්සිලයද අතර මත ගැටුම් දීර්ඝ වෙමින් පවතී.කෙසෙ නමුත් ජනාධිපති වරණයෙන් පසුව සිවිල් ආණ්ඩුවෙව අතට පාලනය බාර දෙන බව හමුදා කවුන්සිලය පවසා තිබේ.
61 වයසෙහි පසුවන “කයිරත් අල් ශාදිර්” ඉංජීනේරුවෙකු සහා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුද වේ.මුස්ලිම් සහෝදරත්ව සංවිධානයට සම්බන්ධ කම්පැවැත්වූවා යැයි පවසා 12 වසරක සිර දඩුවම් විදි ඔහු පසුගිය අවුරුද්දේ අතිවු ඊජිප්තු ජනතා විප්ලවයෙන් පසු නිදහස ලැබුවේය.
ස්තුති:Ummi Hana,  www.jaffnamuslim.com

ඊජිප්තු ජනතා විප්ලව සම්බන්ධ ඡායාරූප එකතුවක්

This slideshow requires JavaScript.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: