Skip to content
April 4, 2012 / මාධ්‍යවේදියා

හිජාබ් මිලියනයක්

ඇමෙරිකාවෙහි කැලිෆොනියා ප්‍රාන්තයේ “ශාන්ඩියාගො කවුන්ටි” ප්‍රදේශයේ කෘර ලෙස ඝාතනයට ලක්වු “ශයිමා අල් අවාති” ඝාතනය මෑතකාලයේ වැඩිම ප්‍රසිද්ධියට පත්වු පුවතක් වී ඇත.සමාජ ජාලයේ ඇය වෙනුවෙන් හඩක් නගන්න විශාල පිරිසක් ඉදිරිපත් වී ඇති අතර ශයිමාගේ සාතනය ජාතයන්තර මාධ්‍යවල සදහන් වී තිබුනේ “හිජාබය ඇඳගත් මවකගේ ඝාතනය- Hijabi mother’s death” ලෙසයි. ශයිමාගේ ඝාතනයට යුක්තිය ඉල්ලා ආරම්භ කරන ලද සමාජ ජාල පිටු මෙ සතියේ Ranking අනුව මුඳුන් (Top Ranking) ගෙන ඇත.ශයිමාව සිහිපත් කරමින් මිලියනයක මුස්ලිම් නොවන කාන්තාවන් හිජාබය ඇද ඝාතනයට විරෝධය දැක්වීමේ වැඩ පිලිවෙලක්ද(One Million Hijabs for Shaima Alawadi) මෙ දවස් වල අන්තර්ජාලය හරහා වෙමින් පවතී.
මෙ වගේම ලොවම ආන්දෝලනයට පත්කල තවත් හිජාබය ඇඳගත් මවකගේ ඝාතනයක් එනම් එය වාර්තා වුයේ ජර්මනියේ, 2009 වසරෙ ජූලි 1 වෙනි දින “මර්වා ෂේබානි” ගෙ ඝාතනයයි.
උසාවෙයෙදි..
විනිසුරුවරුන් බලන් ඉද්දෙදී…
ආදාරණීය ස්වාමි පුර්ෂයා හා අවුරුදු 3 ක වයසැති දරුවාගේ ඉදිරියෙහි …
ආරක්ෂක අංශයේ ඇස් ඉදිරිපිටදීම…..
ගර්භනී මාතාවක් 18 වරක් පිහියෙන් ඇන ඝාතනයට ලක්වු පුවතක් මීට පෙර ඔබ අසා තිබෙනවාද ???

“මර්වා ෂේබානි” නම් වු අවුරුදු 32ක වයසැති ගර්භනී මාතාවයි එම කෘර ඝාතනයට ගොදුර වුයෙ ,,,
මෙ වගෙම ලොවම අන්දොලනයට පතකල තවත් හිජාබය ඇඳගත් මවකගේ ඝාතනයක් වාර්තා වුනේ 2009 වසරෙ ජූලි 1 වෙනි දින ජේර්මනියේ ඝාතනයට ලක්වු “මර්වා ෂේබානි” ගෙ ඝාතනයයි.

වෘත්තියෙන් pharmacist වු “මර්වා ෂේබානි” විවාහ වී සිටියේ ජාන ඉංජීනේරුවෙක් වු “ඇල්වි අලි ඕකාස්” වය.ෂේබානිට හා ඕකාස්ට අවුරුදු 3 වයසැති “මුස්තෆා” නම්වු පුතෙක්ද සිටියහ.2005 අවුරුද්දෙ ඊජිප්තුවෙ සිට ජර්මනියට මෙම යුවළ පදිචියට පැමිණියේය.ෂේබානි හිටපු අත්පන්දු සූරියෙකි.
2008 අවුරුද්දේ දිනක් ෂේබානි තමන්ගෙ පුතා මුස්තෆා සමග පයින් ගම කරමින් සිටියදි වයස 28ක් ඇති තරුණයෙක්වු “ඇලෙක්ස්” ෂේබානිට “ත්‍රස්තවාදීන්” යැයි බැන වැදුනු අතර පහත් පරුශ වචන වලින්ද බැන වැදී තිබේ.හේතුව වුයෙ ෂේබානි හිජාබ් පැලද සිටීමයි.
තමන් හා තමන් පිළිපදින ආගම මෙලෙස පහත් අන්දමින් අපහාසයට, කෝපයට පත්වු ෂේබානි එවෙලේ පොලිසියට දැනුම් දුන් අතර “ඩ්රෙහස්ඩෙන්” නගර උසාවියෙදි නඩුවක්ද ගොනු කළේය.එම නඩුව විභාගයට ගැනුනු අතර නඩුව විමසූ නඩුකාරවරයා “ඇලෙක්ස්” ට යූරෝ 780 ක දඩයක් නියම කළේය .කතාව එතැනින් අවසන් වුයේ නැත.ලොවම මවිතයට පත් කල මිලෙඡ්ච ඝාතනයද ඉන් අනතුරුව එම ස්ථානයේදීම සිදුවුනි.නිරපේක්ෂිතව පැන ආ ඇලෙක්ස් තමන්ගේ ඇදුම් ඇතුලේ සගවා තබා තිබු පිහිය අතට ගෙන මාස 3ක් ගර්භනී මාතාවක් වන ෂේබානිට 18 වරක් පිහියෙන් ඇන ඝතනය කලහ.

නඩුකාරවරයා,පොලිස් භටයන් හා සියල්ලොම බලාසිටියදී මෙම ඝාතනය සිදු විය. එම ස්ථානයෙදීම ඇලෙක්ස්ට වෙඩි තැබිය යුතු/වලක්විය යුතු පොලිස්භටයෝ තමන්ගේ බිරිදව බේරාගන්න උත්සහ දරපු ඕකාස්ව ඉලක්ක කරගෙනම වෙඩි තැබුවෙය.බරපතල ලෙස තුවාලයට පත් වූ ඕකාස් දැඩි සත්කාරක ඒකකයට ඇතුලත් කෙරිනි. අසරණ මවක්වු ෂේබානි උසාවියෙදිම මිය ගියෙය.වයස අවුරුදු 3ක් වන මුස්තෆාගෙ ඉදිරියෙදිම මව ඝාතනයට ලක්වු අතර පියා වෙඩි පහරට ලක්වුයෙය. “අන්තවාදය”,”ත්‍රස්තවාදය”,”මානව හිමිකම්” ගැන අධික වශයෙන් හඩ නගන බටහිර රටක සිදුවු මෙම ඝාතනය මුලු ලෝකයම කම්පනයට පත්කළේය.විශේෂයෙන් ඊජිප්තු වැසියන්ව ඉතා අඩික ලෙස කෝපයට පත්කල සිද්දියක් වූහ. තමන්ගෙ ශරීරය අනිත් අයට නොපෙන්වා විනීතභාවයෙන් යුක්තව ජීවත් වීම වෙනුවෙන් දිවි පිදු මර්වා අල් ෂේබානිගෙ දේහය පිළිබද අවසන් කටයුතු ඊජිප්තුවේ අලක්සැන්ඩ්රියා නගරයේදි සිදු වුනී.එම කර්තවයට දස දහස් ගනනින් සෙනග පිරුනු අතර ජර්මනියට විරුද්ධව ඝෝෂා නැගුහ.මර්වාගේ ඝාතනයට විරුද්ධව එ සමයෙදී රටවල් කීපයක උද්ඝෝෂන පැවැත්වුණු අතර. ඒ අතරෙ ඊජිප්තුවේ අලක්සාන්ඩ්රියා නගරයේ වීදියකටද ෂේබානිගෙ නම යොදන ලදී.

එනමුත් අවාසානාවකට බටහිර මාධයයන් මෙම ඝාතනය ඉතා නිහඬකාරීව පෙන්වූහ. කිසිදු බරහිර මාධයයක මේ ගැන සැලකිවයුතු ඉඩක්/ප්‍රසිද්ධියක් නොදී තිබුහ.මෙම සිද්ධිය ගැන අදහස් දක්වමින් “තුර්කි අල්ශුකූර් පත්තරයෙ කර්තෘ අබ්දුල් අසීම් හම්මාද්” -“යුදෙව් ජාතිකයෙක් මෙලෙස ඝාතනයට ලක් වී තිබුනහොත් බටහිර මාධ්‍යයන් දෙනු ලබන ප්‍රසිද්ධිය වචනවලින් කිව නොහැකි” යැයි පවසා තිබේ.මෙ සිද්ධිය ගෙන ජර්මන් රජය කිසිදු පියවරක් නොගත් බව චොදනා එල්ල විය.ජර්මන රජය නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකල බව එවකට ඊජිප්තු නිලධාරීන් චොදනා එල්ල කර තිබේ.
මාධයයන්හි මුස්ලිම් අන්තවාදි ,මුස්ලිම් ත්‍රස්තවාදි යන වචන බාවිතාව නිසා අලෙක්ස් වගෙ තරුනයන්ව මෙවන් ත්‍රස්ත ක්‍රියාවන් වල නිරතවන්න උනන්දු කරයි. දැනට ඉස්ලාම් බීතිකාව නිසා මානසික රොගී තත්වයට පත්ව ප්‍රතිකාර ලබන අය බටහිර රටවල්වල වැඩි වෙමින් පවතී. මුස්ලිම්වරුන්ට විරුද්ධව මාධයන් කරන තමන්ගෙ ක්‍රියා කලාපය යලිත් වරක් සිතා බැලීමට ෂේබානිගේ ඝාතනය හොද උදාහරණයක් ලෙස පෙන්විය හැක..
සතයය වශයෙන්ම තමන්ව නින්දාවට පත්කළ නිසා නීතිය අතට නොගෙන ප්‍රචණ්ඩත්වය මුදා නොහැර හැසිරුනු ෂේබානි ත්‍රස්තවාදියෙක්ද ???
නැතහොත් නීතිය තුට්ටු දෙකට සලකා ගර්භනීය මාතාවක් කිසිදු අනුකම්පාක් නැතිව ඉතා කෘර ලෙස ඝාතනය කල ඇලෙක්ස් ත්‍රස්තවාදියෙක්ද ???
කාන්තාවාක්ව උසාවිය තුලම ඝාතනය කිරීම බලා සිටි ජර්මන් පොලීසිය ගැන බටහිර මාධයයන් කුමක්ද පැවසුවෙ ??
ගර්බනීමාතවක් මිනිමරුවෙකුගෙ ග්‍රහනයෙන් මුදවා ගැනීමට නොහැකි ජර්මනියෙ “මානව අයිතිවාසිකමේ” ඉතා අලංකාරවත්ය.
ශිෂ්ටාචාරය කියා හිජාබය ගලවන් යන මුස්ලිම්වරුන් සිටින මෙ යුගයෙ හිජාබය කාන්තා අයිතිවාසිකම් උල්ලංගනය වීමක් කියා හඩ නගන මෙ යුගයේ ,හිජාබ් වෙනුව්න් තම දිවි පිදු ෂේබානි යුග කාන්තාවකි,එසේම යුග මාතාවකි.
ෂේබානිව “හිජාබය වෙනුවෙන් දිවි පිදු කාන්තාව” (The headscarf martyr) ලෙස මුස්ලිම්වරුන් හදුන්වයි.

ස්තුති:M.F.S සහෝදරිය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: