Skip to content
January 2, 2012 / මාධ්‍යවේදියා

පුත්තලම් සිද්ධිය -ඔබ දන්නවද ??

මෙච්චර සෙනගක් මොන හේතුන් මතද රොක් වෙලා ඉන්නේ??

ඔබට මතකද 2011/08/21 වෙනි ඉරිදා ????

ඔබට එය අමතක වුනාට මේ පින්තූර අමතක නොවන්න පුළුවන්

ඔව් එදින තමයි පුත්තලම් නගරයම මහත් ශෝකයට පත්කළ පුත්තලම පොලිසියේ සැරයන් නවරත්න බණ්ඩාර මහතාගේ ඝාතන සිද්ධිය සිදු වුනේ.ඔබ මේ පින්තූර දැකපු ගමන් සමහර විට එය විශ්වාස කරලා ඇති.
හේතුව :ජාතිවාදීන් කියන ඕනෑම දෙයක් පිළිගන්න පුළුවන් මානසිකත්වයේ තමයි
ලාංකික මිනිස්සු ඉන්නේ (සෑම ජාතියක්ම).
ඒ වුනාට පුත්තලම් ජනතාව ඔබට යවපු ප්‍රකාශය කියෙව්වද ??
පහලින් කියවන්න

පුත්තලමවාසි මුස්ලිම් ජනතාව වෙනුවෙන් කරනු ලබන ප්රතසිද්ධ ප්රපකාශයයි

පසුගිය විසි එක් වැනි දින රාත්‍රී කලහකාරින් අතින් මරණයට පත් කරනු ලැබූ පුත්තලම පොලිසියේ සැරයන් නවරත්න බණ්ඩාර මහතාගේ මරණයත් එම මරණයෙන් පසු සමහර පුවත්පත් වල පළ වූ වාර්තා පිළිබදත් පුත්තලමවාසි මුස්ලිම් ජනතාව වෙනුවෙන් කරනු ලබන ප්‍රසිද්ධ ප්‍රකාශයයි.

ප්‍රථමෙන් ම, මෙම අමානුෂික ක්‍රියාව අප තරයේ හෙලා දුටුවෙමු, ඉදිරියටත් අප එලෙසම හෙලා දකින්නෙමු. එමෙන්ම, මරණයට පත් වූ පොලිස් සැරයන් නවරත්න බණ්ඩාර මහතාගේ අව සන් කටයුතු සිදු කළ දිනයේ දී පුත්තලම නගරයේ කඩ සාප්පු, වාහන හා ගෙවල් වල ද සුදු කොඩි ඔසවා අපගේ දැඩි ශෝකය ප්‍රසිද්ධියේ ප්‍රකාශ ‍කළෙමු.

මෙම අමානුෂික ක්‍රියාකලාපය නිසා සියළු ජනතාව සමග සහජීව‍නයෙන් හා සුහදතාවයෙන් ජීවත් වන ශ්‍රී ලංකාවාසි මුස්ලිම් පොදු ජනතාවටත්, විශේෂයෙන් ම පුත්තලමවාසි මුස්ලිම් ජනතාවටත් සිදු වූ හානිය ඉමහත් ය. මෙම අභාග්‍යසම්පන්න මරණය පුත්තලම ප්‍රදේශයේ ජීවත්වන සාම විරෝධි කලහකාරින් කිහිප දෙනෙකු විසින් සිදු කළ සාහසික ක්‍රියාවකි. මෙම මරණය ආරංචි වූ පුත්තලමවාසි මුස්ලිම්වරු වේදනාවටත් සංවේගයටත් පත් වූ‍හ. සාහසිකයින් නීතියේ රැහැනට හසු කර දීමට සිවිල් ආරක්ෂක අංශ වලට උදව් වන මෙන් පුත්තලම මුස්ලිම් මහ පල්ලියෙන් කළ ඉල්ලීම පුත්තලමවාසි මුස්ලිම් ජනතාව පිළිගත්හ. මරණය සිදු වී දින කිහිපයකින් වරදකරුවන් කොටු කර ගැනීමට හැකි වූ බව මෙහිලා සටහන් කළ යුතුය. මෙවන් පසුබිමක කිසියම් පිරිසකගේ සාහසික ක්‍රියාවේ වදර පුත්තලමවාසි මුස්ලිම්වරු සියළු දෙනා මත පැටවීම සාධාරණ නොවන බවත් වගකීමෙන් යුතු ව ප්‍රකාශ කරන්නෙමු.

ශ්‍රී ලංකා ඉතිහාසයේ සෑම අවදියකදී ම මුස්ලිම්වරුන්ගේ රාජ්‍ය විශ්වාසී බවට ඉතිහාසය‍ ම සාක්ෂි දරයි. එමෙන්ම නිදහස් සටනේ දී මුස්ලිම් ජන නායකයින් සිදු කළ මෙහෙය සුවිශේෂීය. නිදහසින් පසු පාලනයට පත් වූ රජයන් සමග එකතු වී දේශීය සංවර්ධනය උදෙසා මුස්ලිම්වරු ඉටු කළ යුතුකම් කොටසෙහි සාධක සෑම තැනක ම දැකිය හැක. ඉතිහාසයේ කිසිම අවස්ථාවක ලංකාව යටත් කර ගැනීමේ උත්සාහයක මුස්ලිම්වරු නිරත වී නොමැත. විශේෂයෙන් වසර 30 ක යුධ සමයේ දී ත්‍රස්තාවාදින්ට හවුල් නොවූ අතර, ත්‍රස්තවාදින් විසින් බලෙන් නෙරපනු ලැබ සරණාගත ව ජීවත් වූ ජනතාවට පසුගිය වසර 20 කටත් වැඩි කාලයක් රැකවය සලසන බව ද වැඩිදුර ප්‍රකාශ කළ යුතු ය.

එමෙන්ම වසරක් පාසා පැවැත්වෙන අවුරුදු දින තරග ද මෙම වසරේ ‍නොපවත්වා, අපගේ අවුරුදු දා සතුට, ආගමික වතාවත් වලට පමණක් සීමා කරගෙන ඇත්තෙමු.

මෙවන් සහජීවනාත්මක ඉතිහාසයකට උරුමකම් කියන පුත්තලමවාසි මුස්ලිම් ජනතාව පිළිබදත්, ඔවුනගේ භක්තියටත් ආදරයටත් ලක් වූ ‍ආගමික ස්ථාන පිලිබදත් අනෙක් ජාතින්ගේ සිත්තුල ද්වේශයත් ක්‍රෝධයත් ඇවිස්සෙන අන්දමින් පුවත් පළ කිරීම ගැන අපගේ දැඩි අප්‍රසාදය හා විරුද්ධත්වය මෙමගින් නැවත ප්‍රකාශ කර සිටින්නෙමු. ශ්‍රී ලංකාවාසින්ගේ සාමාන්‍ය ජන ජීවිතයට හානි සිදු වන අන්දමේ පදනම් විරහිත වාර්තා පළ කිරීමෙන් වැලකී වගකීමෙන් යුතුව පුවත් පළ කරන මෙන් සියළු පුවත්පත් හා අන්තර්ජාල සගරා කතුවරුන්ගෙන් මෙම ජන රැස්වීමේ දී වගකීමෙන් යුතුව ඉල්ලා සිටින්නෙමු.

2011 ඔගෙස්තු 31 ලංකාවෙ සියලුම ස්ථාවල මුස්ලිම්වරුන් රමසාන් අවුරුදු උත්සවය සමරද්දී.පුත්තලම් මුස්ලිම් ජනතාව විතරක් තමන්ගෙ අවුරුදු සැමරීම ආගමික කටයුතු වලට පමනක් සීම කරගෙන තමන්ගෙ ශොකය මිනිමැරුමට බලවත් විරොධය ප්‍රකාශ කරපු ආකාරය.පහලින් පින්තූර.
සමහර පුවත් පත් වල හා වෙබ් අඩවි වල සදහන් වෙලා තිබුනෙ මිනිමරුවන්ව ප්‍රදේශයේ දෙශපාලකයෙක් රැකවල් දීල කියල.පල්ලියෙන් මිනිමෙරුම ඔගනයිස් කරා කියල.එම පුවත් පත් හා වෙබ් අඩවි කියන්න එන දෙශපාලකයා තමයි ඔය සෙනග එක්ක තමන්ගෙ ශොකය පල කරන්නෙ.ඔය දෙශපාකය හා පුත්තලම එකතු වෙලා තමයි මිනිමැරුවන්ව පොලිසියට අල්ලලාදෙන්න කටයුතු කරලා තියෙන්නෙ.මෙම මිනි මැරුම කිසිසේත් අනුමත කල නොහෙකි අමානුශික ක්‍රියාවක්නිසා මෙ මිනිමැරුමට හේතු වු කාරානවා පුත්තලම් ජනතාව ඇතුලු “අපෙන් නෙව්ස්” කන්ඩායමද කතා නොකිරීමට තීරන්ය කළේය. එ අතර කිසිම සි0හල පුවත් පතක හො වෙබ් අඩවියක සදහන් නොවු දෙයක් තමයි පොලිසියේ සැරයන් නවරත්න බණ්ඩාර මහතාගේ ගම වන, නොච්චියගමෙ මුස්ලිම් පල්ලියට මෙ මිනිමරුම් හෙතු කොට ගෙන කීපසැරයක්ම ගල්මුල් ප්‍රහාර එල්ලවි තිබුනි(කලහකාරි පිරිසක් විසින් එය එල්ල කර තිබුනි ).
ප්‍රශ්නය
පුත්තලමෙ සිද්ධවුනු පොලිසියේ සැරයන් නවරත්න බණ්ඩාර මහතාගෙ මිනිමැරුම මුස්ලිම් අන්තවාදි ප්‍රහාරයක් නම් පුත්තලම් නගරයෙ ඉන්න ඔය මිනිමරුවන් හැර ඔක්කොම අය අන්තවාදයට විරුද්ධ යයි කියන එක නෙද මෙ පින්තූර පෙලෙන් පෙන්නන්නෙ ??
මෙම මිනිමැරුවන් දැනට ඉන්නෙ හිර බාරයෙ ඔවුන් මොන අන්තවධි කන්ඩායාමට අයත්ද ??ඔවුන්ගෙ අරමුණ කුමක්ද කියා එය රජයට හෙලි කරන්න බැරි වුනෙ ඇයි ??
රජයත් අන්තවාදිද??
හාල් කන ගොනෙක් මෙක කියෙව්වොත් කියයි ඔව් රජයත් අන්තවාදි තමයි කියල.එහෙම හාල් කන ගොන්නු අන්තර්ජාල අතරෙත්,දිව….. වගෙ මාධ‍ය ආයතන වලත් සැරිසරයි.අන්තවාදය ඇති කරත්වා කියල කියපු පල්ලියම එයට විරුද්ධවන්නෙ කෙසේද???
මෙය අන්තවාදි ප්‍රහාරයක් නම් මින්නෙරිය වල මැරුම් කාපු හමුදා සෙබලාගෙ ඝාතයන ???
__ __ වෙඩි ප්‍රහාරයට ලක් වුනු පාසල් ළමයාගෙ ඝාතනය ??
කුරුණෑගල ,නුවර ,ගාල්ල ප්‍රදේශවල ගුටි කාපු හමුදා සෙබලුන්ට එල්ලවුනු ප්‍රහාරය ?? අන්තිමට අපෙන්නිව්ස.wordpress.com  කියන්න තියෙන්නෙ මිනිමැරුම මිනිමැරුමක් ලෙස දකින්න.
මෙම ලිපිය මෙච්චර කාලයක් පහුවෙලා ලියන්න හෙතුව මෙ කාල සීමව තමයි කාලෝචිත.මෙම ලිපිය කියවන ඔබට මෙ කාලසීමව තුල හා පොලිසියේ සැරයන් නවරත්න බණ්ඩාරගෙ මහතාගෙ ඝාතනයට පස්සෙ ලංකාවෙ ප්‍රදෙශ කීපයකින් වාර්තාවුනු සිද්ධීන් එක්ක සංසන්දනය කරල බලන විට සැබැ තත්වය පැහැදිලි වෙවි.
මෙම ලිපිය දැනට සමාප්තයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: