සෑම ශ්‍රී ලාංකිකයකුටම තමන්ගේ ආගමික කටයුතුවල නිරතවීමට අයිතිය රටේ ව්‍යවස්ථාව ලබා දී තිබේ. එනමුත් අවාසනාවකට අද අපේ රටේ මුස්ලිම්වරුන්ගේ ආගම හැදෑරීමේ අයිතිය උල්ලංගනය වෙමින් පවතින බව අද රටේ සිදුවන සිදුවීම්වලින් පෙණෙන බව එක්ෂත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජයලත් ජයවර්දන මහතා ප්‍රකාශ කර තිබේ.
දඹුල්ල සිද්ධිය මෙයට හොඳ උදාහරණයක් ලෙසත් මෙයට සමාන සිද්ධියක් ගිය සතියේ දෙහිවල සිදුවුණු බවත් ප්‍රකාශ කළ ඔහු අන්තවාදීන්ගේ මෙවැනි ක්‍රියාවට කිසිවිට ඉඩ ලබා දිය නොහැකි බවද ප්‍රකාශ කළහ.
බෞද්ධ හින්දු ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ඇතුළු සියලු ආගමිකයන්ට තමන්ගේ ආගම ඇදහීමට අයිතියක් තිබේ. රටේ සියලු ජාතීන් හට සියලු පලාත්වල කිසිදු බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් ඇතිකිරීම අවශ්‍යයි. නීතිය ක්‍රියාත්මක කරන නිලඩාරීන් සෑම ආගමිකයන්ගේම ආගමික අයිතිවාසිකම් සුරක්ෂිත වන ලෙස ක්‍රියා කලයුතුයි. රටේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් එක්ෂත් ජාතික පක්ෂය කැපවී ක්‍රියා කරන බවට ද ඒ මහතා අදහස් කළහ.
කළුවාන්චිකුඩි ප්‍රදේහයේදී ආයුධ සමඟ අත්තඩංගුවට පත්වූ කරැණාගේ කණ්ඩායම විසින් මෙම තොරතුරැ හෙලවී තිබේ.
කොටි සංවිධානයෙහි හිටපු නැගෙනහිර පළාත් ප්‍රධානි හා නියෝජ්ය අමාත්‍ය කරැණා හෙවත් විනායගමූර්ති මුරලිදරන් මහතා දිගටම නිතිවිරෝධි ආයුධ කණ්ඩායමි හසුරවිම්න සිටින බවට වාර්තාවේ. මෙය සාක්‍ෂිමත තහවුරැවී තිබේ. කළුවාන්චිකුඩි ප්‍රදේහයේදී ආයුධ සමඟ අත්තඩංගුවට පත්වූ කරැණාගේ කණ්ඩායම විසින් මෙම තොරතුරැ හෙලවී තිබේ.
අමිපාර මාර්ගයෙහි සෝදිසි මෙහෙයුමක නිරතවී සිටි කළුවාන්චිකුඩි පොලීසිය කොළඹ බලා ගමන්කරමින් සිටි කැබි රථයක් සෝදිසිකර තිබේ. එම කැබි රථයතුල රියදුරැ ඇතුළු තරැණයන් සිවිදෙනෙකු සිටි අතර එහි එක් පුද්ගලයකු තමන් කරැණා අමිමාන්ගේ සමිබන්‍ධීකාරක නිළධාරිවරයා බවට පවසා තිබේ. අනෙකුත් පිරිසි කරැණා මහතාගේ ආධාරකරැවන්ය. මෙවැනි තත්වයක කළුවාන්චිකුඩි පොලීසිය වෙත භාරකරනලද ඔවුන්ව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නියෝගය මත නිදහස්කර යවා තිබේ.
Thanks:GTN
(දමිළ මාධ්‍යයන් කීපයකම පල කර තිබු පුවතක්)
මුල්ලතීවිහි සිංහල ජනාවාසය ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවල යටතේ වටිටුවාකල් ප්‍රදේශයේදී ඉදිකරනලද නව බෞද්ධ විහාරස්ථානයක් විවෘතකර තිබේ. මෙහි බෞද්ධ හිමිවරැන් හා අවට සිංහල ජනතාවද පදිංචිවී ඇතයි වාර්තාවේ.
අවසන් යුධ සමයේදී දරැණු සටනක් පැවැති වටිටුවාකල් ප්‍රදේශයට එම ප්‍රදේශයේ ජීවත්වු දෙමළ ජනතාවන් යෑමට හෝ පදිංචිවීමට අනුමැතියක් නොමැති අතර එහිදි බෞද්ධ විහාරස්ථානයක් ඉදිකර වවෘතකර තිබේ.දෙමළ ජනතාවන්ට එම ප්‍රදේශයේ බිමිබෝමිබ තිබෙන හෙයින් පදිංචිකළ නොහැකි යැයි පවසන හමුදාව එම ප්‍රදේශයෙහි සිංහල ජනතාවන් පදිංචිවීමට පමණක් අවසරලබාදී තිබේ.
සති දෙකකට පෙර මුල්ලතීවි වෙරළ යාබද කොක්කිලායි සිට මුල්ලිවායිකාල් දක්වාවූ වෙරළබඩ මාර්ගය චීන ආධාරය යටතේ ඉදිකර විවෘත කෙරැණි. මෙය සිංහල ජනාවාසයන් කඩිනමින් ව්‍යාප්ත කිරීමේ අරමුණින් විවෘතකර ඇතයිද ප්‍රදේශයේ ජනතාවන් පවසා තිබේ.



ඊජිප්තුවේ අද දින ජනාධිපති සටනේ මුස්ලිම් සහොදරත්ව සංවිධානය අපේක්ෂකයෙක් ලෙස සටන් කරන ආචාර්ය මුර්සි ට සහෝයෝගය දැක්වීම පිණිස ගිය 17 වැනි බ්‍රස්පතින්දා දිනයේ මෙම වැඩ සටහන ක්‍රියාත්මක විය.මුස්ලිම් සහොදරත්ව සංවිධානය පවසන්නේ මෙය ලෝකයේ ලොකුම මිනිස් දම්වැල ලෙසයි.ඊජිප්තු අලක්සාන්ද්රියා නගරය,කයිරෝ අගනුවර,අස්වාන් නගරයන් යාකරමින් කිලෝමීටර් 762 දිගින් යුත් මෙම මිනිස් දම්වැල දකින්නට තිබුණි.
මුස්ලිම් සහොදරත්ව සංවිධානයේ දේශපාලන පක්ෂය වන “නීතිය හ සාධාරණත්වය සදහාවු පක්ෂයයේ” අපේක්ෂකයා ලෙස “කයිරත් අල් ශාදිර්” මීට පෙර නම් කර තිබුනද ඔහුගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වු නිසා විකල්පයක් ලෙස ආචාර්ය මුර්සි ව ජන්ද සටනට ඉදිරිපත් කර ඇත.
මෙම මිනිස් දම්වැල මුස්ලිම් සහොදරත්ව සංවිධානය විසින් සංවිධාන කිරීමත් මුර්සිට සහාය දක්වන පිරිස පමණක් මෙයට සහාබාගී වී සිටීමත් විශ්ෂ කරුණකි.

දැනට ප්‍රකාශයට පත්වුණු පිටිරට වෙසන ඊජිප්තුවන්ගේ ජන්ද ප්‍රතිඑලය අනුව ඉදිරියේ සිටින්නේත් ආචාර්ය මුර්සිය.ඉන් පසුව ඉදිරියෙන් සිටින්නේ මුස්ලිම් සහොදරත්ව සංවිධානයේ අවුරුදු 40 ක් සාමාජිකයෙක් ලෙස කටයුතු කල මුස්ලිම් සහොදරත්ව සංවිධානයේ ප්‍රදාන ධූර කීපයක්ම ධාරා සිට එම සංවිධානයේ තීරණයක් උල්ලංගනය කිරීමේ හේතුවෙන් සංවිධානයෙන් ඉවත්කරනලද “අබුල් ෆුදූක්” ය.
අරාබි කරයේ “කොඳු ඇටය” ලෙස හදුන්වන ඊජිප්තුවේ පාලනය හිමි වන්නේ කාටද යන්න මුළු මහත් අරාබිකරයටම බලපාන කරුණකි.ඊජිප්තුවේ ජන්ද සටනේ මුල්තැන ගෙන සිටින්නේ ඉස්ලාම් වාදීන්ය.කෙසේ නමුත් මෙම ජන්ද මැතිවරණයෙන් න් කව්රු බලයට ආවද එය ඉස්රායෙලයට ලොකු මරු පහරකි .හේතුව නම් බලයට එන්නේ ඉස්ලාමිය වාදීන් නිසා වීම හා .ඒ මෙන්ම ජන්ද සටනේ මුල්තැන ගෙන සිටින්නේ මුස්ලිම් සහොදරත්ව සංවිධානය මතයන්වලින් පෝෂණය වුනු පුද්ගලයන් දෙදෙනෙක් වීමත් නිසාය .“ඉස්ලාමිය වාදීන් ඊජිප්තුවේ බලයට පත්වීම ඉරානය ලග නිෂ්ටික බලය තිබීමට වඩා අපිට තර්ජනයක් “යැයි ඉස්රාඊල රජයේ පවසා තිබීම මෙය මනා තහවුරු කරන්නකි.
ඊජිප්තුවේ මෙවර ජන්දයේ මිලියන 50 ක් ජන්ද දායකයන් සිටී.අද දින හා හෙට දිනද මෙම ජන්දය පැවැත්වේ.
අද දින බි.බි.සී වාර්තාකරුවෙකු චන්ද පොලට පැමිණ ඊජිප්තු කාන්තාවකගෙන් අසා ඇත්තේ “ඔබ කොච්චර කාලයක් මේ ජන්දේ එනකම් බලා සිටියාද??”
එවිට එම කාන්තාව සිනාසෙමින් පවසා තිබෙන්නේ
“අවුරුදු තිහක්” යැයි කියාය.
අවුරදු 30 ක කාලයක් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බලා සිට වැඩි කාලයක් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කල ඊජිප්තු ජනතාවගේ හෙට දවස කෙසේ වේවිද ??
අපිත් අවදානයෙන් සිටින්නෙමු!!!
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සම්පූර්ණ පහසුකම්වලින්යුත් ඉන්ජිනියේරු පීඨයක් ඉදිකරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ස්.බී දිසානායක මහතා පවසා තිබේ.අග්නිදිග විශ්වවිද්‍යාලයේ හත්වන උපාධි ප්‍රදානෝත්සවය ගිය සෙනසුරාදා දිනයේ ඔලුවිල් විශ්වවිද්‍යාල භූමියේදී පවත්වන ලදී.මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහාබාගී වූ අමාත්‍යවරයා සභාව ඇමතු අවස්ථාවේදී මේ ප්‍රකාශය කර තිබේ.
මේ අතර අග්නිදිග විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පරිගණක,සංඛ්‍යාලේඛන,භෞතිකවිද්‍යාව,රසායන විද්‍යාව,ජීවවිද්‍යාව යන අංශවලින් විශේෂ පාඨමාලාවන හදුන්වාදීමට බලාපොරොත්තු වන බවත් MBA පාඨමාලා පටන්ගෙන එයා ඉතා සාර්ථක ආකාරයෙන් ක්‍රියා කරන බවත් අග්නිදිග විශ්වවිද්‍යාලයේ උප කුලපති ආචාර්ය එස්.එම්.ඉස්මයීල් මීට ඉහතදී පවසා තිබීම මෙහිදී විශේෂයෙන් කිව යුතු කරුණකි.
මෙම විශ්වවිද්‍යාලයේ සංවර්ධනය වෙනුවෙන් කුවයිට් රාජ්‍ය රුපියල් මිල්ලියන 1200 ක් වෙන් කර ඇති අතර සංවර්ධනය කටයුතුත් ඉතා සීග්‍රයෙන් වෙමින් පවතියි.



ප්‍රංශයේ අලුත් රජයක් පත්වීමත් එයට ජනාධිපති හොලෙන්ඩේ නායකත්වය දැරීමත් කවුරුත් දන්නා කරුනකි.එහෙත් ජනාධිපති හොලෙන්ඩේගේ ජයග්‍රනයට ප්‍රංශයේ වෙසෙන මුස්ලිම් ජනතාවගේ ඡන්දය ලොකු දායක්ත්වයක් ලබා දුන්නා යන කරුණ ජාත්‍යන්තර මාධ්‍යයන් වල වැඩි කතා බහට ලක්වුනු කරුනක් වුවත් එය ලංකාවෙ මාධ්‍යයන් වල පල නොවු කරුනක් විය.එසේම ජනාධිපති හොලෙන්ඩේ කොමියුනිස්ට් වාදියෙක් ලෙස ප්‍රසිද්දිය උසුලන පුදගලයකි.
තවද බලයට පත්වූ අලුත් රජයේ මුස්ලිම් වරුන් 5දෙනෙක් අමාත්‍ය හා නියෝජ්ය අමාත්‍ය ධූරයන් වලට පත්කර ඇත.යුරෝපා රටක මුස්ලිම් අමාත්‍යවරුන් වැඩි දෙනෙකු එකම අවස්ථාවේ අමාත්‍ය ධූරයට පත්වූ අවස්ථාව මෙය ලෙස සැලකේ.
පුද්ගලයන් 34 ඇතුලත් ප්‍රංශ කැබිනෙට්ටුවට අමාත්‍යවරුන් ලෙස කානතාවන් 17 දෙනෙක් හා පිරිමි අමාත්‍යවරුන් 17 දෙනෙකු තෙරී පත්වී ඇත.
ඉතා විශේෂිත වූ කරුණක් වන්නෙ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධ අමාත්‍ය ධූරය දරන්නේ මුස්ලිම් කාන්තාවක් වූ නජාත් වලූඩ් ය.”යමිනා බෙන්ගුයිගි” හා කාඩෙර් ආරිෆ් අනිත් මුස්ලිම් කෙබිනෙට් නියොජිතයන්ය.
……….
Middle row, fifth from left: Najat Vallaud-Belkacem,Minister for Women’s Rights and Government Spokesperson.)
ශ්‍රී ලංකාවෙහි සංවර්ධන කටයුතුවලට මෙතෙක් කටාර් රජයෙන් ලබාදුන් ආධාර අවශ්‍යතරමින් නොමැති බවත් අනාගතයේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සියළු උදවි උපකාර ලබාදීමට සූදානමින් සිටින බවත් කටාරයේ රජු ෂේක් හමාද් බින් කලීෆා අල් තානි මහතා පවසා තිබේ.
කටාරයෙහි නිළ සංචාරයක නිරතවී සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා කටාරයේ රජු හා අග්‍රමාත්‍යවරයා අතර පැවැති සාකචිඡාවකදී මේ බව පවසා තිබේ.

තවද කොන්දේසි – ගිවිසුමිවලින් තොරව අවශ්‍ය සියළු ආධාර උදවි ලංකාවට ලබාදෙන බවට කටාර් අග්‍රමාත්‍ය හමාද් බින් ජාසිමි බින් කලීෆා ජාෆර් මහතා අල් තානි මහතා පවසා තිබේ.
මේ අතර දෙරට අතරවූ සමිබන්‍ධකමි තවත් ශක්තිමත්කළ ගතයුතුබවත් ශ්‍රි ලංකාවෙහි සංවර්ධන කටයුතු ගැන කටාර් රජය වැඩි සැලකිල්ලකින් අවධානයකරමින් සිටින බවත් පෙන්වාදී තිබේ.
මෙහිදි අදහස් ප්‍රකාශකළ ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනීවා නුවර පැවැති ජගත් මානව හිමිකමි සැසිවාරයේදී කටාර් රජය ශ්‍රී ලංකාවට පක්‍ෂපාතිව සහයෝගය ලබාදීම ගැන ස්තූතිය පුදකර තිබීම විශේෂත්වයකි.
Thanks:ග්ලෝබල් සිංහල පුවත්



එයිඩ්ස් පිළිබඳව දැනුවත් කිරීමට සහ ආරක්ශාවීමට සිම්බාබ්වේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 170 දෙනෙකු චර්මඡේදනය(සුන්නත්) කරගෙනීමට ඉදිරිපත්වූ පුවතක් අන්තාර්ජාතික මාධ්‍යයන් වාර්තාකරයි.
විවිධ හේතුන් නිසා අෆ්‍රිකානු රටවල්වල එයිඩ්ස් සීග්‍ර ලෙස වර්දනය වෙමින් පවතී.මෙය වැලැක්වීම පිණිස සිම්බාබ්වේ අතුලු අෆ්‍රිකානු රටවල් 2010 වසර සිට විඩිමත් විදියට නොයකුත් දැනුවත් කිරීම් කරගෙන යති.
ඉස්ලාමිය සංස්කෘතියක් වන චර්මඡේදනය කිරීමෙන් එයිඩ්ස් පැතිරවීම සීමාවේ. එමනිසා සිම්බාබ්හි මුස්ලිම් නොවන තරුණයින් ද චර්මඡේදනය කරගෙනීමට ඉදිරිපත්වෙමින් සිටියි.මෙ අතර සිම්බාබ්හි මුස්ලිම් ජනග්‍රහනය 1% යයි වීම විශේෂ කරුණකි.

ගිය සතියේ එයිඩ්ස් පිළිබඳව සහ එයින් ආරක්ෂා වීම පිළිබඳව සිම්බාබේ පාර්ලිමේන්තුවේ ප්‍රචාරක රැස්වීමක් පවත්වා ඇත. මෙහිදී අදහස් දක්වූ එක් මන්ත්‍රීවරයක් පවසා තිබුනේ කාන්තාවන් ගේ රූප ආකර්ෂණ නිසා පිරිමින් ගේ හැගීම් ඇවිස්සෙන බැවින් කාන්තාවන් ගේ හිස මුඩු කරන ලෙසය. මෙයට කාන්තා පාර්ශවයෙන් නොයකුත් විරෝධතා පැමිණ ඇත. පසුව එයිඩ්ස් පිලිබඳ රටේ ජනතාවට මන්ත්‍රීන් පළමුව ආදර්ශමත් විය යුතු බව පාර්ලිමේන්තුව විසින් තීරණ ගෙන ඇත.
එමනිසා මන්ත්‍රීන් 170 දෙනෙකු සුන්නත් කර ගැනීමට ඉදිරිපත්වී ඇත.වෛද්‍යවරුන්ගේ උදව්වෙන් සුන්නත් කිරීමට තීරනය කර තිබේ.
පුත්තලම් online වෙබ් අඩවියේ පළවූ පුවත එලසින්ම.
ජී.ඩී.එස්. ගුණසේකර
මැණික් ස්ටූඩියෝ,
අංක 11,
කුරුණෑගල පාර,
පුත්තලම.
දිනය: මැයි 09, 2012
ප්‍රධාන කතෘ
පුත්තලම ඔන්ලයින් වෙබ් අඩවිය
හිතවත් මහත්මයාණෙනි.,
කාරණය: ස්තුති ප්‍රකාශය පුත්තලම ඔන්ලයින්හි පළකරවීම
සම්බන්ධය: පුත්තලම, කුරුණෑගල පාරේ වෙළඳ ස්ථානවල ඇති වූ හදිසි ගිනි ගැනීම අවස්ථාවේදී එම ගින්න නිවීමටත්, වෙළඳ භාණ්ඩ ආරක්ෂා කිරීමටත් උදව් උපකාර කළ ජනතාවගේ මානුෂිකත්වය
පසුගිය මැයි 03 වැනි බ්‍රහස්පතින්දා දින පස්වරුවේදී පුත්තලම, කුරුණෑගල පාරේ වෙළඳ ස්ථානවල ඇති වූ හදිසි ගින්න නිවීමටත් වෙළඳ ස්ථානවල තිබූ භාණ්ඩ ආරක්ෂා කිරීමටත් කැපවීමෙන් දායක වූ පුත්තලම නගරයේ ජනතාවට මගේ හෘදයාංගම ස්තුතිය මෙම ලිපිය මගින් පුද කරමි. විශේෂයෙන්ම, ජාතින් අතර සුහදතාවය වර්ධනය කිරීමට මෙම ලිපියෙන් ප්‍රකාශ කෙරෙන කරුණු මහෝපපකාරි වන බැවින් මෙම ලිපිය පුත්තලම ඔන්ලයින්හි පළකරවන මෙන් ඉතා උවමනාවෙන් ඉල්ලා සිටිමි.
ඉහත ලිපිනයේ හදිසි ගිනි ගැනීම සිදු වූ අවස්ථාවේ දී මගේ වෙළඳ ස්ථානයත් ගින්නට හසු විය. එහි තිබූ ඡායාරූපාගාර කැමරා සහ ආලෝක ආම්පන්න එළියට ඇදීමේදී සුළු හානි සිදු වුවත් සම්පූර්ණයෙන් ගිනිබත් වීමට තිබූ අලාභයෙන් ආරක්ෂා කර දීමට එම ස්ථානයට එකතු වූ ජනතාව යුහුසුළු වූහ. ඔවුනගෙන් බහුතරයක් මුස්ලිම් ජාතිකයින් වූ අතර දෙමළ හා සිංහල ජාතිකයින් ද සිටියහ.
මෙම අවස්ථාවේදී මගේ වෙළඳ ස්ථානයේ තිබූ සිවුරු, අටපිරිකර ඇතුළු පූජා භාණ්ඩ හා ගෞතම බුදු පිළිම ආරක්ෂා කර දුන්නේ පුත්තලම නගරයේ මුස්ලිම් ජනතාවයි. ඔවුන් බෞද්ධාගමික පූජණීය භාණ්ඩ දෝතින් ඔසවා ගෞරවාන්විතව එළියට ගෙනැවිත් තැබූ ආකාරයත්, ආගම් භේදවලින් තොර ඔවුන්ගේ ආදර්ශමත්භාවය හා මානුෂිකත්වයත් ඉතා හැඟීම්බර අවස්ථාවක් වූ බව මෙහිලා විශේෂයෙන් සටහන් කරමි.
මෙම සිදුවීමෙන් පසුදින උදයේ පුත්තලම නගරයෙන් දුර ප්‍රදේශයක රැකියාවේ නියුතු මගේ මිතුරෙකුගෙන් ලද දුරකථන ඇමතුමට හේතු වූ කාරණාව පිළිබඳව මගේ දැඩි අප්‍රසාදය ප්‍රකාශ කළ යුතුව ඇත. එනම්, පසුගිය කාලවල රටේ ඇති වූ නොසන්සුන්කාරි තත්වයන් හා සම්බන්ධ කර පුත්තලමවාසි බෞද්ධයෙකු වූ මගේ වෙළඳ ස්ථානය පුත්තලම නගරයේ මුස්ලිම් පිරිසක් කඩා බිඳ දැමූ බව රාවයක් පැතිරී ඇත. එම දුරකථන ඇමතුමෙන් මගේ මිතුරා විමසා සිටියේ මෙහි ඇත්ත තත්වයයි. මෙවන් දූෂමාණ ආරංචි පතුරුවා ජාතින් අතර සුහදතාවය කඩා බිඳ නො දමන මෙන් දැඩි සංවේදී සිතින් ඉල්ලා සිටිමි.
පසුගිය කාලවල රටේ ඇති වූ නොසන්සුන්තාවයන් හමුවේ, කාලින වැදගත්කම සහිත ජාතික සමගියට පූර්වාදර්ශී වූ මෙම සිදුවීම ඔබතුමාගේ පුවත්පතේ පළකරන මෙන් නැවත නැවතත් ඉල්ලා සිටිමි. මෙම ඉල්ලීම කෙරෙහි ඔබතුමාගේ පුද්ගලික අවධානය යොමු වනු ඇතැයි ද, පුත්තලම ඔන්ලයින්හි පළකරනු ඇතැයි ද ඉතා උවමනාවෙන් අපේක්ෂා කරමි.
ස්තුතියි.
මෙයට,
විශ්වාසී වූ,
ජී.ඩී.එස්. ගුණසේකර
—————————————-
පුත්තලමේ ඇතිවූ හදිසි ගිනි ගැනීම සම්බන්දයෙන් Knowledge Box කණ්ඩායම විසින් ගන්නා ලද චායාරුප සහා වීඩියෝ දර්ශන පහලින්..




දඹල්ල ප්‍රදේශයෙන් මුස්ලිමි ජනතාව වහාම පිටත්වී යන්නයි තර්ජනය කර දඹුල්ල නගරයෙහි ජීවත්වන මුස්ලිමි ජනතාව වෙත තැපැල් මඟින් ලිපි යවා තිබේ.
පිටු තුනකින් සමන්විත එම ලිපියෙහි යවන්නාගේ නම සඳහන්කර නොමැති අතර එහි සිංහල බෞද්ධ දේශහිතෛශීන් යැයි පවසා තිබේ. මුස්ලිමි ජනතාවගේ සහජිවනය විමර්ශනය කර ඔවුන්ව කෝපායට පත්කරන අයුරින් එම ලිපිය යවා තිබේ.
තවද දඹුල්ල ප්‍රදේශයෙහි දේශපාලඥයකු වන ඉඩමි හා ඉඩමි සංවර්ධන අමාත්‍ය ජනක බන්ඩරා මහත්ගේ නමද සඳහන්කර ඔහු මුස්ලිමි ජනතාවට බෞද්ධ අනන්‍යතාවය පාවාදී ඇතයිද පවසා තිබේ.
(ග්ලෝබල් සිංහල පුවත්)
මේ අතර සමහර ජාතිවාදීන් ජාතිවාදයේ උච්චස්ථානයටම ගිහින් ඇති බවට වාර්තාවන්ද පළවේ.
එනම් මුස්ලිම් වරුන්ව කුපිත කරන ආකාරයේ සිදුවීම් තැනින් තැන සිදුවන අතරතුරේ.මුස්ලිම්වරුන්ව ප්‍රචණ්ඩත්වයට යොමුකිරීම සදහා ඔවුන්ගේ ආගම හා ආගමික නායකයන්ට බැන වදිමින් පල කරන ලද පත්‍රිකාවන් මීගමුව,කොළඹ,ගාල්ල යන නගර වල බෙදාහැරීමේ සිද්ධීන්ද වාර්තාවිය.
ඒ ආකාරයන් බෙදාහරින ලද පත්‍රිකාවේ ෆොටෝ කොපියක් පහත පලකර ඇත..



