Skip to content
November 26, 2012 / මාධ්‍යවේදියා

බදුල්ලදී බුදු රූපය සහිත අත් මේසයක් විකුණු බවට පැවසන පුද්ගලයාගේ කම්පාසහගත කට උත්තරය

බදුල්ලදී බුදු රූපය සහිත අත් මේසයක් විකුණු බවට පැවසන පුද්ගලයාගේ කම්පාසහගත කට උත්තරය


බදුල්ලදී මුස්ලිම් ජාතිකයකුට අයත් වෙළඳසැලකදී බුදු රෑපය සහිත අත් මේසයක් අලෙවිකළ බවට චෝදනාකර එම ව්‍යාපාරික ස්ථානයෙහි අයිතිකරු හා එහි සේවකයකුද අත්තඩංගුවට ගෙන පසුගිය සිකුරාදා දින රුපියල් 5000ක ඇප මත එම දෙදෙනා නිදහස්කළ සිද්ධියද මේ සම්බන්‍ධයෙන් මුස්ලිම් ජනතාවට එරෙහිව විරෝධතාවයක්ද පැවත්වීමද සියළු දෙනාම දන්නා කරුණකි.

මුස්ලිම් ජාතිකයන් බුදු දහමට එරෙහිව ක්‍රියාකරමින් සිටිති යන චෝදනාව පෙරටුකරමින් එම ව්‍යාපාරිකයාව අත්තඩංගුවට ගෙන දඞුවම් ලබාදෙන ලෙසත් ඉල්ලා පසුගිය සිකුරාදා දින බොදු බල සේනාව නැමති සංවිධානයක් විසින් විරෝධතාවයක්ද පවත්වා තිබුණි.

මෙම සිද්ධිය සම්බන්‍ධයෙන් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම එම ව්‍යාපාරික ස්ථානයෙහි අයිතිකරුවාව දුරකථනයෙන් අමතා විමසා සිටි අවස්ථාවේදී ඔහු පවසා සිටි කම්පනීය සිද්ධියයි මේ.

ඔහු සතුව බුදු රෑපය සහිත කිසිම අත් මේසයක් නොතිබුණු බවත් එලෙස බෞද්ධ ජනතාවගේ සිත වේදනාවට පත්කරන ව්‍යාපාරයක් කිරීමට තමන්ට කිසිම අවශ්‍යතාවයක් නොමැති බවත්. දැඩි ප්‍රතිවිපාකයන් ඇතිවන මෙවැනි ක්‍රියාකාරකම් කිසිම සුළුජාතියන්ම නොකරන බවත් ඔහු තරයෙන් පවසා තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා සවස වෙළඳසැලට අත් මේසයක් මිළදී ගැනීමට පැමිණි තරුණයකු රුපියල් 160ක් ලබාදී අත්මේසයක්ද මිළදීගෙන එයට බිල්පතක්ද ඉල්ලා සිටි බවත් එවිට කොලයක එහි මිළ ලියාදුන් බවද එම ව්‍යාපාරිකයා පවසා තිබේ. ඉන්පසු පැය භාගයකට පමණ පසු ඔහුගේ වෙළඳසැලට පැමිණි බදුල්ල පොලිස් ස්ථානයෙහි පොලිස් නිළධාරීන් දෙදෙනෙකු, වෙළඳසැලදී විකිණීමට තිබෙන අත්මේස් සියල්ල සෝදිසිකළ යුතු බවත් බුදු රූපය සහිත අත්මේස විකුණා ඇතයි පවසා එවැනි අත්මේස පෙන්වන ලෙසත් බලකර තිබේ.
එය තරයෙන් ප්‍රතික්‍ෂේපකළ වෙළඳසැලයෙහි අයිතිකරු එලෙස බුදු රූපය සහිත කිසිවක් තමන් කිසිවකුට විකුණා නොමැතයිද පවසා තිබේ. අනතුරුව පොලිස් නිළධාරීන් වෙළඳසැලට පිටතින් සිටගෙන සිටි මීටපෙරාතුව අත්මේසයක් මිළඳීගෙන ගිය තරුණයාව කැඳවා ඔහුගේ අතේ තිබුණු අත්මේසය වෙළඳසැලයෙහි අයිතිකරුවා වෙත පෙන්වා තිබේ. එම අත්මෙස් කුට්ටමයෙහි එක් මේසයක බුදු රූපය කොටා තිබීම දැක වෙළඳසැලයෙහි අයිතිකරුවා කම්පනයට පත්වී තිබේ. මෙලෙස තමන් කිසිම අත්මේසයක් නොවිකුණූ බවත් එවැනි කිසිවක් තම වෙළඳසැලේදීද නොමැති බවත් වෙළඳසැලයෙහි අයිතිකරුවා තරයෙන් පවසා තිබේ. පොලිසියටද එවැනි දේවල් සොයාගැනීමට නොහැකි වුවත් එම පොලිස් නිළධාරිවරුන් වෙළඳසැලයෙහි අයිතිකරුවාට පොලිසියට පැමිණෙන්නයි පවසා තිබේ. එවිට වෙළඳසැලයෙහි පිටත මාධ්‍යවේදීන් යැයි කිහිපදෙනෙකු රැඳීසිට එම ව්‍යාපාරික ස්ථානය හා වෙළඳසැලයෙහි අයිතිකරුවාව ඡායාරූප ගැනීමද දැක තිබේ. පොලීසිය විසින් එම වෙළඳසැලයෙහි අයිතිකරුවාව පොලිස් ස්ථානයට කැඳවාගෙන යන අවස්ථාවේදී ඊටපෙරාතුවම සිද්ධිය සම්බන්‍ධයෙන් පැමිණිලි කිරීමට බදුල්ල පොලිස් ස්ථානයට හිමිවරයකු පැමිණි සිටින බවද දැනගන්නට ලැබී තිබේ.මේ නිසා මෙම සිද්දිය ඉතාම සුක්ෂම ලෙස සිංහල මුස්ලිම් අය අතර බේදයක් ඇතිකිරීම සදහා කුමන්ත්‍රණයක් බව වටහා ගත හැක .

වෙළඳසැලයෙහි අයිතිකරුවාට එරෙහිව පැමිණිලි කිරීමට එම ගනුදෙනුවට සම්බන්‍ධයක් නොමැති එම හිමිවරයාට කිසිම අයිතියක් නොමැති අතර එම පැමිණිල්ල ලබාදිය යුත්තේ අදාල තරුණයාදවේ. මේ අතර අත්තඩංගුවට පත්වූ වෙළඳසැලයෙහි අයිතිකරුවා වෙනුවෙන් කිසිම නීතීඥවරයකු ඉදිරිපත් නොවිය යුතුයැයි පවසා ඇතයිද වාර්තාවේ.

කෙසේ නමුත් බහුජාතික නීතීඥවරුන් හය දෙනෙකු (කාන්තා නීතීඥවරියකු සහා නිදහස් පක්ෂ පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුජීව ඇතුලත්ව ) ස්වේච්ඡාවෙන් එම වෙළඳසැලයෙහි අයිතිකරුවා වෙනුවෙන් අධිතරණයට ඉදිරිපත්වී තිබේ. මොවුන්ටද දුරකථන ඇමතුම් මගින් ඔවුන් සදහා පෙනී නොසිටන ලෙස තර්ජනය කර ඇති බව වාර්තාවෙයි .

මෑතකලයේදී සිට මෙම බොදු බල සේනා නැමති සංවිධානය සුළු ජාතිකයන්ට එරෙහිව විවිධ අත්පත්‍රකා බෙදාහැර බහුතර සිංහල ජනතාවන්ව සුළු ජාතිකයන්ට එරෙහිව පොළඹවීමේ ක්‍රියාකාරකම්වල යෙදී සිටීම වාර්තාවේ.

November 26, 2012 / මාධ්‍යවේදියා

බදුල්ලදී එළුවන් සොරකම් කර මරාදැමීමේ සිද්ධියට සම්බන්‍ධ සැකකරුවන් අත්තඩංගුවට

සිංහල ජාතිකයන් කිහිප දෙනෙකු විසින් මුස්ලිම් ජනතාවගේ එළුවන් සොරකම් කර කපාකොටා මරාදමයි

බදුල්ල ප්‍රදේශයේදී මුස්ලිම් ජනතාවට එරෙහිව දිගටම ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිඳුවෙමින් තිබේ. මෙවැනි තත්වයක ඊයේ දින 25-11-2012  බදුලුපිටිය නැමති ස්ථානයේදි මුස්ලිම් ව්‍යාපාරිකයකුට අයත් එළුවන් හය දෙනෙකුව සොරකම්කරගෙන ගොස් නෙළුම්ගම හංදියේදී කපා කොටා මරාදමා තිබේ.

මෙම සිද්ධිය සම්බන්‍ධයෙන් සැකපිට අත්තඩංගුවට පත්වූ තිදෙනා අතර එක් අයකු මාළු ව්‍යාපාරියකුද තවත් කෙනෙකු ලංගම සේවයකුද අනෙකා ත්‍රීරෝථ රථ රියදුරෙකුදවේ.
පසුගිය සිකුරාදා දින මුස්ලිම් ජාතිකයකුට අයත් වෙළඳසැලකදී බෞද්ධ සලකුණු සහිත අත් මේස තිබුණු චෝදනා මත මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකුව අත්තඩංගුවට ගෙන පසුගිය සිකුරාදා දින ඇප මත නිදහස්කර තිබුණි. එලෙස අත්තඩංගුවට ගත් දෙදෙනාව නිදහස් නොකරන්නයි ඉල්ලා බොදු බල සේනා නැමති සංවිධානයකින් විරෝධතාවයක්ද පවත්වා තිබුණි.එම අවස්ථාවේදී මුස්ලිම් ජාතිකයෙකුට   අයත් ත්‍රි රෝද රථයකටද බරපතල හානි සිදු කර ඇත .
මේ අතර සිංහල හා මුස්ලිම් ජනතාව අතර ප්‍රචණ්ඩත්වයක් ඇතිවන පරිදි ක්‍රියාකළ එම සංවිධානය අද දින 26-11-2012 බදුල්ල පොලීසිය ඉදිරිපිට සිය දෙනෙකු පමණ රැස්වී එළුවන් සොරකම් කළ චෝදනාමත අත්තඩංගුවට පත්වූවන්ව නිදහස් කරන්නයි ඉල්ලා විරෝධතාවක නිරතවී තිබේ.
බදුල්ල නගරයේදී දිගින් දිගටම ජාතීන් අතර ප්‍රචණ්ඩත්වයන් ඇතිවන පරිදි ක්‍රියාවන් බහුලවී තිබේ. මේ සම්බන්‍ධයෙන් අදාල බළධාරීන් තම අවධානය යොමුකළ යුතුය.

November 11, 2012 / motivesl

මහත්වරුනේ, දැන් මම අන්තවාදියෙකු යැයි කියාපල්ලා!

රෝහිත මුණසිංහ සහෝදරයාගේ “මහත්වරුනේ, මට ජාතිවාදියෙකුයෑයි කියාපල්ලා !” යන ලිපියට පිළිතුරක්:


සුළු ජාතික ප්‍රශ්ණ පිළිබදව මහා ඉහළින් කතාබහ කරන රජයක් වර්ථමාන ශ්‍රී ලංකාව පාලනය කරන අතර සුළු ජාතිය මහා ජාතියේ ජාතික හෙනය කර ගනිමින් කෑමොර දෙන්නෝද දැන් දැන් මේ පින් බිමේ අති බහුලය. රෝහිත මුණසිංහද මේ මහා ජාතික හෙනයට විරුද්ධව නැගී සිටින දේශප්‍රේමියෙකු බව අගවමින් ඉදහිට හිස එළියට පොවමින් කෑ මොරදෙන අවස්ථා කිහිපයක් අපි දැක ඇත්තෙමු. මේද එවන්වූ රෝහිත මුණසිංහ සහෝදරයාගේ දේශප්‍රේමය සීමා මායිම් බිද ඉලිප්පී ආ අවස්ථාවක් වන්නට ඇත.

කෙසේ වුවද ඔහු පළමුවෙන් සුළු ජාතීන්ට තම ඇගිල්ල දික්කර පවසා සිටින්නේ උපන් මව් රටට එරෙහි වන බවය. පිට රටවලට තමන්ට මව් රටින් වන කෙණෙහිලි කම් ගැන ගතු කියන බවය. ඇතැම් විට රෝහිත සහෝදරයා පසුගිය කාලයේ ඔහුගේ මව් රටේ නොසිටින්නට ඇත. ආසන්නතම සිදුවීම ලෙස ලෝකයේ ඇතැම් මහා රටවල් එක්ව අපේ රටේ ප්‍රධාන නායකයින් දඩුකදේ ගහන්නට සැරසුනු ජිනීවා සමුළුව අවස්ථාවේ මෙරටේ මහා ජාතිය සමග හරි හරියට වීදි බැස උපන් රට වෙනුවෙන් හඩ නැගූ මුස්ලිමුන් ඔහු නොදකින්නට ඇත. නැත්නම් යන්තම් ඇහැ ගැටෙද්දී අනිත් මිනිසුන්ගේ ඔළුගෙඩි වල‍ට තමන් පටවන වෛරය පිළිබද කතාන්තර බොරු බව සිහිවී අහක බලා ගන්නට ඇත.

දෙවනුව මුණසිංහ සහෝදරයා සත්‍යයක් පවසයි. එනම් මුස්ලිමුන්ට ඔවුන්ටම අනන්‍යය වූ න්‍යාය පත්‍රයක් ඇති බවය. සැබෑය. මුසල්මානුවන් කිසි දිනක එම න්‍යාය පත්‍රයට අනුව මිස පිට පැන නැත. එහෙත් එම න්‍යාය පත්‍රය කිසි දිනක අදෘශ්‍යමාන නොවන්නේය. එය විනිවිද දැකිය හැකිය. එහෙත් එයට විවෘත මනසක් අවැසිය. කෙතරම් න්‍යාය පත්‍ර තිබුනද මුසල්මානුවන් තම මව්බිමට එරෙහිව පිටට ගතු කීවේ කවදා කොතැනකදීද යන්න පැහැදිලිව පවසා තිබුනා නම් වඩා හොදය. එහෙත් එසේ පවසන්නට සිද්ධීන් මහා ජාතියේ ඉතිහාසයට මුසල්මානුවන් කිසිදා එක්කර නැත.
තෙවනුව මහා ජාතියේ තේජස රකින බුද්ධ ධර්මය මහා ජාතියේ පිනට ලද්දක් බව පවසන මුණසිංහ ‍සහෝදරයා සිංහලයන් යනු සිංහල අධ්‍යාත්මයට ගැඹුරු ආදරයක් නැති තුප්පහි ජාතියක් යැයි කියන්නේය. නොරටින් මෙරටට පැමිණෙන ඕනෑම ජරාවක් තමා මත පටවා ගැනීම, ජාතික අනන්‍යයතාවයන් ඔවුන් විසින්ම වනසා දමන ජාතියක් බව කියයි. එසේ නම් අනුන්ගේ ඇහේ ඇත්තේ කුමක්දැයි හොයන අතරේ තමන්ගේ ඇහේ ඇනී ඇත්තේ කුමක්දැයි යන්නද යසට හදුනා ගෙන ඇත. ඔහු මේ අවස්ථාවේද සැබෑව පවසා ඇත. මන්ද මෑතදී අප ඇසූ වැලිකඩ සිරගෙදර සිදුවීමේදී මෙයට කදිම උදාහරණ එළියට පැන්නේය. එදා සිදුවීමේදී මියගිය මැරයන්, කුඩු ජාවාරම් කරුවන් හා ස්ත්‍රී දූෂකයින් අතර තිරිසන් ලෙස හංවඩු ගැසූ මුහම්මද් ලා ගැන කතාවක් අපට නොඇසීමය. මේවා කෙසේ වුවද බුදු දහම ඉතා යහපත් දහමක් බව අපිද දනිමු.

සිංහල යුවතියකට හා මුස්ලිම්වරයෙකුගේ බිරිද වූ සිංහල කතකට තම මුස්ලිම් පෙම්වතා බුද්ධාගමට හරවා ගැනීම හෝ තම මුස්ලිම් සැමියා බෞද්ධාගමිකයෙකු කිරීමට නොහැකි වීමට කාරණය ඉස්ලාමයෙන් තම අනුගාමිකයන්ගේ සිත් තුළ ඇති කරන ආගමික විශ්වාසයේ තරම වන්නට ඇත. කෙසේ වුවද මුස්ලිම්වරුන්ගේ ව්‍යාපාර මෙන්ම ජන කොට්ඨාශයක් ලෙස ඔවුන්ගේ වර්ධනයත් මේ රටේ බහුතර ජනයාට නොව ඇතැම් ‍නාමික දේශප්‍රේමීනට වදයක් බව ද පිළිගත යුතුය.

අවසානයේ මුණසිංහ සහෝදරයා මුස්ලිම් කාන්තා ඇදුම පිළිබද කතිකාව අරඹා ඇත. කලකට පෙර මොට්ටැක්කිලියෙන් හිස වසා ඉද හිට පාර තොටේ ඇවිද ගිය මුස්ලිම් කත අද මුළු සිරුරම වසාගෙන නිතර සමාජයේ ගැවසෙන බවද පවසා ඇත. දහම පිළිබද අධ්‍යයනය හේතුවෙන් ඇතිවන ස්ථිර විශ්වාසය විනා මෙකී ඇදුමට කිසිවෙකුට බලපෑම් කල නොහැක.

අනෙක් අතට ඕනෑම තක්කඩියෙකුට මෙකී ඇදුම හැද ගොස් තම තක්කඩිකම් කල හැකි බවද ඔහු පවසා ඇත. ප්‍රභූ ආරක්ෂාවටද මෙය බලපාන බවද ඔහු නැවත නැවත පවසා ඇත. ඒ පිළිබදව අසන්නට ඇත්තේ මෙපමණකි. එන්න එන්නම තක්කඩීන් හොරුන් මගඩින් තම තක්කඩිකම් නිදහසේ කරන්නේ මුස්ලිම් කාන්තා ඇදුම නිසාද? මහ මද්දහනේ දහස් ගණන් ගැවසෙන නගරයේ ඒ සියළු දෙනාගේ ඇස් පනා පිට මිනිසුන් මරා දමනා මිනී මරුවා පැමිණෙන්නේ හිසේ සිට පාදාන්තය තෙක් කලු ඇදුමක් පොරවාගෙනද? නැත ඔහු දැන් චිත්‍රපටයක මෙන් දෑසම හෝ එක ඇසක් වසාගෙනවත් පැමිණෙන්නේ නැත. දරු ගැබක් උසුලාගෙන සිටින මවක් විනාශ කරන්නට දූෂකයා පැමිණෙන්නේ කලු ඇදුම ඇග ලා ගත් මුස්ලිම් කතක් විලසින්ද නැතිනම් මේ සමාජයේ ගෞරවණීය ඇදුමකින් සැරසීද? මේ මුස්ලිම් කාන්තා ඇදුම මහ ජාතියට බලපෑම් කරන අයුරුද?

 

අවසානයේ ඔහු කියන්නේ “නියෙන් කපන්නට හැකි දේ පොරවෙන් කපා දැමීමට තබා ගත යුතු නොවන” බවය. සැබෑය. අපටද පෙරලා කියන්නට ඇත්තේ එයමය. මව්බිම නසන තක්කඩිකම් හොර මැර කම් වලත්තකම් වනසන්නට කල යුත්තේ මුස්ලිම් කාන්තාවගේ රෙදි ගැලවීම නොව නිදැල්ලේ සරණ අමනයින් නීතියේ රැහැනින් බැද මේ තක්කඩිකම් වලට අවසානයක් ලබා දීමය. ජාතියේ අනන්‍යයතාව රකින්නට නම් කල යුත්තේ ආගමික ඇදහීම් පසෙකලා අනුන්ගේ කුණු කන්දල් ඇවිස්සීම නොව “වැවයි දාගැබයි ගමයි පන්සලයි” උදෘතය සිහි කොට වැරදුනු තැන් හදා ගැනීමය. පිට රටින් පටවන නැහැදිච්චකම් බදා වැළද ගැනීම අතහැර සිංහල රටේ මුසල්මානුවන් පවා ඉස්සර සිංලුන්ගෙන් දුටු සිංහල කම යළි ඉස්මතු කර මේ රට මගෙ රට මා ඉපදුනු සිරි ලක බව ලෝකයට සිහිකර දීමය. මුස්ලිම් ගැහැණියගේ රෙදි ගලවා ඇය අඩ නිරුවතින් දැකීමට සිහින බැලීමට ප්‍රථම ඇන්දාද නොඇන්දා සේ මහ මග සරන හැහැණියට අමතක සිංහල ගැහැණිය පිළිබද කියා දීමය. නැත්නම් නුදුරේදීම දියණිවරුන්ගේ , කාන්තාවන්ගේ මෙන් “කාන්තාවන් ඇදුම් අදින දිනය” යනුවෙන්ද වසරේ දිනයක් නම් කිරීමට සිදුවනු නොඅනුමානය.

මුණසිංහ සහෝදරයෝ … සියළු සේනා එක්ව සිංහල ජාතිය මෙකී ව්‍යසනයන්ගෙන් ගොඩ ගැනීමට කටයුතු නොකර අනුන්ගේ කුණු සොයමින් කබර ගමනින් ඇවිදින තාක් උපදින උපදින සෑම පරපුරකටම සිදුවන්නේ ඔබ පැවසූ අයුරින්ම වස කා කැලයට රිංගීමට හෝ මුහුදට පැනීමටය.
By:U H

October 31, 2012 / motivesl

දිවයිනේ මාර්ග සංවර්ධනය සඳහා සවූදි රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක්

ශ්‍රී ලංකාවෙහි මාර්ග සංවර්ධනය සඳහා සවූදි අරේබියානු රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක්(~රුපියල් කෝටි 765 ) ලබාදී තිබේ.

සවූදි අරේබියාවෙහි මුදල් අමාත්‍යවරයා හා සංවර්ධන කටයුතු සඳහාවූ සවූදි අරමුදලයෙහි අධ්‍යක්‍ෂකවරයා වන ආචාර්‍ය ඉබ්‍රාහිම් අල් අසාබින් මහතාගේ ශ්‍රී ලංකානු සංචාරයේදී මෙම මුදල් තොගය ලබාදී තිබේ.

නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින සවූදි අරේබියාවෙහි මුදල් අමාත්‍යවරයා අද දින අඟහරුවාද අරලියගහ මන්දිරයේදී ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාවද හමුවී සාකච්ඡා කළේය. මෙහිදි මෙම මුදල් ආධාරය සඳහා දෙරට අතර අවබෝධතා ගිව්සුමකටද අත්සන් තබනලදි. මෙයට සවූදි අරේබියාවෙහි මුදල් අමාත්‍යවරයා හා ශ්‍රේෂ්ට අමාත්‍ය සරත් අමුනුගම මහතාද අත්සන් තැබුවෝය.

මෙම අවස්ථාවට අමාත්‍ය රිෂාද් බදියුදීන්, නියෝජ්‍ය අමාත්‍ය නිර්මල් කොත්තලාවල, ශ්‍රී ලංකාව සඳහාවූ සවූදි අරේබියානු තානාපති, භාණ්ඩාගාර ලේකම් පි . ජයසුන්දර ඇතුළු බොහෝ පිරිසක් සහභාගිවී සිටියෝය.

October 28, 2012 / motivesl

බටහිර බුරුමයේ මහා විනාශයක්,මුස්ලිම් සුළුතර ප්‍රජාවට එරෙහිව ප්‍රහාර රැසක්-bbc

2012 ඔක්තෝබර් 27 සෙනසුරාදා – 17:55 GMT

බටහිර බුරුමයේ ආගම්වාදී ගැටුම් පැතිර යමින් තිබුන සතියක කාලය ඇතුළත, රෝහින්ග්‍යා (Rohingya ) මුස්ලිම් සුළුතර ප්‍රජාවට එරෙහිව ප්‍රහාර රැසක් එල්ල කොට ඇති බව බුරුම බලධාරීන් විසින් පිළිගෙන තිබේ.

බුරුම ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙක් BBC යට අදහස් දක්වමින්, ප්‍රචණ්ඩ ප්‍රහාර සිදු වූ ඇතැම් තැන්වල ගම්මාන පිටින්ද තවත් තැන්වල නගරවල සමහර කළාපද ගිනිබත් කරනු ලැබ ඇති බවයි කියා සිටියේ.

අර්බුදය පවතින කලාපයේ ආරක්ෂාව සහතික කිරීමට පියවර ගනිමින් ඇති බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ අතර හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch ) මානව හිමිකම් සංවිධානය , චොපියු නම් (Kyaukpyu) වෙරළාසන්න නගරයේ, අටසීයක් පමණ මහජන නිවාස සහ බෝට්ටු නිවාස විනාශ කරනු ලැබ ඇති ආකාරය දැක්වෙන චන්ද්‍රිකා දර්ශන සහිත වාර්තාවක් පළ කර තිබේ.

ප්‍රහාර වලින් ගැළවීමට බෝට්ටු මගින් පළාගිය තුන්දාහක් පමණ රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් කණ්ඩායමක් දූපතක සිරවී සිටින බවට ද වාර්තා වී ඇත.

බෞද්ධ-මුස්ලිම් ගැටුම් පවතින කළාපයේ ප්‍රචණ්ඩ ප්‍රහාර නතර කිරීම සඳහා තවත් යුද හමුදා එහි යවන්නැයි විපක්ෂ නායිකා අවුන් සාන් සුචිගේ නායකත්වයෙන් සැදුම් ලත් පාර්ලිමේන්තු කමිටුවක් මේ අතර ඉල්ලා තිබේ.

එහෙත් එම යෝජනාවට බුරුම පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී නැත.

බුරුම විපක්ෂ නායිකාව, රෝහින්ග්‍යා සුළුතර මුස්ලිම් ජාතියේ ඉරණම සම්බන්ධයෙන් මින් පෙර ප්‍රසිද්ධියේ අදහස් දක්වා නැති බවයි වාර්තා වන්නේ.

බුරුම ආණ්ඩුව රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් තම රටවැසියන් හැටියට පිළිගන්නේ නැති අතර එම ප්‍රජාවගේ නිදහසට තහංචි දමන පිළිවෙතක් අනුගමනය කරයි.

බුරුමයේ බහුතර ජනතාව වන බෞද්ධයන්ගේ අප්‍රසාදයට ලක්වීමට ඉඩ ඇති අදහස් පළකිරීමකින් අවුන් සාන් සුචි වැළකී සිටින බවට මානව හිමිකම් සංවිධාන සැක පල කර සිටියි

————————————————————————————————-

2012 ඔක්තෝබර් 26 සිකුරාදා – 12:45 GMT

Violence in Burmaබටහිර බුරුමයේ සිදුවෙමින් පවතින ජනවාර්ගික ඝාතන රැල්ල හේතුවෙන් එරට ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල දැඩි තර්ජනයකට ලක්ව ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු ඇඟවීමක් කරයි.

බටහිර රකින් (Rakhine) ප්‍රාන්තයේ බෞද්ධ සහ මුස්ලිම් ගැටුම්වලින් මේ සතිය ඇතුළත පමණක් සීයකට අධික ජීවිත විනාශයක් සිදුව ඇති බවයි, එම ප්‍රාන්තයේ සිටින බුරුම ආණ්ඩුවේ නිලධාරියෙක් පවසන්නේ.

පහරදීම් සහ අන්තවාදී ප්‍රකාශන නිසා බුරුමයේ සමාජමය විවිධත්වය විනාශ කෙරෙන බව මහ ලේකම්වරයා පවසයි.

බුරුම ආණ්ඩුව රකින් පළාතේ වෙසෙන රෝහින්ග්‍යා (Rohingya) මුස්ලිම් ප්‍රජාව තම රටවැසියන් හැටියට පිළිගන්නේ නැහැ.

පළාතේ නීතිය සහ සාමය ස්ථාපිත කිරීමෙහිලා යත්න දරන බුරුම ආරක්ෂක හමුදා ප්‍රචණ්ඩ ගැටුම් දරුණු අතට හැරී පවතින උප නගර හයකදී වෙඩි තැබීම් සිදුකර ඇති බවක් ද මේ අතර වාර්තා විය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන්ගේ කාර්යාලය මගින් නිකුත් කෙරුන වාර්තාවකින් පැවසෙන්නේ, නීතිය කඩකරමින් එල්ල කෙරෙන පහරදීම් සහ අන්තවාදී ප්‍රකාශන නිසා බුරුමයේ සමාජමය විවිධත්වය විනාශ කෙරෙන අතරම, මෑතදී දියත් කෙරුන දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල අගාධයට පත්වීමේ අනතුරක් ඇති බවයි.

—————————————————————————————-

2012 ඔක්තෝබර් 24 බදාදා – 15:46 GMT

burma clash

බටහිර බුරුමයේ බෞද්ධ සහ මුස්ලිම් ප්‍රජාවන් අතර දිගටම ප්‍රචණ්ඩ ගැටුම් සිදු වෙමින් ඇතැයි එරට බලධාරීන් කියා සිටියහ.

නිවාසවලට ගිනි තබනු ලැබීමත් සමඟ ඊයේ (අඟහරුවාදා) රාත්‍රියේ, ගැටුම් තවත් ප්‍රදේශ දෙකකට පැතිර ගිය බවයි බුරුම ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් කියා සිටියේ.

මේ අළුත් ගැටුම් වලින් සිදු වුන ජීවිතහාණි පිළිබඳව තවමත් තොරතුරු ලැබී නැත.

ගැටුම් පැතිර ගිය කළාපයක සඳුදා සිදු වූ ගැටුම්වලින් තුන් දෙනෙක් මරා දමනු ලැබුහ.

පසුගිය ජුනි මාසයේ රකින් ප්‍රාන්තයේ බෞද්ධ – මුස්ලිම් ගැටුම් වලින් අසූවකට අධික ජීවිත විනාශයක් සිදු වූ අතර දහස් ගණනකට උන්හිටිතැන් අහිමි විය.

නිවාස අහිමි වූවන්ගෙන් වැඩිදෙනා රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට අයත් වෙති.

බංග්ලාදේශයෙන් සංක්‍රමණය වී සිටින රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව තම රට වැසියන් හැටියට භාර ගනු ලැබීම බුරුම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

එසේම එම සුළුතර මුස්ලිම් ප්‍රජාව ඇතැම් බුරුම බෞද්ධයන්ගේ එදිරිවාදීකම් වලට ලක් වෙන බවත් වාර්තා වී ඇත.

FROM:BBC

October 27, 2012 / motivesl

අනුරාධපුරයේදී අද දින මුස්ලිම් මස්ජිදයකට ගිනි තබයි

 

 අනුරාධපුරය මල්වතු ඕය සිංහ කණුව ප්‍රදේශයෙහි පිහිටි මුස්ලිම් මස්ජිදයක් හා මුස්ලිම් දහම්පාසලක් මුස්ලිම් ජනතාවගේ අවුරුදු දිනයක්වන අද දින අළුයම 2.30ට පමණ නාඳුනන මැර කණ්ඩායමක් විසින් ගිනි තබා තිබේ.

මුස්ලිම් ජනතාවගේ හජ් අවුරුදු සලාතය නැමඳුම් කටයුතු සූදානම් කර තිබූ අවස්ථාවේදී මෙලෙස මැරයන් විසින් ගිනි තබා ඇතයි වාර්තාවේ. අනතුරුව ආගමික කටයුතු අසල පිහිටි නිවසක සිඳුකර ඇතයිද පැවසේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් තමන්ට පැමිණිලි කර ඇති බවත් වැඩිදුර පරික්‍ෂණ ආරම්භකර ඇති බවත් අනුරාධපුර පොලීසිය පවසා තිබේ.

Thanks:www.lankadeepa.lk,RJ

September 18, 2012 / මාධ්‍යවේදියා

අපරාධකරුවෙකුට ජාතිවාදි අනන්‍යතාවයක් තිබේද?

අපරාධකරුවෙකුට ජාතිවාදි අනන්‍යතාවයක් තිබේද?

“අපට ඔින උඹලයි කෙල්ලෝ. උඹලයි ජාතිය, උඹලයි ආගම, උඹලයි සල්ලි, ඉඩකඩම් අපිට එපා. අපි කෙල්ලෝ ගන්නවා. ඒකට අප කැමැතියි…..” මා දන්නා මුස්ලිම් ව්‍යාපාරිකයකු පස්සර දී මට දිනක් කීවේය.

මුස්ලීම් තරුණයකු සමග යාළු  සිංහල යුවතිය කෙසේ හෝ පන්නාගෙන ගොස් ඉස්ලාම් ආගමට හරවා බන්දවා ගන්නා ඔවුහු ඊළඟට කරන්නේ පර්දාව අන්දවා මුස්ලිම් කාන්තාවක් ලෙස ආඩම්බරයෙන් ඇයව සමාජගත කිරීමයි. එහේත සිංහල තරුණයන් හා විවාහ වන මුස්ලිම් යුවතියන් ගැන අහන්නට නැත. මේ මෑත කාලයේ මුස්ලිම් තරුණයන් විසින් රවට්ටාගෙන ගිය සිංහල පුංචි කෙල්ලන් ගැන උදාහරණ මට සිය ගණනක් පස්සරින් දිය හැකිය. මේ ඉතාම ක්‍රමානුකූලව කි්‍රයාත්මක වන්නේ මුස්ලිම් ව්‍යාප්තවාදයයි.

මෙය පසුගිය 2012/03/13 වැනි දින පස්සර ප්‍රාදේශීය සභාව ඉදිරියේ සිදුවූ මිනිස් ඝාතන සිද්ධිය සම්බන්ධ කරමින් පසුගිය 2012/03/18 වැනි දින දිවයින පුවත්පතේ පල කල ලිපියක සඳහන් කරුණය.

ජනමාධ්‍ය තුලින් අපරාධකරුවන් හඳුන්වා දෙන අවස්ථාවේ ඔවුන් මුස්ලිම් ජාතිකයෙක් වන්නේ නම් අපරාධ කරවාගේ නම සමග ඔහුගේ ජාතියත් සම්බන්ධ කර හදුන්වා දීම ජනමාධ්‍ය වල සුලභව දැකිය හැකිය.

අද අපගේ මව් බිමේ ඉතිහාසය ගෙන කතා කරන විටත් ලියන විටත් ප්‍රධාන වශයෙන් යුද්ධයෙන් පෙර හා යුද්ධයෙන් පසු වූ ඉතිහාසය වශයෙන් ඛෙදා පෙන්වා දෙනු ලබනවා. පසුගිය අවුරුදු 30 කට අධික කලක් සාපලද් යුද්ධය හේතුවෙන් අපගේ සුන්දර වූ මේ මව් බිම දැඩි පසුබෑමකට ලක්වූ දේශයක් බවට පත්ව තිබුනු බව කවුරුත් පිළිගන්නා කරුණකි. නමුත් එම සාප ලත් යුද්ධය අප රටේ වෙසෙන එක් සහෝදර සමාජයක් මත පැටවූ යුද්ධයක් බවත් එය එකපාරටම මතුවූ සිදුවීමක් නොවන බවත් අප පිළිගන්නා කරුණකි. එක් සමාජයක නිදහස් සංවර්ධනයට එරෙහිව හා ඒ අයගේ නිදහස් චින්තනයට ඊර්ශියා කල සමහර නායකයන් මගින් තහංචි පැනවීමට දැරු උත්සහය තුළින් ඇති වූ අවස්ථාව ප්‍රයෝජනයට ගත් ත්‍රස්තවාදීන් එය අවස්ථාවක් කර ගෙන මේ රට විනාශ මුඛය කරා ළගා කළහ.

1-   මින් මතුව මේ රටේ සුලූජාතින් කියා කිසිවෙක් නොමැතිද……?

එම හේතුවෙන් ශී්‍ර ලංකා වැසියන් වන සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් යන සමාජයන් හට අති විශාල වන්දියක් ගෙවීමට සිදුවිය.  ශී්‍ර ලංකාවේ වෙසෙන සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් යන ජාතීන් සංඛ්‍යාත්මකව මහ ජාතිය හා සුලූ ජාතීන් වශයෙන් ඛෙදිය හැකි වූවත් සාපලත් කුරුරු යුද්ධය හේතුවෙන්  ගෙවන්නට සිදුවූ වන්දියේ විශාලත්වයෙන් හා ගැඹුරින් එක හා සමාන විය. පොලොන්නරුව අරන්තලාව, අනුරාධපුර, කැබිතිගොල්ලෑව යන ප්‍රදේශයන්හි ගැලූ ලේ ගංගාවටත්

කාත්තාන්කුඩි, වාලච්චේනේ, මූතුර්, කින්නියා යන ප්‍රදේශයන් හි ගැලූ ලේ ගංඟාවටත්, උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වලින් ඔවුන්ගේ නිවෙස් වලින් පන්නා දමා අද වන තුරුත් එම ජනතාව මුහණ පා සිටින දුක් ගැනවිලිවලටත්, අගනගරයේ හා දකුනේ නොයෙකුත් තැන්වල පිපිරි විනාශ වී ගිය මිනිස් සිරුරු වල වටිනා කමටත් මහ ජාතිය, සුලූ ජාතිය යනුවෙන් කිසිම භේදයක් නොතිබුනි.

මේ නිසා තමයි අවුරුදු 30 ක සාපලත් යුද්ධය නිම කිරීමේ නිල දැනුම් දීමේ ප්‍රකාශය සිදු කරන අවස්ථාවේ අතිගරු ජනාධිපති තුමා කියා සිටියේ ර්‍ණමින් මතුව මේ රටේ සුලූජාතින් කියා කිසිවෙක් නොමැත, මේ රටේ ජීවත් වන සෑම ජාතිකයෙක්ම මේ රටේ ගෞරවනීය පුරවැසියන්ය” බව. මෙරට වැසියන් හට හා ජාතියන්තරයට ලබා දුන් එම පණිවුඩය ඉතාමත් ගැඹුරු අර්ථයක් හා පූර්වාදර්ශි වැකියක් වශයෙන් පන්වා දිය හැක. එම වැකියෙන් ගම්‍ය වන අර්ථය කි්‍රයාවට නැංවීමෙන් මේ රට ආසියාවේ ආශ්චර්යමත් රටක් බව පත් කිරීමට යන ගමන තුළින්  මේ රට වැසියන්හට සුබ අනාගතයක් ලගා කර ගැනීමටත් හැකිවේ.

නමුත් ජනාධිපති තුමාගේ එම ප්‍රකාශයේ අරුතය කනපිට තේරුම් කරගත් සමහරුන් ර්‍ණමින් පසුව මෙ රටේ සුලූ ජාතින් කියා කිසවෙක් නොමැත….. මහ ජාතිය පමණයි යනුවෙන් අර්ථ නිරූපනය කරමින් එය ජනමාධ්‍ය ඔස්සේ හා සමහරක් රාජ්‍ය නිළධාරින් මගින් කි්‍රයාවට නැංවීමට ගන්නා වූ උත්සහය නැවතත් මේ රට අගාතයක තල්ලූ කර දමන්නට ගන්නා වූ උත්සහයක් වශයෙන් පෙන්වා දිය යුතුවේ.  විජාතික කුමන්ත්‍රණ තුලින් ජාත්‍යන්තරයේ මෙරට මුහුණ පා සිටින මෙවැනි අවස්ථාවකට උඩ ගෙඩි දෙන කි්‍රයාවකි.

2-   මනුෂ්‍ය අපරාධයක් ජාතිවාදි වන්නේ කෙසේද…..?

පස්සර සිදුවූ ඝාතන සිද්ධියට ප්‍රධාන හේතුව වශයෙන් සිංහල යුවතියකට පෙම් කල මුස්ලිම් හා සිංහල තරුණයන් අතර ඇති වූ ආරවුල දුර දිග ගොසින් එය මිනි මරුවක් දක්වා දිග්ගැසී ඇති බව දැන ගන්නට තිබේ. සිදුවූ මෙම ඝාතනය කිසිසේත්ම සාධාරණකරනය කිරීමට හෝ වසා දැමීමට හෝ නොහැකිය. නමුත් මෙම සිදුවීම මුල් කොට ගෙන මෙය මුස්ලිම් සමාජයේ නායකයන් හා ඉහළ ප්‍රජාව මගින් කි්‍රයාත්මක කෙරෙන සැලසුම් සහගත කි්‍රයාදාමයක් වශයෙන් පෙන්වා දී මෙම සිදුවීම ජාතිවාදයට කිසිම සම්බන්ධයක් නොමැති බව පවසමින් ජාතිවාදි  අදහස් තුලින් සමාජ පරස්පර තාවයට මග පෙන්වීම පැහැදිලි ජාතිවාදයකි.

මෙම සිදුවීමට දින කිහිපයකට පෙර රත්නපුර, කහවත්ත, ප්‍රදේශයේ මවක් හා දියණියක් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් විසින් ඝාතනය කල සිද්ධියෙන් මුලූ රටම තිගැස්සී ගියේය. අවුරුදු ගණනාවක් අසල්වැසියන් වශයෙන් ජීවත් වූ එම ඝාතකයන් ගැන මුලූ රටේම අවදානය යොමු වී තිබුනු අවස්ථාවේ එම සිදුවීමෙන් දින දෙකකට පසුව එම ඝාතකයා විසින් ඝාතනයට ලක් වූ 16 හැවිරිදි ශිෂ්‍යාවක් වන එම දැරිය ඝාතනයෙන් පසු දුෂණය කර ඇති බවත් දැන ගන්නට ලැබිණ. මෙවැනි අපරාධකරුවන් ජාතියක් පදනම් කර කිසිවෙක් අමතන්නේ නැත. මොකද අපරාද කරුවාට ජාති ආගම් සීමා නොමැති බැවින්ය.

මෙවැනි ඝාතකයන් මුලූ මහත් මිනිස් සංහතියටම සාපයක් වන බැවින්ය. මොනම ආගමක් දහමක්වත් මිනි මැරීමට හෝ මංකොල්ල ගැසීමට හෝ අපරාධ කිරීමට හෝ දේශනා කරන්නේ නැත. මනුෂ්‍ය සංහතියේ යහපතට එරෙහිව කි්‍රයා කිරීමට දිරි ගන්වන්නේ ද නැත.

ගෞතම බුදු රජානන් වහන්සේ දේශනා කල බුදු දහමේ සියලූ සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා යනුවෙන් දේශනා කර ඇත.

එමෙන්ම ඉස්ලාම් දහම ලොවට දේසනා කල අල් කුර් ආනයෙAද පවසා ඇත්තෙ   “යමෙක් යමෙකුව නිකරුණේ ඝාතනය කළහොත්,ඔහු මුලූ මනුෂ්‍ය සංහතියම ඝාතනය කලා හා සමාන වේ, ඒ වගේම යමෙක් යමෙකුගේ ජීවිතය බේරා ගතහොත් ඔහුවු මුලූ මනුෂ්‍ය සමාජයේම ජීවිත බේරාගත් අයකු හා සමාන වේ” යයි දේශනා කර ඇත.

එබැවින් කහවත්ත ප්‍රදේශයේ සිදුකල දිවි පුද්ගල ඝාතනය සිදුවීම හෝ පස්සර දී සිදුකර ඇති ඝාතනය හෝ වේවා මෙය අපි සමාජ අපරාධයක් වශයෙන් දැකිය යුතුයි. මෙයට ජාති ආගම් සම්බන්ධ කිරීමෙන් ප්‍රශ්ණය වෙනත් අතකට හැරවීම සමාජයේ වගකීම් දරන උගත් අයගේ කි්‍රයාවක් වශයෙන් පිළිගත නොහැක.

ලේඛකයාගේ හා පසුබිම් තොරතුරු සැපයූ අධ්‍යාපන ෙක‍ෂ්ත්‍රයේ ඉහළ නිල දරණ මහත්මයාගේ අදහස අනුවත් මෙම අපරාධය සිදුවූ දින දෙපිරිසම මත්පැන් පානය කර ඇත.

3-   මත්ද්‍රව්‍ය භාවිතා කළ දෙපිරිස අතර වෙනස් කම් තිබේද……?

නමුත් ඝාතකයට ලක් වූ අය සුලූ මදු පානෝත්සවයකට සහභාගි වූ පිරිසක් වශයෙන් හා ඝාතකයන් උදෑසන සිටම මත්පැන් බීමත්ව සිටිය බවත් ඔවුන් ගන්ජා, පුවක් කුඩු වැනි මත් ද්‍රව්‍ය පාවිච්චි කිරීමට පුරුදු වී සිටින්නන් බවත් පෙන්වා දී ඇත.

අදාල එම කරුණු වලට අනුව මෙම ඝාතන සිද්ධියට බීමත් කමත් හේතුවක්  වන්නේ නම් වගකීම දරන පුවත්පත් කරුවෙකු වශයෙන් හා උගත් අධ්‍යාපන නිලධාරියෙක් වශයෙන් මත්පැන් පානය කිරීම සමාජ අපරාධයන්ට ප්‍රධාන හේතුවන් වශයෙන් පෙන්වා දීමේ වගකීම ඔවුන් සතුව ඇත. මොකද පුංචි සාදයකදී බොන මත්පැන් එක් ආකාරයකටත්, වෙනත් තැනකින් ලබා ගෙන බොන මත්පැන් තවත් ආකාරයකටත් කි්‍රයා කරන්නේ නැත. මත්පැන් පානය කිරීමෙන් මනුෂ්‍යන් තිරිසනුන් බවට පත් වන බැවින් බෞද්ධ ධර්මයෙන් හා ඉස්ලාම් ධර්මයෙන් එය මනුස්‍ය සමාජයට නො ඔබිනා පාප කි්‍රයාවක් වශයෙන් පෙන්වා දී ඇත.

මනුෂ්‍ය සමාජයේ උන්නතිය සඳහා පන්සිල් රැකීම බුදු දහමේ ප්‍රධාන වශයෙන් බෞද්ධයන් විසින් පිළි පදිනා සමාජ චාරිත්‍රයකි. එහෙයින් සුරාව පිළිබඳ සීලය තෙවන ස්ථානය ලබා දී ඇත්තේ එම කරුණ නිසාමය.

එවගේම මෙම ඝාතන සිද්ධියට හා ජාතිවාදයට කිසිම සම්බන්ධයක් නොමැති බව කියමින් තවදුරටත් අදහස් දක්වන අදාල ලේඛකයා සිංහල යුවතියක් ඉස්ලාම් දහමට හරවා ගන්නා කි්‍රයාවලිය ඉතාමත්ව සැලසුම් සහගතව මුස්ලිම් සමාජයේ ඉහල අයගේ අනුබල ආශිර්වාදයන් ඇතුව සිදුවන බවත්, සිංහල තරුණයන් සමග විවාහ වන මුස්ලිම් යුවතියන්  ගෙන අසන්නට නැති බවත් දන්වයි.

4-මුස්ලිම් ආගමික නායකයන්ගේ ආශිර්වාදය හා අනුබලය…..?

අද මෙම රටේ ජීවත්  වන මුස්ලිම්වරුන් කිසිම පිල්ලියකින් හෝ වෙනත් ආගමික ස්ථානයකවත් අදාල මෙම චෝදනාවට අනුව අන්‍ය ආගමිකයන් ඉස්ලාම් දහමට හරවා ඔවුන් සමග විවාහ වන ලෙස දේශනා කරන්නේ නැත. සිකුරාදා දින පවත්වන ප්‍රසිද්ධ දේශනය ශබ්ද විකාශනය මගින්ද විකාශය කෙරේ. ඉතිහාසයේ මේ වන තුරු කිසිම පල්ලියක එවැනි දේශනාවක් කර ඇති බව චෝදනා නැත. එවැනි කිසියම් අවස්ථාවක් පිළිබඳ චෝදනාවක් තිබේනම්, වග කීමකින් ඒ ගැන සොයා බලා, එයට විරුද්ධව කි්‍රයා මාර්ග ගැනීමට අප ඉදිරිපත් වන බව මෙයින් දන්වා සිටිමු.

නමුත් අන්‍ය ආගමිකයන් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට බඳවා ගැනීමට හෝ අන්‍ය ආගමිකයන් හා විවාහ වීමට එරෙහිව දේශනා කිරීම සාමාන්‍ය කි්‍රයාවලියකි. මොකද එවැනි විවාහ වීම් ඉස්ලාම් ධර්මයෙහි තහංචි කර ඇති බැවින්ය.

නමුත් මිශ්‍ර සමාජ ක්‍රමයක් යටතේ ජීවත් වන සමාජයේ මෙවැනි මිශ්‍ර විවාහයන් නොවැලක්විය හැකි බවද අපි කවුරුත් පිළිගත යුතුවේ. ර්‍ණඉස්ලාම් ආගමට බඳවා ගන්නා යුවතියන් හැර, ඉස්ලාම් දහමින් බෞද්ධ ආගමට බැදුනු මුස්ලිම් යුවතියන් ගෙන දැන ගන්නට නැති බව කියා සිටීම කිසිසේත් පිළිගත නොහැකි කරුණකි.

සිංහල තරුණයින් විවාහ කරගත් මුස්ලිම් තරුණියන් හා සිංහල තරුණියන් විවාහ කර ගත් මුස්ලිම් යුවතියන් බෞද්ධ ධර්මය චාරිත්‍ර පිළිපදිමින් අද සමාජයේ ජීවත්වීම දක්නට ලබන සුලබ දසුනකි.

   “විරුද්ධ ලිංග ආකර්ශණය” නොහොත් ආදර හැ~ඟීම් ඇති වන්නේ සමාජයේ ලගින්ම ආශ්‍රය කරන ගැහැණු පිරිමින් අතරය. මෙය ඉතා සුලබ සමාජ සිදුවීමකි. මෙවැනි හැ~ඟීම් පාලනය කිරීම සඳහා ආගම දහමින් නොයෙකුත් දේශනා හා මග පෙන්වීම් තිබුනත්, එයට ඔබ්ඛෙන් මෙවැනි සිදුවීම් සිදුවීම සාධාරණ බව අප දන්නා කරුණකි. මෙය මනෝ විද්‍යාත්මකව වටහා ගැනීමට නොහැකි අධ්‍යාපන නිලධාරින් හා උගත් වගකීම් දරන්නන් මෙවැනි ප්‍රශ්ණයක් සුලභව පාසල් තුල සිදුවන අවස්ථාවේ එය විසදීමට ගන්නා කි්‍රයා මාර්ග කෙසේ විය හැකි දැයි සිතා බලන්නට අවශ්‍යයි.

5-මුස්ලිම් ව්‍යාප්තවාදයක් කි්‍රයාත්මක වන්නේද……?

ලේඛකයාගේ ඊළඟ චෝදනාව වන්නේ මුස්ලිම් ජනතාව විසින් ඇති තරම් රජයේ ඉඩම් අත්පත් කර ගැනීමෙන් ගණ කැලෑ හා තේ වතු මුස්ලිම් ගම්මාන වශයෙන් පරිවර්තන වී තිඛෙන බවයි. පස්සර හා ලූණුගල ප්‍රාදේශීය සභාව සීමාව තුල ජාතින් අනුව ජන ගහණය පිළිබඳ අවදානය යොමු කරන විට,

(2010 පස්සර ප්‍රදේශීය ලේකමිකාර්යාල ලේඛන ගත සංඛ්‍යා ලේඛන  අනුව .)

පස්සර

ජාතින්

සංඛ්‍යාව

ප්‍රතිශතය

සිංහල 30492 56.98%
ඉන්දියානු දෙමල 20008 37.39%
මුස්ලිම් 2908 5.19%

ලූණුගල

ජාතින්

සංඛ්‍යාව

ප්‍රතිශතය

සිංහල 18776 50.01%
ඉන්දියානු දෙමල 16275 48.00%
මුස්ලිම් 1476 2%

මෙම ප්‍රාදේශීය දෙකෙහිම මුස්ලිම් පූජාව ඉතාම සුලූ පිරිසක් වශයෙන් වෙසෙන බව පැහැදිලිව කිව හැක. නමුත් සියවස් ගණනාවක් සිංහල මහ ජාතිය සමග ඉතා සාමකාමීව හා විශ්වාස වන්තව ජීවත් වන මෙම පිරිසගෙන් වැඩි ප්‍රතිශතයක් වෙළඳ ව්‍යාපාරිකයන්ය. දැනට අවුරුදු දහසකට පෙර මෙම රටට පැමිණි මුස්ලිම් ව්‍යාපාරිකයන් මැණික් කර්මාන්තයේ නියැලූනු අය වශයෙන් ඔහු කදුකරයේ සෑම ප්‍රදේශයකම පාහේ නගර බදව ඔවුන්ගේ වාසස්ථාන තනා ගත්තහ. අද පස්සර නගරයේ එය නිදසුනක් වශයෙන් දැක ගත හැක. 5.1 වැනි සුලූ පිරිසක් වන මෙරටේ පුරවැසියන් ඔවුන්ගේ එදි නෙදා ජීවිතයේ දෛනික අවශ්‍යතා සපුරාලමින් ගෙවන දිවි පැවත්ම ර්‍ණමුස්ලිම් ව්‍යාප්ත වාදය” නමින් ජාතිවාදි හැගීමෙන් හදුන්වා දීම සමාජ අසමගියට හේතු විය හැක.

6-    සමාජ අවශ්‍යතාවයන් ව්‍යාප්තවාදයක් වන්නේද….?

මනුෂ්‍ය ශිෂ්ඨාචාරය වැඩි දියුණු ඉතිහාසය පුරාම කැලෑ එලිකර ජනාවස බිහිවූ බව අපි කුවරුත් දන්නා පිළිගන්නා දෙයකි. නමුත් මෙම වෙනස එක්තර ජාතියක් විසින් පමණක්ම සිදු කරන බව පෙන්වා දීම පිළිගත නොහැකි කරුණකි. අද මෙරට වැසියන් වන සිංහල, දෙමළ, මුස්ලිම්, කි්‍රස්තියානි කොයි කවුරුත් තමන්ට කියා නිවසක් තනා ගැනීම ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයක් හා මෙරට පුරවැසියන් වශයෙන් ඔවුන් ලද මූලික අයිතිවාසිකමක්ය. ඒවගේම නිවසක් මිලදී ගැනීම / විකිණීම වැනි කටයුතු වල යෙදෙමින් මිශ්‍ර සමාජ ක්‍රමයක් තුළ ජීවත් වන නගර බද ජනතාව පර්චස් 2, 3 වැනි පුංචි ඉඩම් කැබැල්ලක වාසය කිරීම කාටත් දැකිය හැකි සුලබ දසුනකි. මෙය එක්තරා සමාජයක් විසින් පමණක් සිදුකරන බව කීම පිළිගත නොහැකිය. ඒවගේම පස්සර මිශ්‍ර සමාජ ක්‍රමයක් තුල ජීවත් වන ජන කොට්ඨාශ අතර ගනුදෙනු කිරීම්, වෙළඳ ව්‍යාපාරික කටයුතු වල යෙදීම හා මිශ්‍ර විවාහක සිදුවීම් නොවැලැක්විය හැකි සාමාන්‍ය සිදුවීම් බව අපි කවුරුත් පිළිගත යුතු කරුණක් වේ.

සමාජ සමානතාවය රකිමින් මේ රටේ සෑම පුරවැසියෙකුටම ර්‍ණසුබ අනාගතයක්” ලගා කර දීමට ඇසියාවේ ආශ්චර්මයත් රටක් බවට මේ ශී්‍ර ලංකාව පත් කිරීමට අතිගරු ජනාධිපති තුමා මහින්ද චින්තනය තුලින් ගෙන යන අයිතිහාසික කි්‍රයාදාමයට මෙවැනි කි්‍රයා මෙන් කිසිසේත්ම කි්‍රයාවක් බව පෙන්වා දීමට කැමැත්තෙමු.

7-    මෙරට මුස්ලිම් ප්‍රජාව රට පාවා දුන් හෝ රටට එරෙහි කුමන්ත්‍රණ ඉතිහාස ගතව තිබේද?

මේ රටේ කිසිම දිසාවක් හෝ ප්‍රදේශයක් ඛෙදා වෙන් කර දෙන ලෙස කිසි දිනක නො ඉල්ලපු, තමන්ටම ආවේනික වූ සමාජ අනන්‍යතාවයක් ඇතිව, මේ රටේ ඉතිහාසය පුරාම රටට සැබෑ ආදරයක් දක්වමින් එදත් අදත් රටේ පාලකයන්හට සමීපව හා විශ්වාස වන්තව ජීවත් වන ගෞරවනීය සමාජයක් වශයෙන් අදාල එම ලේඛක මහතාට යම් පැහැදිලි කිරීමක් කිරීම අවශ්‍යතාවය මත මෙම ලිපිය ලිවීමට අදහස් කල බව සඳහන් කරමින්,

මේ රටේ සුප්‍රසිද්ධ ඉතිහාසංඡාවරියෙකු වන ලෝනා දේවරාජ මහත්මිය විසින් ලියන ලද මේ රටේ මුස්ලිම් ජනතාව පිළිබඳ ගවේෂනාත්මක කෘතියක් වන ශී්‍ර ලංකාවේ මුස්ලිම්වරු සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය නැමති කෘතියෙන් බිදක් ඔබගේ අවධානයට මෙසේ සටහන් කරමි.

උඩරට රාජධානියේ මුස්ලිම් ජාතිකයන් නොයෙකුත් ආකාරයෙන් රජුට සේවය කළ අතර, බොහෝ විට ඇතම් සේවා රහස්‍ය සහ ගෞරව ස්වභාවයේ ඒවා විය. 1762 දී ඉංගිරිසි ජාතික ජෝන් පයිබස් දින 13 ක් ගත කරමින් තිරිකුණාමලයේ සිට ගන්නොරුව දක්වා ගිය ගමනේ දී පයිබස් ගේ පරිවාරක නිලධරියා වශයෙන් ගිය රජගේ බලය ලත් නියෝජිතයා මුස්ලිම්වරයෙක් වූයේය. ඔහුගේ නම මව්ලා මුහම්දිරම්ගේ පුත් (උදුමා ලෙබ්බේ).

මේ දුත මෙහෙවර පිළිබඳව ඉතා විමසිලිමත්ව සිටි, ඔිලන්දකාරයන්ට කොළඹදී වාර්තා කර තිබේ. මවුලා මුහන්දිරම්ගේ පුතා ඉටු කළ සේවය ගැන ඉතා සතුටට පත් රජු ඊට තැගී වශයෙන් ඔහු රන්තරන් වලින් නැහැවීය. ඊට අමතරව, පියා ගෙන් සහ පුතාගෙන් පගෝදි 1500 ක සහ 2000 ක මුදලක් භාණ්ඩාගාරයට අය විය යුතුව ඇති බවට වූ පොරොන්දු නෝට්ටුවක් ඉරා දමා ණය අවසන් කර දමනු ලැබීය.

(ශී්‍ර ලංකාවේ මුස්ලිම්වරු සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය… පිටු අංක 183)

     උඩරට රාජධානියේ විසූ මුස්ලිම්වරුන් විවිධ කර්මාන්ත ගණනාවක හසළ දක්ෂතාවක් පෙන්නුම් කළ, නොයෙකුත් ආකාර වලින් රටට සේවය කළ විවිධ කාර්යයන් හි නිපුණ වූ ජන කණ්ඩායමක් වූ බව මෙ තෙක් කරන ලද විග්‍රහයෙන් පැහැදිලි වේ. ඔවුන් ස්ථුල,කඩිසර, ශ=ර, ව්‍යාපාරික ජාතියක් වශයෙන් ඩේව් දුටුවේය. සමාජයක් සමන්විත වන විවිධ ජනවාර්ගික කණ්ඩායම්, අප්‍රසන්න බලහත්කාර කි්‍රයාවලින් තොරව සහජීවන මාර් වැඩිදියුණු කර ගැනීමෙන් ඇති කර ගන්නා වූ දීර්ඝ කාලීන ස්ථාවර තත්ත්වයකට මෙය කදිම නිදර්ශනයකි. සමාජ විද්‍යාඥයන් විසින් එය සංජෛව සම්බන්ධතාවක් යනුවෙන් හඳුන්වනු ඇත.

මුස්ලිම් ජනතාව රටවල් අල්ලන, තම ආගමට හරවාගන්නා බලවේගයක් වශයෙන් ශී්‍ර ලංකාවට නොපැමිණීම, මේ මිත්‍ර සම්බන්ධත්වයට දායක වූ වැදගත් කරුණක් විය. ඔවුහු අදාළ සියලූ දෙනාම සමග සුහද සම්බන්ධතා පවත්වාගනිමින්, සිංහලයන් ගේම ප්‍රසාදය හා අනුගහය ලබමින්, එහෙත් බල කණ්ඩායමක් වශයෙන් හැඩ නො ගැසී, අද මෙන් එදාත්, තම වැඩ කටයුතු වල සාමකාමීව යෙදුණහ. පෘතුගීසි සහ ඔිලන්ද තාජන පීඩන යටතේ ඔවුන් රට අභ්‍යන්තරයට පැමිණි විට, උඩරට රජවරු ඔවුන් සුහදව පිළිගෙන ඉඩකඩම් පවරා දී උඩරට ස්තී්‍රන් සරණ පාවා ගැනීමට ඔවුන් දිරි ගැන්වූහ. උඩරට රජවරුන් තම රාජධානියේ විසු මුස්ලිම්, දෙමළ සහ හැම නිකායකයකටම අයත් කි්‍රස්තු භක්තික පරමාදර්ශනය හා සැබැවින්ම අනුකූල වූ ද ආකාරයේ එකක් විය. නිසැක වම බුදු දහමේ දැක්වෙන සමානාත්මතාවාදය සහ විශ්විය භාවය නිසා, සිහංල සමාජයේ විදේශිකයන් සමග සහසබඳතාවලට සමාජ තහංචියක් නොවීය.

(ශී්‍ර ලංකාවේ මුස්ලිම්වරු සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය… පිටු අංක 185 – 186)

    මෙවැනි පැහැදිලි ගෞරවනීය ඉතිහාසයක් තිඛෙන මුස්ලිම් ප්‍රජාව පිලිබඳව අවිශ්වාසයක් ඇති කිරීමේ බලාපොරොත්තුව හෝ වෙන යම් අවශ්‍යතාවයක් මත ඉහත කී ආකාරයට මාධ්‍ය ඇසුර වීමෙන් සමාජ අසමගිය ඇති වීමට හේතු වන බවත් අදාළ මිනිමැරුමට පසු දින කීපයන් තුළ අහිංසක වැසියන්ගේ නිවාස හානි කිරීමට පස්සර නගරයේ කඩ සාප්පු වසා ඇති වූ ආර්ථික අපහසුතාවයන්ටත් මේ පිළිබඳව අත්අඩංගුව ගෙන තිඛෙන තරුණයින් හට අද ඇති වී තත්වයටත් මෙවැනි මාධ්‍යකරණය හේතු වන බවත් පෙන්වා දීමට කැමැත්තෙමු.

                                                              ඒ.එම්.එම්. මුසම්මිල්

සම ලේකම්

කදුකර මුස්ලිම් සමු\ව

2012/03/18 වැනි දින දිවයින පුවත්පතේ පල කල ලිපිය…..

September 18, 2012 / මාධ්‍යවේදියා

පුජ්‍ය පැල්පොල විපස්සි හිමියන් හා කරන ලද සම්මුඛ සාකච්ඡාව

 2012-05-20 දින  නවමණි පුවත්පත වෙනුවෙන් පූජ්‍ය පැල්පොල විපස්සි හිමියන් හා කරන ලද සම්මුඛ සාකච්ඡාව

සෑම ජාතිකයෙකුම ලේ නෑයෙක් වේ. ආගමිකව බැඳීම යහපත් ක්‍රියාවක් නොවේ.

පල්ලිය හා පන්සල් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවයක් තිබේ.

                                                                                                  පැල්පොල විපස්සි හිමි 

පල්ලි හා පන්සල් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් තිබේ. ආගමික ප්‍රශ්ණ ඉස්මතු වන අවස්ථාවන් වල එය නිරාකරණය කිරීම සඳහා මධ්‍යස්තව හා වගකීම් සහිතව කල්පනා කළ හැකි, සෑම ආගමක්ම නියෝජනය කරන ඉහළ පෙලේ සංවිධානයක් පිහිටුවීමට අවශ්‍ය බව ජපානයේ සර්ව ආගමික සංගමයේ සභාපති හා ලෝක සාම බෞද්ධ විහාරයේ පැල්පොල විපස්සි සංසදයේ සභාපති හා බුද්ධ ශාසන අමාත්‍යතුමාගේ ජාත්‍යන්තර කටයුතු සඳහා සම්බන්ධීකාරක හා උප සභාපති හා අනුශාසක වන පැල්පොල විපස්සි හිමියන් පැවසීය. කෙටි කාලීනව දිවයිනට වැඩම කර සිටින පැල්පොල විපස්සි හිමි ආගමික සහසම්බන්ධතාවය පිළිබඳ 2012-05-20 පලවූ නවමනි පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනයයි මේ.

ප්‍රශ්නය :-         ශ්‍රි ලාංකිකයන් අතර සහසම්බන්ධකම් කෙසේ පවතිනවාද?

උත්තරය:-        ලෝක සිතියමේ ශී්‍ර ලංකාව දෙස බලන විට පුංචි හාල් ඇටයක් තරම් පුංචියට පෙනෙන රට ශ්‍රි ලංකාවයි. මෙම රටේ ප්‍රධාන වශයෙන් බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික ආගම් තිඛෙනවා. එහි මුස්ලිම් ජාතිකයන් අතර සිංහල මුස්ලිම්වරු වශයෙන් කොටසක් සිටිනවා. එවගේම කතෝලික ද්‍රවිඩ අයත් සිටිනවා. කතෝලික සිංහල අයත් සිටිනවා. මෙවැනි සෑම සමාජයක් අතරම විවාහක සම්බන්ධකම්ද තිඛෙනවා. මේ රටේ සෑම කෙනෙක්ම නෑකම් සම්බන්ධතාවයකින් බැඳී සිටිනවා. අපි කවුරුත් ලේ නෑකමකින් එකිනෙකා සම්බන්ධ වී සිටිනවා. මේ අය ආගම් අනුව ඛෙදීම යහපත් කි්‍රයාවක් නොවේ. ලේ නෑකම ඉතා වැදගත් වේ.

ප්‍රශ්නය :-         ආගම් අතර සම්බන්ධතාවයන් කෙසේ පවතිනවාද?

උත්තරය:-        ශ්‍රි ලංකාවේ ආගම් අතර, ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවතිනවා. ඉද හිට යම් යම් සුළු මතභේද ඇතිවන අවස්ථාවන්ද තිඛෙනවා. මෙවැනි ප්‍රශ්නයන් මතුවන අවස්ථාවන් වල අන්තවාදි ලෙස එම ප්‍රශ්නයන් දිහා නොබැලිය යුතුයි. යම් දෙයක් ඇති වීමට යම් කිසි කාරණයක් තිබිය හැක. එම හේතු නිසියාකාරව සොයා බලා සාකච්ඡා මාර්ගයෙන් එය විසඳාගත යුතුයි. ආගමික ප්‍රශ්ණ මතු වන අවස්ථාවේ ආගමික නායකයන් හරහා එම ප්‍රශ්න නිරාකරණය කිරීම අවශ්‍ය වේ. දේශපාලනික මැදිහත් වීමකින් තොරව එම ප්‍රශ්ණ විසඳිය යුතුයි.

දඹුල්ලේ පූජා භූමි ප්‍රශ්නය පිළිබඳව රජයට ලිපි කිහිපයක් මගින් දන්වා තිබුනත්, එයින් ඵලක් නොවීය. එම හේතුව නිසාම මෙම ප්‍රශ්නය දුර දිග යාමට හේතු වුනා. ඉනාමළුවේ හිමි වීදි බැසීමට හේතුවූවද මෙයයි. අපේ රටේ ආගම් බේද ඇති වීම ඉතා අඩු මට්ටමකයි පවතින්නේ. සියළුම ප්‍රදේශවල පල්ලි හා පන්සල් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවයන් තිඛෙනවා.

මොහිදීන් බේග් මහතාගේ බෞද්ධ ගී නොමැති නම් වෙසක් තොරන් හෝ දන්සල් ද නැත. කියන තත්වය අද උදා වී තිඛෙනවා. එතුමාගේ ගී බෞද්ධ බන පොත් වගේය. බෞද්ධ දේශනා 100 ක් එතුමාගේ ගීත වලට සමාන කළ හැකි වේ. එතුමාගේ ගී අර්ථාන්විතයි. එනම් එයට බෞද්ධයන් මුස්ලිම්වරුන්ට ස්තූති පිදිය යුතුයි.

ප්‍රශ්නය :-         දඹුල්ල සිදුවීම් වැනි සුළු සුළු සිදුවීම් අනාගතයේ සිදු නොවීමට  ඔබ වහන්සේගේ උපදෙස් මොනවාද?

උත්තරය:-        එවැනි සිදුවීම් යලි යලි සිදු නොවීමටනම් සෑම ආගමක්ම නියෝජනය වන පරිදි ඉහළ පෙලේ සංවිධානයක් පිහිටු විය යුතුයි. මෙයට ආගම් පිළිපදින, ආගම් වලට ගරු කරන නියෝජිතයන් පත් කළ යුතුයි. එතුළින් මෙවැනි ප්‍රශ්ණයක් මධ්‍යස්ථව සොයා බලා සාධාරණව ප්‍රශ්ණ විසඳාගත හැකිය. සෑම ආගමක් දිහාම කරුණාවෙන් බලන අය මෙයට පත් කළ යුතුයි.

ප්‍රශ්නය :-         මේ රට වැසියන් හට ඔබ වහන්සේ ලබාදෙන අනුශාසනා කුමක්ද?

උත්තරය:-        ශී්‍ර ලංකාව ඉතා කුඩා රටක්. බේද ඇති කර ගෙන අපට ජීවත් වීමට නොහැක. මහ ජාතින් හා සුළු ජාතින් කියන භේදය අපට කිසිසේත්ම අවශ්‍ය නැත. අපි කවුරුත් ශී්‍ර ලාංකිකයන්. සෑම කෙනෙක්ම එකිනෙකා කෙරෙහි ගෞරව කළ යුතුයි. අන් අයගේ භාෂාවට ගරු කළ යුතුයි. දහස් ගණන් භාෂාවන් මේ ලොකේ තිඛෙනවා. ඉන්දියාවේ හිංදු පවුලක ඉපදුනු බුදු රජානන් වහන්සේ ජාතිකයට අයිතියක් නොමැති පාලි භාෂාවෙන් තමන්ගේ ධර්මය දේශනා කළා. කහටත් අයිතිවාසිකම් කියන්නට නොහැකි භාෂාවක් බුදු රජාණන් වහන්සේ තෝරා ගත්තා.

වැරදිලාවත් හින්දි භාෂාවෙන් ධර්මය දේශනා කර තිබුනේ නම් අද හින්දි වැසියන් බුදු රජානන් වහන්සේ තමන්ගේ යැයි අයිතිවාසිකම් කියන්නට පිළිවන. සෑම කාරණයකදීම අන් ආගම් අගය කළ යුතුයි. බෞද්ධයන් හට තිඛෙන සෑම අයිතිවාසකම අන් ආගමිකයන්ටත් තිඛෙන බව වටහ ගත යුතුයි.

ප්‍රශ්නය :-         දඹුල්ල ප්‍රශ්නයට මොන වගේ විසඳුමක් ද යෝජනා කළ හැක්කේ?

උත්තරය :-       ඉතා සුළු ප්‍රශ්නයක්. නායක හාමුදුරුවන්ට රජය මගින් පූජා භූමිය පිළිබඳව නිසි ප්‍රතිචාරය දක්වා තිබුනානම් මෙම ප්‍රශ්නය ඇති නොවීමට තිබුනා. මෙය මුස්ලිම්වරුන්ට එරෙහි කි්‍රයාවක් නොවේ. පූජා භූමි සංවර්ධන වැඩසටහන කි්‍රයාත්මක කරන්න කියලයි ඉල්ලන්නේ. 1957 වර්ෂයේ අනුරාධපුර නගරය පූජා භූමියක් වශයෙන් ප්‍රකාශ කළ අවස්ථාවේ එහි තිබුනු කි්‍රස්තියානි දේවස්ථානය, එවකට අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ උපදෙස් අනුව එම ප්‍රදේශයෙන් එය ඉවත් කර වෙනත් ස්ථානයක එය පිහිටෙව්වා. එවකට දිසාපති වශයෙන් සිටිය නිශ්ශංක විජේරත්න මහතා කි්‍රස්තියානු නායකත්වය සමග සාකච්ඡා කර පූජා භූමි ප්‍රදේශයෙන් පිටත එය ස්ථාපිත කිරීම සඳහා රජය ප්‍රතිපාදන ලබා දී අවශ්‍ය කටයුතු කළා. ඉතා සාමුහිකව මෙම ප්‍රශ්නය විසදුවා.

ප්‍රශ්නය :-         ශී්‍ර ලංකාවේ දහස් ගණන් ආගමික ස්ථාන ඉදි කර තිබුනත් දිනෙන් දින අපගේ හැදියාව පසු බෑමකට ලක්ව තිඛෙනවා නේද?

උත්තරය :-       මේ රටේ පන්සල්, පල්ලි, කෝවිල්, දේවස්ථාන ඉතාමත් වැඩියි. සමහර පන්සල් හාමුදුරුවන් නොමැතිව වසා තබා ඇත. තව තවත් ආගමික ස්ථාන ඉදිකිරීමට වඩා මනුෂ්‍යයන් අතර එකමුතු බව හා බැඳීම් ගොඩ නැංවිය යුතුයි. පාරවල් වල බුදු පිළිම තනා බුදු රජානන් වහන්සේට අගෞරව කරනවා. මාˆ කඩවල් හා මස් කඩවල් අසළ බුදු පිළිම තනා, බුදු පිළිමට අසළ මාˆ කඩ හා මස් කඩ පිහිටා ඇති බව චෝදනා නගනවා. ඒ වගේ දකින දකින තැන් වල බුදු පිළිම තැනීම සඳහා අවසර නොදිය යුතුයි. බුදු පිළිම වල නිදන් කර වටිනා ආභරණ, උපකරණ තිඛෙනවායි කියමින් පිළිම වහන්සේලා දෙනමකගේ සිරස රැගෙන ගියා. බුදු පිළිමයන් අපගේ හිත් තුළ තිබිය යුතුයි. බුදු රජානන් වහන්සේ ජේතවනාරාමය පිටුපසට පිහිටා තිබුනු ඌරු කොටුව ඉවත් නොකර දිගටම පවත්වාගෙන යාමට අනුමත කළා. මෙවැනි පූර්වාදර්ශයන් අපිද පිළිපැදිය යුතුයි.

ප්‍රශ්නය :-         ජාතිවාදිව හැසීරීමට පොළඹවන අය සඳහා ඔබ වහන්සේගේ උපදෙස් අනුශාසනා කුමක්ද?

උත්තරය:-        අප රටේ අවුරුදු 30 ක කාලයක් පැවතුනු බිහිසුනු යුද්ධය නිසා හඩා වැලපී ජීවත් වූ කාලය දැන් අවසන් වී තිඛෙනවා. බයෙන්, භීතියෙන් තොරව ජීවත් විය හැකි අවස්ථාවක් දැන් උදා වී  තිඛෙනවා. අපි කවුරුත් සමාදානයෙන් ජීවත් විය යුතුයි. සාමය නැති කිරීමට සමහරුන් වෙර දරනවා. එයට අපි කවුරුත් නොපැටලිය යුතුයි. රටේ 90 වැනි පුරවැසියන් ඉතා හොඳ අය වේ. 10 වැනි සුළු පිරිසක් විනාශකාරී හා ජාතිවාදි කි්‍රයාවන් වල යෙදෙන අය වේ. රටවැසියන්ගේ සාමය නොකැඩන ආකාරයට තමන්ගේ කථාවන් හා කි්‍රයාවන් ගැන වගබලා ගත යුතු බව මෙරටේ දේශපාලකයන්ගෙන් මා ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය :-         මේ රටේ මුස්ලිම්වරුන්හට ඔබ වහන්සේ ලබා දෙන පණිවුඩය කුමක්ද?

උත්තරය :-       මුස්ලිම් ජාතිකයන් කවදත් ප්‍රශ්න නොකර සාමයෙන් ජීවත් වන අය වේ. ඔවුන් හට සුපුරුදු පරිදි ආගමික කටයුතු කර ගෙන යාමට කිසිම බාධාවක් හා ප්‍රශ්නයක් ඇති නොවන බව මා වගකීමෙන් කියා සිටිනවා. මුස්ලිම්වරුන්ට අසාධාරණයක් සිදුවීමට අපි කවදත් ඉඩ තියන්නේ නෑ.

නවමණි පුවත්පත වෙනුවෙන්

සාකච්ඡා කලේ :එන්.එම්. අමින්

සිංහල පරිවර්ථනය :- අබු ශිෆා.

August 15, 2012 / මාධ්‍යවේදියා

දැරියක් ව ඝාතනය කරයි-වැලිගම ප්‍රදේශයම උණුසුම්

වැලිගම කොට්ටෙගොඩ ප්‍රදේශයේ දැරියක අති අමානුෂික ලෙසින් හිසට එල්ල කල උදලු පහරකින් ඝාතනයට ලක්වේ .ෆාතිම අෆ්රා නමැති පස් හැවිරිදි දියණියක් මෙලෙස ඝාතනයට ලක්වී ඇත. මෙය හේතු කොටගෙන ප්‍රදේශයේ යම් නොසන්සුන් තාවයක් අති වීම හේතුවෙන් පොලිස් සහ හමුදා ආරක්ෂාව තර කර ඇත .

එම දැරිය තවත් දැරියක් සමග සෙල්ලම් කරමින් සිටින අතර එම ප්‍රදේශයේ සිටි තරුණයෙක් දැරියට උදැල්ලකින් හිසට පහර දී ඇති අතර අනික් දැරිය එම ස්ථානයෙන් පලා ගොස් පවුලේ උදවිය දැනුවත් කොට තිබේ , එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් එම මිලේච්ච ඝාතකයාව පලායාමට නොදී ඔව්න්ගේ බාරයට ගෙන ඉන් පසු පොලිසියට බාරදී තිබේ.
August 3, 2012 / මාධ්‍යවේදියා

කැලිෆෝනියානු ආයතනක් විසින් නිපැදවූ නව පාවහනක බුදු රජාණන් වහන්සේගේ රෑපය

කැලිෆෝනියානු ආයතනක් විසින් නිපැදවූ නව පාවහන් මාදිලියක බුදු රජාණන් වහන්සේගේ ප්‍රතිරෑපය ඇතුලත්කර තිබේ. මෙයට බුදු දහම පිළිපැදින තිබෙත් හා බූතාන බෞද්ධ ජාතිකයන් තම දැඩි විරෝධතාවය පලකර තිබේ.
ඇමෙරිකා කැලිෆෝනියාවෙහි පිහිටි අයිකන් ෂූස් නැමති ආයතනය විසින් මෙලෙස බුදු රජාණන් වහන්සේක ප්‍රතිරෑපය සමඟ නව පාවහන් මාදිලියක් ඉදිරිපත්කර තිබේ. මෙයට බුදු දහම පිළිපැදින ජනතාවගෙන් දැඩි විරෝධතාවය එල්ලවී තිබෙන අතර එම ආයතනයෙහි ෆේස්බුක් පිටුවෙහිද හෙලාදැක්මේ පුවත් පලවෙමින් තිබේ.

මේ සම්බන්‍ධයෙන් පූසුං සෙරිං නැමති තිබෙත් ජාතිකයා ෆෙස්බුක්හි පවසා සිටියේ. බුදු දහමට අනුව බුදු රජාණන් වහන්සේගේ ප්‍රතිරෑපයටද ගෞරවය කරන්නෙමු. එම බුදු රජාණන් වහන්සේගේ ප්‍රතිරෑපය පාහනක දමා තිබීම බුදු දහම පිළිපැදින ජනතාවට අවමන්කරන ක්‍රියාවකි. එමෙන් මෙලෙස ඔබලා විසින් ඉදිරිපත්කරන ලද පාවහන් වහාම ආපසු ලබාගන්නයි ඉල්ලා තිබේ.

නමුත් මේ සම්බන්‍ධයෙන් එම ආයතනය විසින් කිසිම ප්‍රතිචාරයක් නොදක්වා සිටියි. මීට පෙරද ඇමෙරිකානු ආයතනයක් බීර වර්ගයකට හින්දු දෙවියකු වන කාලි දෙවියාගේ නම සඳහන් කරතිබීමෙන් දැඩි අර්බුදකාරි තත්වයක් ඇතිවීම විශේෂත්වයකි.